" සඳු මහත්තයා... මම ඇතුලට එන්නද... "
ඇහෙන නෑහෙන ගානට දොරට තට්ටුවක් දාපු කෙල්ලගෙ හීන් හඩ ඇහෙද්දි මං උන්නෙ නෑහුන ගානට.. ඒ හඬ ඇහෙන තප්පරේටත් ගැහෙන්න හදන මගෙ හිත ගැනත් මට තිබුනෙ ලොකු කේන්තියක්..
" සඳූ මහත්තයා... මහත්තයාගෙ කිරි එක නිවෙනවා..."
කෙල්ල ආයෙම දොරෙන් එහා පැත්තෙ ඉදන් තට්ටු දාද්දි මට තවත් ඇදට ගුලිවෙලා ඉන්න හිතුනෙ නැ.. කම්මැලිකමින් ඇදෙන් බැස්ස මංදොර ගාවට ඇවිදන ආවා.
" මහත්....තයා...."
ඇරුන දොර අස්සෙන් මං මුලින්ම දැක්කෙ බිමට වැටෙන්න ඔන්න මෙන්න තිබුන ඒ බෝල ඇස් දෙක... ඒ ඇස් නැවතිලා තිබුනෙ ටී ශර්ට් එකක්වත් නැති මගෙ නග්න පපුවේ.. කිරි වීදුරුව අල්ලන් ඉන්න අත් දෙක වෙව්ලනවද මංදා.. කෙල්ල උන්නෙ බය වෙලා.. උනේ මොකක්දකියලා යන්තමට මට ඒත්තු යද්දි මගෙ මූනට ආවෙ මහ කැත හිනාවක්..
" ඕක අරන් ඇතුලට එනවා.."
මං කියද්දි ඒ ඇස් තව ලොකු උනාද මංදා.. වැටෙන්න ඔන්න මෙන්න තියෙන ඒ ඇස දිහා මං බලන් උන්නා.. ඇතුලට අඩියක්වත් නොත්යා දොර ලග හිටන් ඉන්න කෙල්ලගෙ මූනටම එබෙද්දි කෙල්ල තව ටිකක් පස්සට පැන්නා..
" ඇතුලට එන්න කිව්වම එන්නැතුව ඉන්නෙ.. ඇදලා අරන් දොර වහගන්නද..."
මං කියද්දි අහිංසකාවි ගැස්සිලා යන හැටි හොදටෝම දැක්කා.. ඒත් මට දැනුනෙ දුකක් නෙවේ... මහ ලෝබකමක්..
" මේක ගන්න මහත්තයා.. ලොකු නෝනා දැක්කොත් මගෙ රස්සාවත් ඉවරයි..."
ඒ වෙව්ලන බටිති තොල් පද්ද පද්ද කියද්දි මට හිතුනෙම ඇදලා අරන් පපුවට හේත්තු කරගන්න... මොහොතකට ඒ දෙතොල මගෙම කරගන්න.. ඒත් දඩබ්බර මගෙ හිතට මමම තරවටු කරන් කිරි වීදුරුවට අත තිබ්බේ ඒ වෙව්ලන අතත් යන්තමට අල්ලන ගමන්..
දැනුනා.. කෙල්ලව තව තවත් ගැස්සිලා ගිය හැටි දැනුනා.. අයිස් කුට්ටියක් තරමට සීතල වෙලා තිබුන ඒ අත මතට වැටුන මගෙ උනුසුම් අතේ පහසට පුංචි කෙල්ල වෙව්ලන හැටි මං දැක්කා... ඒත් තප්පර ගානක ප්‍රමාදයත්වක් නැතුව කෙල්ල අත ඇදලා ගද්දි හැලෙන්න ගිය කිරි එක අල්ල ගත්තෙ හරි අමාරුවෙන්..
" පුච්චන්නද හදන්නෙ.. අත පන නැද්ද..."
" ස..මා වෙන්න මහත්තයා... මං.. මං හිතුවෙ මහත්තයා අල්ල ගත්තා කියලා..'
" අල්ලගත්තනම් කිරි එක ඉහිරෙයිද.. "
මං ටිකක් සැරෙන් කියද්දි ආයෙමත් අර වීදුරු පාට ඇස් උස්සලා මං දිහා බලපු කෙල්ල ඔළුව බිමට නවාගෙන මං ගාවින් දිව්වෙ කෙල්ලගෙ සුවඳ විතරක් මං ගාව ඉතුරු කරලා...
" උඹ මාව පිස්සු වට්ටනවා කෙල්ලෙ.. දවසින් දවස මොකක්ද මේ වෙන්නෙ මට..."
අතේ තිබුන කිරි වීදුරුව දිහා බලන් මම මිමිනුවා... ඇත්ත... ටිකක් නෙවේ මේ කෙල්ල මාව පිස්සු වට්ටලා තියෙන්නෙ.. හුස්ම හිර වෙන තරමට මාව පිස්සු වට්ටලා... වගකීම් සහගත පිරිමියෙක් කියන එක මට අමතක වෙන්නම මාව පිස්සු වට්ටලා..
සඳුල් සහස්‍ර හංසගිරි වෙච්චි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයගෙ ගල් හිත උනු කරලා දාන්න මේ පුංචි කෙල්ලට පුළුවන් වෙලා.. මට මාව අමතක වෙලා ගිහින්.. මගෙ තත්වෙ අමතක වෙලා ගිහින්... ඒත් එකම එක දෙයක් දන්නවා... ඒ මගෙ පිරිමි පපුවෙ අස්සක් මුල්ලක් නෑරම මේ පුංචි කෙල්ල පහුරුගාලා.
………………………………………………………………………………………………………………………………
" සඳුල්.. මොකක්ද මේකෙ තේරුම ආහ්.. ඇයි ඔයා එන්ගේජ්මන්ට් එක පෝස්ට්පෝන් කරන්න හදන්නෙ..."
මගෙ වෙන්න ඉන්න මනාලිය... මාධවී සුභසිංහ කිටවද්දි මං උන්නේ ඒ කිසි දෙයක් නෑහුන ගානට... මාධවී සුභසිංහ... සුභසිංහ ගෘප් ඔෆ් කම්පනි ඕනර් දනුෂ්ක සුභසිංහගෙ එකම දුව... බිස්නස් මැරේජ් එකක්.. අපේ සිද්ද වෙන්න යන මැරේජ් එක ගැන එහෙමයි හිතුනෙ.. ඒත් මට ඕන උනේ නැ මැරි කරන්න.. මාධවීවනම් කොහොමටවත් ඕන උනේ න..
" කන් ඇහෙන්නැද්ද සඳුල්.. මොකක්ද වෙලා තියෙන්නෙ.."
මාධවීගෙ කරච්චලේ... මට එහෙමයි හිතුනෙ.. තවත් සතියකින්වෙන්න තිබුන එන්ගේජ්මන්ට් එක මම කල් දාන්න ඕන කියද්දි මාධවීගෙ මේ කන්කරච්චලේ නැතිවෙච්චි නැති තරම්.. ඒත් හිතට එකඟව මට මේ කසාදෙ කරන්න ඕන උනේ නැ.. මොකද මගෙ හිත පුරාම අඩිතියන ඒ අහිංසක ඇස් මැවිලා පේන්න ගද්දි වෙන කෙනෙක්නම් ඕනම නැ..
" අපි තාම හරියට අඳුරගෙනවත් නැ මාධවී.. ඒ නිසා ටිකක් කල් ගමු..."
" තවත් මොනා අදුනගන්නද සඳුල්.. ඇරත්.අපේ පේරන්ට්ස්ලා ඕනටත් වඩා අදුරගෙන තියෙන්නෙ.."
මාධවී කියද්දි මං මාධවී දිහා බැලුවෙ කේන්තියෙන්.. ඇත්ත.. අපේ දෙමව්පියො අඳුරනවා.. සෑහෙන කාලයක් තිස්සෙ අදුරනවා.. ඒත්.ඒ ඇදුනුම්කම ඇතිද...
" එයාලා අදුනගත්තට අපි තාම හරියට අදුනගෙන නෑ මාධවි.. ඇරත්.මැරි කරන්නෙ අපි දෙන්නා මිසක අපේ පේරන්ට්ස් ලා නෙවෙයි..."
මාධවීට කියන්න පුළුවන් උපරිම සංයමයෙන් කියපු මම ඉදන් උන්නු තැනින් යන්න නැගිට්ටා... ඒ හා සමානව මගෙ ඇස්නැවතුනෙ අපි දිහාවට ඇවිදන් එන කෙල්ල දිහාවට.. ලෝබයි මට... ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති තරම් මට.. දිගම දිග කොන්ඩේ.. තනි කරලකට ගොතලා.. රෝස පාට චීත්ත ගවුමක් ඇදන්... අඩි තියන්නෙ පොලොවට නොදැනෙන ගානටද මංදා... මට මොහොතකට අමතක උනා.. මාධවී මං ගාව කියන එක මට අමතකමවෙලා ගියා.. මං බලන් උන්නෙ හරි හිමිහිට අඩිතිය තිය ට්‍රේ එකත් උස්සන් එන කෙල්ල දිහා..
" සඳුල්... "
මාධවී කතා කරද්දි ගැස්සුනා මාව... මොකද මගෙ මුළු අවධානෙම කෙල්ල ගාව නිසා.
" ඔයාගෙ වෙනසට හේතුව මේ සර්වන්ට්ද.."
සත්තයි ගැස්සුනා මාව... දෙතුන්පාරකට මගෙ පිරිමි හිත ගැස්සිලා යද්දි මං එහෙම්මම වාඩි වෙලා මාධවී දිහා බැලුවෙ බය වෙලා වගෙ.
" ඔයාගෙ මොලේ හොද නැද්ද මාධවී... සර්වන්ට් කෙනෙක්ට ආදරේ කරන්න මට මොකක්හරි ලෙඩක් කියලාහිතුවද..."
ලඟටම ඇවිදන් ආපු කෙල්ලගෙ සවන්කුහර අස්සෙන් මගෙදරදඩු වචන එක තප්පරේට රිංගන්නඇති කියලා මට දැනුනා.. මොකද ඒ අතේතිබුන ට්‍රේ එක ගැස්සෙන හැටි මං දැක්කා... හිත පිපිරෙන තරම් වේදනාවක් දැනුනා මට...
" ඒ උනාට ඔයාගෙ ඇස් කියන්නෙ ඒ කතාව නෙවෙයි සඳුල්... මට කමක් නෑ ඔයා සර්වන්ට් එක්ක මොන මගුල නැටුවත්.. හැබැයි අමතක කරන්න එපා.. අපේවෙඩින්ග් එකට හැමදේම රෙඩි වෙලා ඉවරයි.."
හිතක් පපුවක් නැතුව මාධවීගෙ මුවින් පිටවෙන වචන මට හිතුනෙම මාධවීට දෙකක් අනින්න... කෙල්ලගෙ බෝල ඇස් රතට හැරෙන හැටි යන්තමට දැක්කත් මුකුත්ම කියාගන්න බැරි ගානට අසරනකමක් මට දැනුනෙ.. කෙල්ල වෙව්ලන දෑතින්ම ට්‍රේ එක අපි ගාවින් තියලා හරි ඉක්මනට අඩි තියලා යන හැටි මං බලන් උන්නෙ ඇස් කොනින්..
"මාධවී... තමුන් කැමති විදියකට කැමති දෙයක් හිතාගන්නවා... ඒත් මං තාම වෙඩින්ග් එකට තියා එන්ගේජ්මන්ට් එකටවත් රෙඩි නෑ.. ඒනිසා මට පාඩුවෙ ඉන්න දීලායනවා.."
මං නැගිට්ටෙ ඉක්මනටම කෙල්ලගාවට දුවන්න හිතන්.. මට ඕන උනේ ඒ බෝලඇස්වල කදුළු පිහන්න.. දන්නැ මං.. කියාගන්න නොතේරෙන දුකක් පපුවට දැනෙද්දි මං ගේ ඇතුලට දිව්වෙමොහොතකට මාධවී කියපු හැම කතාවක්ම අමතක කරලා...
………………………………………………………………………………………………………………………………
සංසලා මිහින්දි... මගෙ පිරිමිහිත පහුරුගාපු අහිංසකාවිගෙ නම... පිනි කැටයක් වගෙ.. අඬන්නඔන්න මෙන්න තියෙනඒ බෝල ඇස්... මොහොතකට මාව ගොලු කරලා දැම්මා.. පිරිච්ච කම්මුල්... රතට හුරු ඒ බටිති තොල්.. මට මාව අමතක වෙන තරම්... අපේ ගෙදර සර්වන්ට් කෙනෙක් උනේ කොහොමද.. දැක්ක පලවෙනි දවසෙම හිතුනෙ මට එහෙම... සර්වන්ට් නෙවේ... කොයි කව්රු උනත් මේ ඉන්නෙ සඳුල්ගෙ හිත අවුරුදු විසි නවයකටපස්සෙ හොලවලා දාපු පුංචි අහිංසකාවිය...
මංබලන් උන්නෙ කුස්සියෙ උලුවස්සට හේත්තු වෙලා.. සින්ක් එක පැත්තට හැරිලා මොනාදෝ හෝදනවා.. ඒ උරහිස් ගැස්සෙනවා.. කෙල්ල අඬනවද මංදා... මං හිමින් හිමින් අඩිතිය තිය කෙල්ල ගාවට කිට්ටු උනා... දැනුනෙ නෑ කෙල්ලට... මට හිතුනෙම මොහොතට කෙල්ලව තුරුළු කරගන්න... ඒ පිට මගෙ පපුවට හිර කරගන්න.. සිතුවිල්ලකට පමනක් සීමා නොවී මං හරිඉක්මනට කෙල්ලගෙ ඉන වටේ අත දාලා මගෙ පපුවට ඇදලා ගත්තා... තප්පර ගානක්ම කෙල්ලව වෙව්ලන හැටි මංදැක්කා.. හරියට දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ
" මොකද... ම්ම්.."
" අත්...තරින්න සඳුල් මහත්තයා.."
කෙල්ලගෙ හඬත් එක්කම වෙව්ලනවා... ඒ ගැහැනු ආත්මෙම පිරිමැදපු එකම පිරිමියා මම වෙන්නැති... පිරිමි ස්පර්ෂයක්වත් නොදැනුන ඒ ගෑනු ආත්මෙම වෙව්ලන හැටි මගෙ ඇස් දෙකටම පේනවා... කෙල්ලව ගැස්සෙන්නෙ ඒ තරම් බයෙන්..
" අල්ලගත්තෙ අතාරින්න නෙවේ.."
" අනේ... ලොකු මැඩම් දකියි.. මාව අතාරින්න..."
" මට බෑ.. මට ඕනි ඔයාව..."
ඒ සවන්පතක මගෙ දෙතොල නවත්තලා මං කිව්වා. කෙල්ලව ඇකිලිලා ගියෙ හරියට නිදිකුම්බා කොලයක් වගේ..
" අනේ එපා දෙයියනේ... අතාරින්නකො.."
කෙල්ලගෙ සීතලම සීතල අත් දෙක ඒ ඉනවටේ එතිලා තිබුන මගෙ අ් දෙක උඩින් තියලාකෙල්ල හැදුවෙ මගෙන් මිදෙන්න... දැනුනෙ පුදුම තරම් ලෝබකමක්... මං හැදුවෙ කෙල්ලව මගෙ පැත්තට හරවගන්න.. ඒත් බුරුල් උන මගෙ අත් දෙක ඒ අත් දෙකෙන්ම ඈත් කරලා දාලා කෙල්ල දුවන හැටි මං බලන් උන්නෙ හිනාවකින් මූන පුරෝගෙන...
" දැන්නම් මට උඹව ඕනමයි මැනික... උඹ මාව පිස්සෙක් කරලා..."
දෑතින්ම මගෙ හිසකේම ඇදගත්තු මං මටම කියාගත්තෙ පපුව පැත්තක් හිරිවැටෙනවා වගේ දැනෙද්දි..
………………………………………………………………………………………………………………………………
" සඳුල්... මොකක්ද මේ මාධවී කියන්නේ... මුන් එන්ගේජ්මන්ට් එක කල් දාන්න ඕන කියන්නෙ..."
තාත්තා මාව අල්ලගත්තෙ රෑ කෑම මේසේදි.. කකා උන්නු පාන් කෑල්ල පැත්තකින් තියලා මං තාත්තා දිහා බැලුවා..
" මට දැම්ම මැරිකරන්න බෑ තාත්තා.. ඇරත් මැරි කරන්න තරම් මාධවීව මං අදුනගෙන නෑ..."
" මැරිකරලා අදුන ගන්න බැරිකමක් නෑනෙ සදුල්.. හැමදේම ලෑස්ති කරලා කට උඩට ආවමද මැරි කරන්න බෑ කියන්නෙ.."
" මං රට ඉදන්ඇවිත් තාම සතියක්වත් නෑ තාත්තා.. අනේ මොකක්ද අප්පා මෙච්චර හදීසියෙ මට මැරි කරන්න කියන්නෙ.."
" සඳුල්..අමතක කරන්න එපා.. සුභසිංහගෙ උදව් අපිට ඕවම වෙලාව මේ.. අපේ බිස්නස් වැට උඩ තියෙන්නෙ... "
" තාත්තාකියන්නෙ කඩන් වැටෙන බිස්නස් එකක් නිසා මට නොදන්න කෙනෙක්ව මැරි කරන්න කියලද.. අනේ මටබෑ තාත්තා... "
මං කියද්දි ඒ ඇස්රකුසුවෙන හැටි මං දැක්කා..ඒත් මට මාධවීව මැරිකරන්න කොහොමටවත් ඕන උනේ නැ..
" සඳුල්... උඹ නටන්න ලෑස්ති වෙන්න එපා හරිද... උඹ හිතන්නෙ උඹ අරවැඩකාරි එක්ක නටන නාඩගම මං දන්නැ කියලද...මාධවී මට කිව්වා.."
" හහ්... කිව්වද... මරුනෙ.. ඒගමන අර සර්වන්ට්වත් අල්ලගෙනද... අනෙ තාත්තා මේ... කොහෙවත් ඉන්න වැඩකාර කෙල්ලොඑක්ක ලව් කරන්න මට කිසි උවමනාවක් නැ.. මාධවීට ඔළුවෙ අමාරුවක්ඇති..."
හිත.තිගැස්සුනත් මං කිව්වෙ තිගැස්සුන සිතුවිලි හංගගෙන..
" මං ඔය වයස පහු කරලා තියෙන්නෙ සඳුල්... මාව මාරයා නොකර ලෑස්ති කරගත්තු දිනේට එන්ගේජ්මන්ට් එක.ගන්න ලෑස්තිවෙයන්..."
තාත්තගෙ අවසන් තීන්දුව... මට දැනුනේ හැමදේම අවසානයි කියන එක... මගෙ.ආදරේ... මගෙ.කුළුදුල්.ආදරේ... ඒ ආදරේ විඳින්නත් කලින්ම ඒ ආදරේ දෙන්නත් කලින්ම මගෙ කකුල් දෙක ගාවම කඩන් වැටුනා හා සමාන වේදනවකින් මගෙ හිත පහුරු ගාද්දි මම නැගිට්ටා.. තාත්තා බලන් උන්නත්.මං තාත්තා දිහා එක බැල්මක්වත් නොතියා කාමරේට යන්න ගියේ වේදනාවෙන්...
………………………………………………………………………………………………………………………………
කිව්ව විදියටම තාත්තා හැමදේම ලෑස්ති කලා.. හරියටම තව දවස් තුනකින් මගෙ එන්ගේජ්මන්ට් එක.. මං උන්නෙ සිතුවිලිගොන්නක අතරමං වෙලා.. මට ඕන උනේ මේ හැම එකකින්ම පැනලා දුවන්න.. මගෙ.අහිංසකාවි එක්කම පැනලා දුවන්න.. තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය ගතවෙලා දවසින් දවස ලං වෙද්දි මට තවත් බලන් ඉන්න බෑ.. මගෙ අහිංසකාවි... මට එයාව අහිමි කරගන්න ඕන උනේම නෑ...
නිදන් උන්නු ඇදෙන් නැගිට්ටා මම... වෙලාව පාන්දර එකට කිට්ටු වෙලා... එහෙම්මම රූම් එකෙන් එළියට ආපු මම ගියෙ කුස්සිය දිහාවට.. කුස්සියටම අල්ලලා තිබුන කෙල්ලගෙ කාමරේට අනවසරයෙන්ම ඇතුලු උන මං ඇද දිහා බැලුවා... කෙල්ල ඇඳේවත් කාමරේවත් කොහෙවත් උන්නෙ නැ... මගෙ පපුවට දැනුනෙ අමුතු වේදනාවක්... පිස්සුවෙන් වගෙ මුළු කාමරේම ඇවිස්සුවා මං... කෙල්ලගෙ කියන්න තිබුන ඇල්පෙනිත්තක දෙයක් කෙල්ලගෙ කාමරේ තිබුනෙ නැ...
මට දැනුනෙ මට පිස්සු හැදෙන්න එනවා වගේ... මටත් නොකියම කෙල්ල යන්නගිහින්.. මගෙආදරේ කෙල්ල විඳින්න කලින්ම යන්නගිහින්... කෙල්ලගෙ ඇඳ උඩටම කඩන්වැටුන මං දෑතින්ම හිස බදාගත්තා...
" මැනික... දෙයියනේ උඹ මාව දාලා ගියෙ කොහොමද.. මගෙ මැනික... අනේ එක පාරක් මට කතා කරන්න තිබුනා කොහෙද ගියෙ මැනික.. කොහෙද ගියේ..."
ජීවිතේ පලවෙනි වතාවට මගෙ ඇස්වලින් කදුළු කඩන් වැටුනෙ හරියට වාන්දානවා වගේ.. නවත්තගන්න දැනන් උන්නෙ නෑ මං.. හිත පහුරු ගාන වේදනාව උහුලන්න දැනන් උන්නෙ නෑ මං.. ඉකි ගැහෙන්න එන වේදනාව හිර කරන්ම කෙල්ල හිස තිව්ව කොට්ටෙ මං මගෙ උකුලට අරන් ඉඹගෙන ඉඹගෙන ගියා...
තාමත්.දැනෙනවා මට.. කෙල්ල ලගින් විහිදුන ඒ මුදු සුවද මගෙ නාස්පුඩු අතරින් රිංගනවා තරම් දැනෙනවා මට... මගෙ ඇස්වල කදුළුවලට නිවනක් නැති වෙද්දි මගෙ ඇස් ඉබේම නැවතුනෙ කොට්ටෙ තිබුන තැන...
හතරට පහට නවපු පුංචි කොලකෑල්ලක් ගාවින් මගෙ ඇස් නවතිද්දි මං හරි ඉක්මනට කොලේ අතට ගත්තා... දැනුනෙ මගෙ අත් දෙකම වෙව්ලනවා වගේ...
හරි පරිස්සමට දිගෑරපු කොලේ උඩින්ම මම දැක්කෙ ඒ රවුම් අකුරු වලින් ලියවුන කෙල්ලගෙ අත් අකුරු... ආදරණීය සඳුල් මහත්තයා... කී පාරක්ද මංදා.. මං ඒ අකුරු පේළිය දිහා බලානම උන්නා...
" ජීවිතේ හුස්මක් හුස්මක් ගානෙ පහුරු ගාපු මගෙ මහත්තයා.. ටිකක් නෙවේ... උස අත්තක පිපිච්ච මගෙ මහත්තයට ආදරේ කලේ ටිකක් නෙවෙයි මම... අම්මා විතරක් ඉන්න දුප්පත් කෙල්ලෙක් උන මට... ඔයාගෙ ගෙදර සර්වන්ට් කෙල්ල උන මට මහත්තයගෙ.ආදරේ ඕනවටත් වඩා දැනුනා... ඒත් මහත්තයො.... ඔය ආදරේ විඳින්න පිනක් නෑ මට.... මගෙ අම්මා... එයාව වටිනවා මට... අහිමි කරගන්නබෑ මට මගෙ අම්මව....
මං දන්නවා... මහත්තයා මට මහ හුඟක් ආදරෙයි කියන්න මම දන්නවා... ඒ ආදරේ විඳින්න මේ පව්කාරිට පිනක් නෑ මහත්තයෝ.. මාධවී මැඩම් මහත්තයට ආදරෙයි... පටන් ගන්න යුග දිවිය සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
පරිස්සමට ඉන්න මගෙ මහත්තයො... මේ අසරනීට සමාව දෙන්න... හැමදාම මහත්තයා මගෙ පපුව කොනක හරි පරිස්සමට ඉඳිවි...."
බුදු සරණයි මහත්තයො... මං සංසලා...
ඒ රවුම් අකුරුවලින් ලියවිච්ච ලියවිල්ල පුරාම තිබුන කදුළුවල පැල්ලම් අදුනගන්න අපහසු උනේ නැ මට.. සිද්ද උන හැමදෙයක්ම අකුරක් නෑර තේරෙද්දි තවත් ඇස්කන් පියන් ඉන්න ඕන උනේ නැ මට... මගෙ කෙල්ලව නැති කරගන්න කීයටවත් ඕන උනේ නෑමට...
අතටම ගුලිඋන කෙල්ලගෙ ලියවිල්ලත් එක්කම ඇදෙන් නැගිට්ටා මම... මටත් කලින් මෙ සිතුවිලි ඉස්සර වෙද්දි හැමදේම එපා කියන තැන ඉදන් මං මගෙහැමදෙයක්ම අතැරලා යන්න හිත හදාගත්තෙ තව දුරටත් මට මගෙ කෙල්ලව අතැර ගන්න බැරි නිසාමයි...
………………………………………………………………………………………………………………………………
හරියටම එන්ගේජ්මන්ට් එකට තිබුනෙ පැය පහක් විතරයි... අත පය අකුලන් කාමරේට වෙලා ඉන්න හිත හදාගන්න බැරි උනා මට... මට ඕන උනෙ මගෙ කෙල්ල ගාවට දුවන්න. මොන ලෝකෙකින් හරි මගෙ කෙල්ලව හොයාගන්න...
එන්ගේජ්මන්ට් එකට බම්බු ගහන්න හිතන් මං කාමරෙන් එළියට ආවා.. හරියටම පාන්දර දෙකයි... ගෙදරින් කියලා කිසිම දෙයක් ගත්තෙ නැ මම.... රට ඉන්න කාලෙ හම්බ කරගත්තු සල්ලි ඉතුරු කරගත්තු ඩෙබිට් කාඩ් එක ඇරුනු කොට කිසිම දෙයක් ගත්තෙ නෑ මං...
පඩිපෙල බැහැගෙන ආපු මම පාරට ආවා... පා ගමනින්ම ටවුන් එකට ගියෙ හද්ද කළුවරේ.. ෆෝන් එකේටෝච් එලියෙන්... පැයක් ගත වෙන්න ඇති... ටවුන් එකට එද්දි... ඉදලා හිටලා යන බයික් ඇරුනු කොට පාරෙ වාහනයක් නැති තරම්...
මම ඇවිදගෙන ආවෙ බස් ස්ටැන්ඩ් එකට... එහෙම්මම නවත්තලා තිබුන බස් එකකට ගොඩ උනා මං.. තවත් පැයකින් අනුරාධපුරේට පිටත් වෙන බස් එකේ පිටිපස්සෙම සීට් එකේ කොනට වෙන්න වාඩි උනා... පර්ස් එක ඇදලා අරන් අතට ගත්තෙ කෙල්ලගෙ ලියුම් කෑල්ල... කීපාරක්ද මංදා... මගෙ ඇස් ඔහේ ඒ අකුරු දිගෙ දිව්වා.. ආයෙම මගෙ ඇස්වලට කදුළු පිරෙන්න මහ වෙලාවක් ගත්තෙ නැ... පපුව ගැලවෙන්න තරම් වේදනාවක් දැනෙද්දි හෙඩ් රෙස්ට් එකට හිස තියන් මොහොතකට උන්නා මම..
විනාඩි ගානක් ගත වෙන්න ඇති... මට මගෙ ලගින් දැනුනෙ හුරුපුරුදු සුවදක්.... මගෙ හිස් මුදුන මතට දැනුන හුරුපුරුදු ස්පර්ශයක්... තප්පරේට ඇස්පියන් ඇරිය මං දැක්කෙ මගෙ අහිංසකාවිය...
හීනයක්... නැත්තන් මායාවක්ද.. හිතාගන්න බැරි උනා මට... මං ඇහි පිල්ලම් ගහගෙන ගහගෙන ගියා... මගෙ අත ඒ කම්මුලක දැවටුනෙ ඉබේම..
" මැනික...."
" සඳුල් මහත්තයා... "
" හීනයක්ද දෙයියනේ මේ..."
මගෙ පිරිමි ඇස්වලින් කදුළු වැටෙද්දි මං ඇහුවෙ වෙව්ල වෙව්ල... කෙල්ලගෙ සීතලම සීතල අතැගිලි මගෙ කම්මුල මතින් නැවතුවා...
" ම්හු.. හීනයක් නෙවෙයි... මේ මම.. සංසලා..."
කෙල්ල කියද්දි මං කෙල්ලව මගෙ පපුවට ඇදලා අරන් හයියෙන් තුරුළු කරගත්තා.. විනාඩි ගානක් හුස්ම හිර වෙන තරමට කෙල්ලව තුරුළු කරගත්තා... ඒ මුළු මූනම දෝතට අරන් ඉඹගෙන ඉඹගෙන ගියා... හිතුනෙ හීනයක්කියලා... නෑ මේ හැබෑවක්.. මගෙ ආදරේ... මගෙපපුව පහුරුගාපු මගෙ ආදරේ මං ඉස්සරහා..
" ඔයා කොහොමද මෙතන මැනික... මං හිතුවෙ ඔයා මාව දාලම ගිහින් කියලා.."
" ගෙදරින් ආවෙ මං දැන් ටිකකට කලින් මහත්තයා... මහත්තයා කාමරේ ඉදන් මගෙ ලියුම කියවද්දිත් මං උන්නෙ කාමරේටම අල්ලලා තිබුන බාත්රූම් එක ඇතුලෙ.. මං මහත්තයා අඩන දිහා බලන් උන්නෙ.... ඕන උනේ මහත්තයා ගාවට ඇවිත් තුරුළු වෙන්න.. ඒත් හරි අසරන උනා මං..."
කෙල්ල කියද්දි මං ඒ මුණ ආයෙම සිප ගත්තා...
" මං ආදරෙයි මැනික... මහ හුගක් ආදරෙයි... මට නැති කරගන්න ඕන උනේ නෑ ඔයාව.. ඒකයි මං ආවේ...""
" මමත් ආදරෙයි මහත්තයා... මහත්තයා නොදන්න තරමටම මං ආදරෙයි..."
කෙල්ල කිව්වේ රතට හැරුන බටිති තොල් පද්ද පද්ද... මට තවත් ඉවසන්න පුළුවන් උනේ නෑ... හරි පරිස්සමට ඒ දෙතොල මගෙ කරගත්තෙ ඒ ඇස් ඉබේම පියවිලා යද්දිමයි..
………………………………………………………………………………………………………………………………
පැය හයක ගමනාන්තයකින් පසුව මම උන්නෙ අනුරාධපුර පූජා නගරයේ... මගෙ ලෝකෙ වටිනම වස්තුව මගෙ පපුවට ගුලිවෙලා හොදටෝම නිදි... ඒ පියවුන ඇස් දිහා මං මොහොතක් බලන් උන්නා.. කෙල්ලට දැනෙන නොදැනෙන තරමට ඒ හිස සිපගත්තු මං කෙල්ලව අවධි කලා..
" බහිමු.. අපි ආවා..."
" මහත්තයා..."
" ම්ම්ම්... මහත්තයා තමයි... කෝ බැහැලා ඉමු... මගෙ යාළුවෙක් ඉන්නවා මෙහෙ.. ඌ දැනටමත් ඇවිත් ඇති... ඔයාගෙ අම්මත් පරිස්සමට ඇති.."
මං කියද්දි කෙල්ලගෙ මූනට එළිය වැටෙන හැටි මං බලන් උන්නෙ ආසාවෙන්... ඒ නලල් තලය මත්තෙන් මගෙ දෙතොල තද කරලා කෙල්ලගෙ අතින් අල්ලගෙනම බස් එකෙන් බැස්සා මං.. එහෙම්මම බස් ස්ටෑන්ඩ් එකෙන් එළියට ආපු මං කෙල්ලත් එක්කම ගියේ ස්ටේෂන් එක පැත්තට... මං යද්දිත් මගෙ යාළුවා දිලංක ඇවිත්..
" අම්මෝ සඳා... මේද උඹ කිව්ව නෙළුම් පොහොට්ටුව..."
ඇත්තටම නෙළුම් පොහොට්ටුවක්.. මෙ කෙල්ල නෙළුම් පොහොට්ටුවක් තරමටම හැඩයි... දිලංක කියද්දි මං කෙල්ලව මං ගාවටම හිර කරන් ඔළුව වැනුවා..
" යමන්... හැමදේම රෙඩි කලා.. යකෝ මල් තියලා වැදපං.. පැය තුනට රෙඩිකලේ... අපේ ගෑනි බලන් ඉන්නෙ... යමන්..."
දිලංක ඉස්සර වෙද්දි මං කෙල්ලත් එක්කම දිලංක පස්සෙන් වැටුනා... තවත් පැයකින් කෙල්ල සදහටම මගෙ වේවි.. උහුලගන්න බැරි තරම් සතුටක් හිතට දැනුනෙ...
බස් එකේදි කෙල්ලට නින්ද ගියපු තප්පරේම මම කලේ දිලංක ඇමතුව එක... විවාහයට හැමදේම සූදානම් කරන්න කියලයි මං දිලංකගෙන් ඉල්ලුවේ... වදුරු කුනුහරුප කෝටියක් ඒ කටින් පිටවෙන්න ඇති.. ඒත් කිව්ව විදියට පැය ගානකින් දිලංක හැමදේම ලෑස්ති කරලා..
දිලංකගෙ ගෙදර සරසන්න පුළුවන් විදියට සරසලා.. බැලුම් බෝල එල්ලලා... නෙළුම් මල් වලින් ඒ මුළු සාලෙම සරසලා.. හිතාගන්න බැරි උනා මට... පැය ගානකින් කොහොමද මේ හැමදේම ලෑස්ති කලේ කියලා..
කෙල්ලගෙ ඇස් දිලිසෙන හැටි දකිද්දි මට දැනුනෙ පුදුම තරම් ආදරයක්...
" යමන්... තව පැයකින් රෙජිස්ට්‍රාර් එනවා කිව්වා.. මධූ කෙල්ලව ලෑස්ති කරයි.. උඹ යමන් මගෙරූම් එකට..."
" මධූ.. කෙල්ලව ලෑස්ති කරලා ගන්න... යන්න නංගි අක්කා එක්ක..."
දිලංක කෙල්ලව දිලංකගෙ වයිෆ්ට බාර දෙද්දි මං දිලංක එක්ක උගෙ රූම්එකටගියා..
" ගෙදර යකා නටනවා ඇති සඳා... උඹලගෙ තාත්තා පිස්සු වැටිලා ඇති.. කෙල්ලගෙ අම්මා පරිස්සමට නේද..."
" මාලකයට කිව්වා.. අම්මව ගනින් කියලා.. ඌ දැනටමත් අම්මා අරන් එනවා ඇති..."
අවුරුදුගානක් රට උන්නට මොකද මට උන්නා හොද යාළුවො ටිකක්.. වැඩක් කියන තප්පරේට හැමදේම රෙඩි කරන්න පුළුවන්.. අන්න ඒ නිසාම කිසිම කලබලයක් නැතුවම හැමදේම රෙඩි කරගන්න මට පුළුවන් උනා..
" මේ මගෙවෙඩිමට ඇඳපු ෆුල් සූට් එක... කෙල්ලටත් මධූගෙ ඩ්‍රෙස් එක මැච් වෙයි.. ලෑස්ති වෙලා වරෙන්.. කොහොමත් කෙල්ලව බැන්දට පස්සෙ තාත්තට උනත් මුකුත් කරන්න බෑනේ..."
ඇඳ උඩ දාලා තිබුන ෆුල් සූට් එක පෙන්නලා දිලංක කිව්වා.. දිලංක රූම් එකෙන් එළියට යද්දි මං බාත්රූම් එකට රිංග ගත්තෙ හිත යටින් පිනුම් ගහන තරම් සතුටකින්..
………………………………………………………………………………………………………………………………
මගෙ ඇස් අහකට ගන්න හිතුනෙ නෑ මට... සුදු පාට සාරියට රෝස පාටින් බතික් කරලා හැඩ දාලා තිබුන ඒ චාම් වෙඩින්ග් සාරි එක කෙල්ලට හොදටම මැචිං... ඒ කෙල සරසලා තිබුනෙ මුතු ඇමුනුව පොඩි මාලෙකින්.. කෙල්ලගෙ දිගම දිග කොන්ඩෙ බෙල්ල මුලට වෙන්න ගුලියක් ගහලා.. ඒ පැත්තකින් රෝස පාට පිපුන නෙලුම් මලක් රදවල... කෙල්ලගෙ සවන්පෙති චූටි සුදු පාට මුතු කරාබු යුගලකින් සැරසිලා..
ඇස් අහකට ගන්න හිතුනෙ නෑ මට... අතේ තිබුන නෙළුම් මල්වලින්ම සැකසුව මල් කළඹත් අතේ තියන් ඔළුව බිමටම නවන් උන්නු කෙල්ල දකිද්දි මට හිතුනෙ පපුවට ඇදලා අරන් හිරකරගන්න... ඒ නළල මත්තෙ සිපුම් තබන්න... මං මාවම පාලනය කරගත්තෙ හරි අමාරුවෙන්..
" අනෙ අම්මො යකො.. ඔය කෙල්ලව පන පිටින් අනුභව කරන එක නවත්තපං.. මෙතනින් එහාට උඹේ තමයි කෙල්ල.."
දිලංක සද්දෙට කියද්දි මධූත් කෙල්ල අල්ලගෙනම හිනා උනා.. කෙල්ලව ලැජ්ජාවටම රතුවෙලා.. යන්තම් තවරලා තිබුන වත්සුනු අස්සෙන්ම ඒ මූන රතුපාට වෙන හැටි පෙනෙද්දි කොහොම ඉවසන්නද..
" යමන්.. රෙජිස්ට්‍රාර් ඇවිත්... "
මධූ කෙල්ලව රෙජිස්ට්‍රාර් ගාවට අරන් යද්දි දිලංක මාත් එක්කම ආවා... අපි දෙන්නම එක ලගින් හිටගද්දි රෙජිස්ට්‍රාර් හැමදේම පටන් ගත්තා..
මං උන්නෙ සිහිනෙක අතරමං වෙලා... හිතාගන්න බෑ... මගෙ කුළුදුල් ආදරේ... මගෙ දකුනුපසින් හිටගෙන... මගෙ තුන්හිතම පහුරු ගාපු අහිංසකී... වෙව්ලන තොල් අතරින් ඒ පිටවෙන වචන නෑසෙන තරම් මට...
විවාහ සහතිකයට අත්සන් තබන ඒ වෙව්ලන අතැගිලි... කෙල්ල උන්නේ මේ කිසි දෙයක් විස්වාස කරගන්න බැරි තරමට තිගැස්සිලා කියලා පේන්න මේ ටික ඇති... මට දැනුනෙ පුදුමාකාර සතුටක්..
" අදින් ඇරඹෙන ඔබ දෙපලගෙ විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා..."
විවාහ සහතිකය අපි දෙන්නා අතට පත් කරද්දි මට දැනුනෙ ලෝකෙම ලැබුනා හා සමාන සතුටක්... සේයාවක් විතරක් වෙයි හිතුව මගෙ ආදරේ මගෙම වෙද්දි මට දැනුනෙ දරාගන්න බැරි තරම් ලොකු සතුටක්..
හෙමින් හෙමින් මගෙ පපුව පහුරු ගාපු මගෙ සේයාවි.... අද මේමොහොතේ ඉදන් මගෙ නේද කියලා දැනෙද්දි කෙල්ලව මගෙපපුවට හිර කරගත්තේ ඒ හිස් මුදුන මත්තෙ දෙතොල තද කරනගමන්මයි..
අවසානයි..
ප්‍රාර්ථනා බණ්ඩාර ❤