කවි සිතක් ලඟ නිවී සැනහී ගෙවුණු කාලය සිහිනයක්...
සවි අරන් හදවතින් ගෙත්තම් වුණා ලස්සන පද වැලක්....
ආල බස් ළඟ නොබී මත් වුණ නුඹත් මට මත්ද්‍රව්‍යක්....
දිවි තුරා ඔබ ළඟ ම ඉන්නම් තුරුළු වී උණුසුම මැදින්...
ජීවිතේ එක් කටුක ඉමක දි සවිය විලස ට හමුවුනා....
මටත් නොදැනි ම නුඹ ඇවිත් මහ පෙමක ගං ඉම පසුකලා....
දෙඩිලි කෙඳිරිලි ආල බස් ළඟ හෝරාව දෙක ගතවුණා.....
අපට නොදැනි ම ආල පන්හිඳ කවියකින් සිත්තම් කලා....
ලියා කවි පද විනිවිදින විට කුමට ලජ්ජාවෙන් බලා...
නීල දෙනයන වසඟ වූ රුව නුරා ප්‍රේමය ගවසලා....
හීන් සීරුවේ දෑස කියනා රාග ගින්දර තේරිලා...
නොතේරුම් සේ ඉන්නේ කොහොමද අපි අපේ වඟ දිව්රලා.....
ආලයෙන් සිපගත්ත තැන්වල ගතින් ගත බැඳ ලංවෙලා...
හදේ රිද්මෙට තබා පියවර අපේ ලොව අප හැඩ කලා...
හීන ගෙත්තම් කරන පෙම්කව හෙමින් ලෝකෙ ට හෙළි කලා....
ජීවිතේ කව ලියාගෙන යන ගමන නුඹ වෙත පේ වුණා ....
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
❤❤
ReplyDelete��✔️☑️
ReplyDelete☑️✔️❤
ReplyDeleteGood luck and best wishes
ReplyDelete