සිත්තම් සෙවීම

Sunday, August 6, 2023

සිරි ලංකන් වර්සන් විවාහේ...


 



විවාහයක මුලික අරමුන මොකක්ද ඇහුවොත් ගොඩක් අය නම් කියන්නෙ වර්ගයා බෝ කිරීම කියලා, ඒ කියන්නෙ ලැජ්ජාවට. දකුනු ආසියානු කලාපයේ නම් විවාහයේ මූලික අරමුන ලිංගික කාර්යයට අදාල බලපත්‍රය ලබා ගැනීම. අපේ සම්ප්‍රධායෙදි මේ කාර්‍යයට නීතියෙන් එකතුවෙලා...ලොකුවට මඟුල් එහෙම අරගෙන සරුවට සමරනවා...ඉතින් ඔහොම සමරලා විවාහ වෙලා මනමාලි යනවා මනමාලයාගේ ලගට...ඔන්න ඔහොම ගියාම තමයි කෙළිය පටන් ගන්නේ...බහුතරයක් නැන්දම්මලා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ මිනිහා යටත් කරගෙන..මිනිහා කරන පොඩි දේටත් ගිරිය පුප්පන් කෑ ගහන ගෑණියෙක්...යකෝ අවුරුදු 20ක් 30ක් අම්මට හදන්න බැරි වෙච්ච එකා ගෑණී හදයි කියලා බලාපොරොත්තු වෙනවා ඒ පවුලේ උදවිය...එහෙම හිතාගෙන ඔන්න ඉතින් පටන් ගන්නවා බලු පොර... බැදලා දෙන්නෙක් වෙනම ඉන්නවා කියන්නේ ඒක දැන් වෙනම පවුලක්...ස්වාධීන වෙන එක..තනියම තීරණ ගන්න එක උන්ගේ කැමැත්ත...බන්දලා දීලත් අරක කරපන්..මේක කරපන්..මෙහෙම කරපන් කියලා අණදෙන්න ඕනි නම්...අම්මපා ඇයි ඌව බන්දලා දෙන්නේ...ලංකාවෙ ගැනු හරිම මෝඩයි මහන්සිවෙලා ගෙදර එන මිනිහව පිලිගන්න තමන්ගේ විදිහට උත්සාහ කරන්නේ නෑ...එක එකාගේ කීම් වලට යටවෙලා...එක එක පදේට නටනවා...ඒ ගෑණි මිනිහව බැන්ද නම්...ඒ මිනිහා තුන් වේල කන්න දීලා...දෙන්න ඕනි සතුට දීලා..කොහොම හරි ගෑණිව බලාගන්නවා නම්...ආය මොකක්ද ප්‍රශ්නේ...උන් කොහොම කෑවත් අම්මා අප්පා නෙවෙයි ..වටේ ඉන්න උන්ටවත් ඒක ප්‍රශ්නයක් වෙන්න බෑ...මොකද ඒක උන්ගේ තීරණේ....

ඇයි යකෝ උන් කන්න දෙක එකක්ද.... 

දැන් ඔන්න ඔහොම ඉදලා ළමයෙක් හදනවා කියන්නකෝ...ළමයා බඩට ආව වෙලේ ඉදන් ඉතින් ඔන්න ප්‍රශ්න...පුළුවන් නම් අප්පත් සැක කරයි..එහෙව් රටක්නේ මේ සිරි ලංකාව...ළමයාගේ අයිතිය තියෙන්නේ අම්මට තාත්තට..මොකද උන් දෙන්නගේ අමාරුවටනේ ළමයා හැදුවේ..ඉතින්..ළමයාගේ වැඩ ටික කරගන්න එකත් උන්ගේ වගකීම...

නවීන දෙමාපියෝ බලන්නේ තමන්ගේ ළමයට හොද දේ කරන්නනේ...පෞද්ගලික රෝහල් තියෙන්නේ යන්න...සල්ලි තියෙනවා නම්...කැමැත්ත ඒක නම්...ගියාම මොකෝ..කාගේ කහනවටද...මේක එහෙම නෙවෙයි...උගත් උගත් කිව්වට නූගත් උන් වගේ මන්තරේ ජප කරන්නා වගේ..අපෝ ඕවා හොඳ නෑ...අපෝ ඕවට කවුද යන්නේ...ඇයි උන් දන්නේ නෑ ඒවගේ තියෙන හොදේ...හදන්නෙම කුණුකමට නිකන් දෙන එක ඇනගන්න...ඔය කොරේ නිකන් දෙන එව්වා තමයි කල් ඉකුත් වෙච්චයි..අරවයි මෙව්වවයි කිය කිය නිරපරාදේ ජීවිත විනාස කලේ...


ඉතින් ඔන්න ඕකයි කසාදෙක කරුමේ...මිනිහා කොච්චර හොඳ උනත් බැන්දේ අපරාදේ හිතෙන්නේ පවුලේ උදවිය හින්දා..නොබැඳ හිටපන් බං..ඕක මර උඟුලක් කියලා බැඳපු උන් කියන්නේ ඒ නිසා...දැන් ඉතින් බැදගත්තනම් බෙරේ ගහපන් පුතා කියන්නා වගේ...කොහොම හරි ඇදගෙන යමන්...

එක එකා එක එක ඒවා කියාවි..ගනන් නොගෙන ඉදපන්....ගෑණිට මිනිහා ළමයා ඉන්නවා නම්...මිනිහට ගෑණි ඉන්නවා නම්....ඕනී එච්චරයි සාර්ථක පවුලක් වෙන්න.... බල්ලෝ බිරුවට කදුපාත් වෙනවායැ බං... 🤣lol 



Wednesday, April 27, 2022

සඳේ මායම් උරුම සඳහට ම සාවිය ට...



සඳ ගාව දුක කියන දම් පාට තරුමල ට....

නෙවෙයි සඳ කුමරු හිමි ලස්සනම සාවිය ට...

දුක කියන තරු මලේ දුක සාවි ඇසුවාට...

සඳ දෙන්නේ නෑ සාවි මියැදෙනා හින්දාම....


නෙක පාට තාරුකා ඇවිත් රඟ පෑවාට....

සඳේ මායම් පාට දැක්කේම මහ රෑට....

හුස්ම සේ ලඟ ඉන්න සඳ මායමෙන් ඈට...

හිනැහෙන්න කියූ බව සඳ සාවි කීවාද....


පින්පාට හසරැල්ල සඳ රෑට පිදුවාට...

තරුවලට නෑ ඉඩක් සාවිටයි සඳ උරුම....

සසරේම පෙරසේම පැතු සඳ ලැබුණාම...

සාවිගේ සිනාවෙන් සඳේ හැඩ ලස්සනම....


සසරේම පැතූපෙම සඳට හිමි වුණාදෙන්...

දම්පාට තාරුකා දුර ඈත ගියාදෙන්....

මතු මතුත් සඳ සාවි සසරේම සරද්දෙන්...

අඳුර දුරලා ලොවට ආදරේ පුරද්දෙන්.....


පාරෝ ❤

Monday, April 25, 2022

සඳ සාවි පුරාවත...

 

සඳ සාවි ළඟම ඉඳ සිසිල තව ඉල්ලනා....

නුරා ඉල්පුණ සිතින් පෙම තවත් අයැදුණා....

රාගිකම හෝරාව සඳ නමට වෙන් වුණා....

රක්ත සායමෙන් ලවන් අගේටම තෙත් වුණා....


කී කතා නොකී බව ඇස්වලින් තේරුණා...

සුන්දරම සුයාමය යහන් සළු විසිරුණා...

නුදුන් නුයුනින් රාග ගින්දරක් ඇවුලුණා....

කිරිකෝඩු සිනාවට ප්‍රේමයත් මුසුවුණා....


නිවී ගිය පහන් සිළු යළි යළිත් දැල්වුණා...

සුළං කෝඩය වගේ දෙසිත් යළි ඉඟිකළා....

සංසාර පුරුද්දට සිව් දෙනෙත් යාවුණා....

සියක් භව සරන්නට හදවතින් දිවුරුවා....


අනන්තෙට දුර ගනින සඳ සාවි හිනැහුණා....

සදේ මායමින් ගත තව තවත් ලං වුණා...

ඇස් පිල්ලමක් ගානේ රැඳුණු පෙම එක් වුණා....

සදාතන පැතුම  හිත් පත්ලේම  ලියවුණා.....


පාරෝ ❤




Saturday, April 23, 2022

 ඔව්...

අපි එකම පරපුරක කොල්ලෝ කෙල්ලෝ...

රත් වෙලා කකියන ලෙයක උරුමක්කාරයෝ...

මඩි තරකරගත්ත රට වනසන....

නරුමයන් ට එරෙහිව....

යුක්තියේ අවි අමෝරාගත්ත....

හදවත් කකියන ඇත්තෝ....

හෙට පායන අලුත් ඉරක උදාව දකින්නට....

එකා වගේ පෙළ ගැහෙන එව්වෝ...

ඔව්...

අපි රටේ අනාගතේ ඉරණම ලියන ඇත්තෝ....

අලුතෙන් රට හදන්න දතකන එව්වෝ...

කවුරු කොහොම කිව්වත්....

එකා වගේ එකට...

වැටි වැටි නැගිටින....

සිංහ ලේ ඇති...

ජාතිභේද නැති...

රට වෙනුවෙන් කැක්කුමක් ඇති .....

ආදරයක් ඇති එව්වෝ....


පාරෝ ❤



කඳු මුදුනක සැඟවුණු පුරාවිද්‍යාත්මක උරුමය

වෙහෙරගල නොහොත් තලගුණා වෙහෙර 



 පෙර කොටසට.....

https://sithumiprarthana123.blogspot.com/2022/04/blog-post_22.html

"වෙහෙරට විතරක් නෙවෙයි.අහල ගම් හතකට විනාශය ළඟා වුණා වගේ..මේ වුණ විනාසේ. පුරාවිද්‍යාවෙන් ඇවිල්ලා චෛත්‍යය සංරක්ෂණය කරන්ඩ කියලා ධාතුයි,නිධන් වස්තු යි හාරලා ගෙනිච්ච ගෙනිච්චමයි කරපු දෙයක් නෑ.අන්තිමට වැඳපුදාගන්න තිබ්බ චෛත්‍යයත් ගරා වැටී ගෙන යනවා.."

මේ ගම්මුන් ගේ අදහසයි.කැණීමේදී බුදුපිළිම, පත්තිරු,කරාබු,මැණික් ඇතුළු විශාල වස්තු සම්භාරයක් හමුවී ඇති අතර නිදන් හොරුන්ගේ අවධානය යොමු වීම නිසා වෙහෙර විනාශ මුඛයට පවා ඇද වැටී ඇත.මෙකී වෙහෙර අව්වැසි කාලවලට හසුවෙමින් වල්වැදෙමින් පැවති අතර වටිනා උරුමයක් විනාශ වීම නිසා කණගාටුවට පත් ප්‍රදේශවාසීන් වර්තමානයේ එය සුද්ධ පවිත්‍ර කොට යම්තාක් දුරට නඩත්තු කොට ඇති බව දැකගත හැකිය.



චෛත්‍යය පිළිබඳ කැණීම් කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වසන්තා පුෂ්පශාන්ති මහත්මිය මෙම චෛත්‍ය රැක ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇත.(2008.10.06)

⚫ පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ලියාපදිංචි කිරීම 

⚫එම ස්ථානයට හැඳින්වීමේ නාමපුවරුවක් යෙදීම

⚫මාර්ග සංඥා පුවරුවක් යෙදීම 

හැඳින්වීමේ නාමපුවරුව

වර්ෂ 1993දී කරන ලද කැණීම් වලදී ඓතිහාසික වටිනාකමකින් යුතු පුරාවස්තු සෙවීම ආරම්භ වී ඇති අතර එහිදී පුරාවස්තු 78 ක් පමණ හමුවී ඇත.ඒ අතර හිඳි පිළිම 32ක්,හිටි පිළිම 21ක්,ලෝහයෙන් තැනූ ගස් 3ක්,කරඬු 5ක්,රිදී පොත් කිහිපයක්,බාල වර්ගයේ මැණික් ගල්,ලෝහයෙන් තැනූ පිළිම ගෙයක්,තනි රිදියෙන් කළ මල්,වීදුරු කරඬුවක් ඇතුළු  වස්තු වේ.

 1993 වසරේදී වෙහෙර සංරක්ෂණය කරන ලෙස ඉල්ලා උඩතලවින්න පන්සලේ නායක ස්වාමීන් වහන්සේ පුරාවිද්‍යාව දෙපාර්තමේන්තුවට කරන ලද ඉල්ලීම් ලිපිය
    

එසේම පැරැණි කාසි වර්ග රැසක් ද හමු වී ඇත.වර්ෂ 1744 වසරට අයත් කාසි මෙන්ම වර්ෂ 1862  කාසි ද මෙහි නිධන් කර තිබී හමුවී ඇත.ඕලන්ද කාසි ද මෙහිදී හමුවී ඇත.1992 සැප්තැම්බර් මාසේ මෙහි කැණීම් කටයුතු ආරම්භ කර ඇති අතර පේසා මට්ටමට කැණීමේදී වටේට ගලින් ආවරණය කළ ගල් තහඩු යෙදූ ගැඹුර අඩියක් පමණ වූ පෙට්ටියක් තුළ තැන්පත් කර තිබූ පුරා වස්තු මතුවී ඇත.

රිදියෙන් කළ පුස්කොලපොත්වල ධර්මය ආරක්ෂා කිරීමේ අදහසින් පිරිත් හා දහම විස්තර සදහන් කර ඇතැයි විශ්වාස කර ඇත.එහිදී හමුවූ  පුරාවස්තු තැන්පත් කර ඇති ගල් පෙට්ටියෙ උඩු පියනේ නෙළුම් මල්  කොටා ඇති අතර එහි රතු පාට ආලේප කර තිබී ඇත.ඇතැම් පිළිම රන් ආලේප කර ඇති අතර ලෝහ,රිදී මෙන්ම ලෝකඩ පිළිම ද තිබී ඇත.

මෙහිදී හමු වූ 1862 වසරේ කාසි නිසා ඊට පසු කාලීනව වෙහෙර ඉදිකරන්නට ඇතැයි මතයක් ද පුරාවිද්‍යාත්මක ව දරා ඇති අතර,නමුත් පසු කරන ලද සංරක්ෂණ කටයුතුවලදී එකී කාසි හමුව ඇති බව ද විශ්වාස කරයි.එයට හේතුව එහි පුරාවස්තු වල ඇති පෞරාණික බවය.මෙහි යටි ගර්භයේ ද තවත් වටිනා පුරාවස්තු වෙතැයි විශ්වාස කෙරේ.මෙහි යට ගර්භය ඉතා පැරණි ක්‍රම සදා ඇති බව ද පෙන්නුම් කරයි.මෙකී සියලු කරුණු 1993 දී සෙනරත් දිසානායක මහතා(පුරා විද්‍යා ගවේෂණ අධ්‍යක්ෂක) විසින් දක්වන ලද කරුණු වන අතර ජනප්‍රවාදයේ එන අන්දමට මෙම ස්ථානයේ සිට රහස් උමං මාර්ග මහනුවරට මෙන්ම දොරගමුව ට වූ අතර ඒ අතර ගලේ පන්සලට යාමට තිබූ උමං මාර්ගය උතුරු දිශාවට පිහිටා ඇත .එය සංකේතවත් කිරීම උදෙසා එහි වූ සියලු බුදු පිළිම ඒ දිශාවට මුහුණ ලා තිබී ඇත .

සංරක්ෂණය කළ යුතු ඉතිහාසයෙන් මැකී යන වටිනා ස්ථානයක් ලෙස තලගුණා වෙහෙර  පෙන්වාදිය හැකි අතර,සොබාදහමෙන් මෙතෙක් කල් ආරක්ෂා ආරක්ෂා වූ ආකාරයට ම සංරක්ෂණ කටයුතු කර දුර්ලභ කොටවෙහෙර සම්ප්‍රදායට අයත් මෙකී තලගුණා වෙහෙර  මතුවටත් රැක ගැනීම අනාගත පරපුරේ වගකීමකි.





තලගුණා  වෙහෙර හා බැඳි  ජනප්‍රවාද 


  ජනප්‍රවාද වලට අනුව එළාර සමඟ සටනට යන දුටුගැමුණු කුමරු  යුද සේනාව සමඟ පේරාදෙණිය ට නුදුරු ගැටඹේ හරහා පැමිණ කටුගස්තොට පසුකර මහවැලි ගං ඉවුර දිගේ නවයාලතැන්නෙන්  තලගුණ විහාරයට පැමිණ එහි දින කිහිපයක් සේනාව සමඟ  ලැගුම් ගෙන ඇත.මහවැලි ගඟ අද්දර සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානය විශාල ලෙස පැතිර ගිය ගල් තලාවකින් යුක්තය.

ගල්තලාව පිටුපසින් වේරගල නැමැති කඳු ගැටයක් පිහිටා ඇති අතර ඒ නිසාම මෙම ස්ථානය ද වෙහෙරගල,වේරගල යන නම්වලින් හඳුන්වනු ලබයි. දින කීපයක් එහි ලැගුම් ගත් ගැමුණු කුමරු තම ගමන සිහිවීමට මෙම ගල් පර්වතය මත කුඩා දාගැබක් ගොඩනගා ඇත.පසුව මීගම්මන හරහා මහනුවර ගඟ දිගේ උඩදුම්බර වෙඩරුව හරහා මහියංගනය බලා ඉදිරියට ගමන් කළ බව කියැවේ.ගැමුණු කුමරු හා සේනාවට උඩුදුම්බර දී ප්‍රාදේශීය ජනතාව කෑම බීම හා වෙඩරු වලින් සංග්‍රහ කළ බැවින් එය ස්ථානය අදටත් වෙඩරුව යන නමින් ප්‍රකට ය.

පල්ලේතලවින්න පදිංචි විමලරත්න නැමැති විශ්‍රාමික ගුරු මහතාගේ වෙහෙරගල සම්බන්ධ අදහස් මෙසේය.

"වෙහෙරගල අක්කර කිහිපයක පැතිරුණ විශාල ගල් පර්වතයක්.මේ ගල් පර්වතය පිටිපස්සේ වේරගල කන්ද පිහිටලා තියෙනවා.ගල් පර්වතය උඩ පිහිටලා තියෙන තලගුණ දාගැබ එක්කම පරණ බෝධියක් තිබුණා.ගමේ මහලු පරණ අය මේ දාගැබට,බෝධියට අධිපති දෙවිවරු වෙනුවෙන් පුද පූජා කළා.ඉස්සර ගමේ අය දාගැබට දඬුබෙර පින්කම් කළා.ඉඩෝර කාලවල ඒ වගේ දඬුබෙර පින්කම් පවත්වලා ඉවර උනාම වර්ෂාව ලැබෙනවා.ගොවිතැන්වලින් යැපුණු ප්‍රදේශයේ ජනතාවට ඒ වැස්ස හරි වැදගත් .

මේ ප්‍රදේශය අයිති ගම නවයාලතැන්න කියලා ඉස්සර ඉදල ප්‍රසිද්ධයි .ඒකට හේතුව කුඹුරු නව යායක් ඉතා සශ්‍රීකව මේ ප්‍රදේශයේ පිහිටා තිබීමයි.තල වගාව හා එළවළු  වගාව වගේම වෙනත් ගොවිතැන් මේ ප්‍රදේශයේ බොහොම සශ්‍රීකව සිද්ධ වුණා.

මේ වෙහෙරගල කන්ද අයිනේ දුප්පත් අහිංසක ගොවියෙක් හිටියා.දවසක් දාගැබෙන් ගැලවුණු ගලක් අරගෙන ගිහින් ගෙදරකට යන පාරේ පඩියකට තියලා තියෙනවා.එදා අකුණු ගහලා අකාල මහ වරුසාවක් වැටුණා.තද අකුණු පාරක් වැදිල දාගැබෙන් ගෙනාව පඩියට දාල තිබ්බ ගල කෑලි කෑලි වලට විසිරිලා ගියා.පරණ මිනිස්සු මේ දාගැබට කිරි ආහාර පූජා කළා.ලෙඩ රෝග අසනීප වලදී දාගැබට බාරවෙලා හත් දවසක් බෝධි පූජා තිබ්බම ලෙඩ රෝග සනීප වෙලා තියෙනවා.



දවසක් දාගැබෙන් ගැලවුණු ගලක් ගෙනත් දුප්පත් කෙනෙක් ගෙදර මිරිස් ගලට අරගෙන තියෙනවා.වැඩි දවසක් ගියේ නෑ එයාට පිස්සු හැදිලා.ඒ විකාරයෙන් ම ගෙනාපු ගල ආපහු දාගැබ ළඟට ගිහින් දාල තියෙනවා.මම තවත් තොරතුරක් කියන්නම්.දාගැබට කිට්ටුව ගොවියෙක් පදිංචි වෙලා හිටියා.වැස්ස නැති කාලෙක එයාගේ ගේ මැදින් ලොකු වතුර ගොබයක් එකපාරටම මතුවුණා.මේ තරම් ලොකු වතුර ගොබයක් වෙහෙරගල කන්ද කොහේ හරි හැංගිලා තිබුණ කියල හොයාගන්න බැරි තරම් පුදුමයි.පිරුණු පොකුණකින් ගලා එන වතුරක් වගේ තමා අර විශාල වතුර ගොබය එකපාරටම ගේ මැදින් ගලාගෙන ආවේ.පසුව මේ වතුර ගොබේ නැවතුණා.වෙහෙරගල කන්දේ බොහොම ඉස්සර ලොකු ගුහාවක් තිබුණු බව වයසක අය කියනවා. දාගැබට කන් කිට්ටු කරලා තිබ්බම මී මැසි රංචුවක් යනකොට ඇහෙන ශබ්දයක් ඇහෙනවා.ඒක මිහිරි සද්දෙට පිරිත් කියනවා වගේ ඇහෙන ශබ්දයක්.කිසිම කෙනෙකුට දාගැබ අවට ගොවිතැන් ගොවිතැන්බත් කරන්න බෑ .දාගැබ අයිති පන්සලේ හිටපු ලොකු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන දාගැබ් අවට සුද්ධ කරලා ගොවිතැන් කරපු කෙනෙක් හිටිහැටියෙම මැරුණා.එක්දාස් නවසිය අසූ ගණන්වල සංස්කෘතික ත්‍රිකෝණයෙන් මේ දාගැබ ප්‍රතිසංස්කරණය කළා.ඒ වැඩට හවුල් වුණු අයටත් යහපතක් වුණේ නෑ..පවුල් කැඩිලා විසිරිලා ගියා.අකාලයේ මිය ගියා.මේ දාගැබ අලුත්වැඩියා කරන්න ආපු වෙළෙන්දෙකුගේ නෑයෙක් කාලයක් දාගැබ ලඟ පදිංචි වෙලා හිටියා.ඒ  වුණාට ඒ ආපු කණ්ඩායම අතර ම එක එක  කලකෝලහල ඇතිවෙලා අර මැණික් ව්‍යාපාරිකගේ ව්‍යාපාරික ස්ථානයත් විනාශ වෙලා ගියා.1992 විතර සංස්කෘතික ත්‍රිකෝණයේ නිලධාරී කණ්ඩායමක් මේ දාගැබ හාරා පරීක්ෂණයක් කිරීමට ආවා.ඒ හැරීමේදී දාගැබ එකතැනකින් විශාල ගල් කුට්ටියක සිදුරක් මතුවුණා.ඒක අඟල් හතරක් තරම් අතක් ඇතුලට දාන්න පුළුවන් තරමට පුංචි සිදුරක්.ඒ සිදුර දාගැබය තිබුණු රහස් උගුලක් කියලා පස්සේ එළිවුණා.ඒ සිදුර දාගැබේ නිධානය ආරක්ෂා කරන්න යොදපු උඟුලක්.

1993 සංස්කෘතික ත්‍රිකෝණය  කටුගස්තොට පොලීසිය හා ග්‍රාම නිලධාරී සහය ඇතිව දාගැබේ නිදන් කොටුවෙ තිබිලා පුරාවස්තු හැත්තෑ අටක් සොයාගත්තා .ඒව වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට යැව්වා.නිදන් වල තිබුණ දේවල් ගැන එක එක කතා පැතිරිලා ගියා.වටිනා පුංචි රත්තරන් පිලිමයක් හම්බුනා කියලා තියෙනවා.මුල්කාලෙ ගැමුණු කුමාරයා දවස් කීපයක් සේනාව සමඟ නතර වෙලා ඉන්නකොට තමා මුල්ම පුංචි දාගැබ වේරගල ගලමුදුන හැදුවේ.ඒ හින්දා මුළු පලාතම සරුසාර වුණා දියුණු වුණා .ඊට පස්සේ ඒ සේනාව මීගම්මන හරහා මහියංගනය  බලා පිටත් වුණා.දාගැබ ලොකුවට බැඳලා තියෙන්නේ ඊට පස්සේ මහනුවර කාලේ.මේ දාගැබ ඊට පස්සෙ කැලෑ වැවිලා පාළුවට ගියා.පිටින් ආපු නිදන් හොරු කීපසැරයක් දාගැබ හාරලා තියෙනවා.දැන් දාගැබ ලඟ පන්සලේළඟ පන්සලේ ස්ථිර පදිංචියක් තියෙන හාමුදුරු නමක් ඉන්නවා .එළාර රජ්ජුරුවොත් එක්ක ගැමුණු කුමාරයා රට මැදින් යුද්ධෙට යනකොට මුලින්ම හදපු හාස්කම් තිබ්බ ස්ථානය හැටියට එදා අය  තලවින්න දාගැබට ගරු සත්කාර කරා.ටිකෙන් ටික අලුත් දියුණුව එක්ක ඒ පුදසත්කාර ගෞරව අඩුවෙලා ගිහින්."



මේ ආකාරයට දෑස් මානයෙන් වසන් වුණා,පෞරාණික විශ්මිත ආශ්චර්යමත් උරුමයක් වූ  තලගුණා වෙහෙර හා බැඳී  රසවත් තොරතුරු ඉදිරිපත් කළ හැකි අතර තලගුණා  වෙහෙරෙහි කිසිවෙකුත් නොදන්න වසන් වුනු සත්‍ය තවමත් පවතින බවට විශ්වාසයක් ඇති බවත් පැහැදිලි කරුණකි .

සටහන- පාරෝ ❤ 

ප්‍රාර්ථනා බණ්ඩාර-පල්ලේතලවින්න.

Friday, April 22, 2022

කඳු මුදුනක සැඟවුණු පුරාවිද්‍යාත්මක උරුමය

 වෙහෙරගල නොහොත් තලගුණා වෙහෙර 


සෙංකඩගලපුර දළදා මාලිගය පවා ඈතින් දිස්වෙන අති රමණීය භූමි ප්‍රදේශයක්   වන පාතදුම්බර මැතිවරණ කොට්ඨාසයේ මහනුවර නවයාලතැන්න මාර්ගයේ පල්ලේතලවින්න හා උඩතලවින්න ග්‍රාමයන්ට මායිම්ව ඇති උඩතලවින්න ග්‍රාම සේවා වසමට අයත් වෙහෙරගල නම් වූ උස් කඳුවැටියේ එක් මුදුනක් මත දක්නට ලැබෙන නටබුන් දාගැබ තලවින්න ගම්මානය හා ආශ්‍රිත දිගු ඉතිහාස කතාවක තොරතුරු රැසක් සඟවාගත් නිසංසල ස්මාරකයකි.


තලගුණා වෙහෙර

කටුගස්තොට හරහා දිවෙන මඩවල වත්තේගම පාරේ නවයාලතැන්නෙන් හැරී සැතපුම් දෙකක් ගිය තැන මෙම ස්ථානය හමු වේ.දැනට උඩතලවින්න පැරණි විහාරයට අයත් මෙම දාගැබේ නැගෙනහිර පැත්ත ගරා වැටී ඇත. මෙම වෙහෙර මධ්‍යයෙහි කළු ගලින් ද වටෙහි ගඩොලින් ද සකස් කොට ඇති අතර පොළවේ සිට ධාතු ගර්භයේ කෙළවර තෙක් පමණක් නිමවා ඇති අතර පුරා විද්‍යාත්මක මතයන් ට අනුව කොටවෙහෙර සම්ප්‍රදායට අයත් ලෙස නිර්මාණය කර ඇති බවක් ද පිළිගැනේ.


දාගැබට අඩි පහළොවක් පමණ නැගෙනහිරින් කිසියම් ගොඩනැගිල්ලක් තැනූ බවට හෝ එවැනි උත්සාහයක් දැරූ බවට සාක්ෂි හමුවේ.ගල්තලාවේ ඇති මෙම සිදුරක ගැඹුර අඟල් දෙකක් පමණය.එහෙයින් මෙය තාවකාලික       ගොඩනැගිල්ලක් බව ද පෙනී  යයි.ඊට පහළින් කුඩා ආවාසයක් දැනට වසර 114කට පමණ පෙර පැවති   බවට ප්‍රදේශයේ වයෝවෘද්ධ යෝ පවසති.

ගල්තලාවේ ඇති  සිදුරු ‍හා තාවකාලික  ගොඩනැගිල්ලේ සාක්ෂි
 

මීට අමතරව දාගැබට නිරිත දෙසින් කඩුවක් හා ඊතලයක් යැයි සිතිය හැකි සලකුණු දෙකක්ද ඇත.මෙම සලකුණු හඳුනාගත නොහැකි තරමට මැකී ගොසිනි.ජනප්‍රවාදයේ එන ආකාරයට මෙහි ආයුධ ගබඩාවක් පවතින අතර වෙහෙරට පිවිසීමක් ඇති ගල් පඩි පෙළට දකුණු පසින් පිහිටා ඇති ලෙනක එකී ආයුධ තැන්පත් කොට ඇත.එහි ඇත්තේ ගොවි ආයුධ බවටත්, ආයුධ ලබා ගෙන නිසි ලෙස තැන්පත් නොකිරීම නිසා එය මුද්‍රා තැබී ඇති බවටත් මතයක් ඇත.

ගල් පඩි පෙළ හා දකුණු පසින් පිහිටා ඇති ලෙන

 
පහළ  කෙළවරේ පර්වත ප්‍රාන්තයේ වටාපතක් හා සිරි පතුලක ලකුණුද හමුවේ.එය නිධන් සලකුණු යැයි ද මතයක් පවතී. මෙම ස්ථානයේ සෙල්ලිපියක් තිබූ බවට පැරැන්නන් කියතත් තවමත් සොයාගැනීමට නොහැකිව ඇත.වෙහෙර පිහිටි ගල යන අයුරින් මෙය "වෙහෙරගල" වන්නට ඇති අතර ඇතැමුන් "හ" කාරය ලොප් කර "වේරගල" ලෙසද ව්‍යවහාර කරති.වත්මන් වහරින් එය වෙහෙරට පමණක් නොව සමස්ත කඳුවැටියට ම යෙදෙන නමකි.

පර්වත ප්‍රාන්තයේ වටාපතක් හා සිරි පතුලක ලකුණු


පුරාවෘත්ත මගින් වෙහෙරේ ආදිතම අවධිය සම්බන්ධ කෙරෙනුයේ දුටුගැමුණු සමයටයි.ගැමුණු රජු ඇතුළු පිරිසගේ යුද්ධ මාර්ගයේ අවසන් සේනා සංවිධානය කළ ස්ථානය වූයේ නවයාලතැන්නයි. මෙකී නවයාලතැන්නේ දුම්බර මිටියාවතේ මනස්කාන්ත දර්ශනයකින් යුක්ත වෙහෙරගල කඳු වැටියේ ගිමන් හැර ස්මාරකයක් ලෙස මෙකී වෙහෙර ඉදි කරන්නට ඇති බවට ජන වහරේ මෙසේ දැක්වේ.

" වනසනා විලස ඔඳ සැඩි දෙමළුන්නේ

යන දිනා ගැමුණු සෙනඟක් සමගින්නේ 

නැවතුනා තැනක ලකුණට බැඳ දුන්නේ 

තලගුණා වෙහෙරගල බල තලවින්නේ "


දුටුගැමුණු මෙන්ම වලගම්බා රජු ද සිංහල ජන හදවත් තුළට අතිශය සමීප ලක්දිව පාලකයෝ යි. ජන ප්‍රසාදජනක විවිධ වීර ක්‍රියා කළ මොහු බෞද්ධ ශාසනයේ ගැලවුම්කරුවෝය.එසේම මෙම වීරයින් සතුරා හා සටන් කිරීමේදී තැනින් තැනට පලාගොස් විශේෂයෙන් කඳුකරයේ විවිධ ස්ථානවල සැඟවී සිටි බවට ජනතාව අතර ප්‍රකට විශ්වාසයක් තිබීම මෙවැනි පුරාවෘත්ත ඇති වීමට තවත් හේතුවකි.

වෙහෙරගල තලගුණා  වෙහෙරෙහි වර්තමාන ස්වරූපය දුටුගැමුණු සමයට සම්බන්ධ කිරීම සුදුෂ්කර ය. චෛත්‍යයේ හැඩයත් ,සකස් කොට ඇති ආකාරයත් මහනුවර සමයේ වාස්තුකර්මයට සමීප ය.එසේම යථෝක්ත පරිදි වර්තමාන චෛත්‍යය මුළුමනින්ම වැඩ නිම වූවක් නොවේ.එකේ හේතුවෙන් මෙම වෙහෙරගල තලගුණා වෙහෙර කොටවෙහෙර සම්ප්‍රදායට අයත් දුර්ලභ චෛත්‍යයක යයිද නිගමනය කරනු ලැබේ.

එහෙත් උක්ත පද ඇසුරින් ඓතිහාසික නිගමන කිහිපයකට එළැඹිය හැකිය.පළමුවැන්න නම් පද්‍ය රචිත සමය වන විට මේ වෙහෙර ,වෙහෙරගල නොව තලගුණා වෙහෙර  ලෙස හැඳින්වූ බවයි.දෙවැන්න නම් එම වෙහෙර අද මෙන්  බාගෙට ඉදිකළ එකක් නොවන බවයි.එසේම වර්තමාන චෛත්‍යය ඉදිවීමට ප්‍රථම මෙම ස්ථානයේ වෙනත් චෛත්‍යය තිබී එය ප්‍රතිසංස්කරණය කරන ලද්දේ ද යන්නය.

මෙහි සඳහන්  "තලගුණාව" යන වචනය එකල තලවින්න හැඳින්වීමට යෙදූ අන්වර්ථ නාමයක් විය හැකිය.තලගුණාව යනු වෙහෙර පමණක් නොව ගම ද හැඳින් වූ වචනයක් බව "රාජසිංහ සටනේ" පද්‍යකින් පැහැදිලි ය.එහේ පරංගීන් හා යුදයට ගිය දුම්බර සේනාංකය මෙහෙයවූ තලගුණෙහි වීරකෝන් මැතිඳු පිළිබඳ ව 

  " තලගුණෙහි අස          මානා

     මැති වීර        කෝ         නා

     පරංගින් හට යම සමා    නා....."   

වශයෙන් සදහන් වේ.

ගමේ නම ඇති වීම සම්බන්ධව ඇති පුරාවෘත්තයක කුඩා රාළ හා මහ රාළ නමින් ගම් නායකයන් දෙදෙනකු තලවින්නේ  සිටි බවත් මේ දෙදෙනා තරඟයට තලහේන් කෙටු බවත් කියවේ.ඔවුහු තල වැනූ ස්ථානයේ තලගුණා වෙහෙර පිහිටි බව තව දුරටත් සඳහන් වේ. එසේම තවත් තැනක දුටුගැමුණු රජුගේ සේනාංකයට  ආහාර සැපයීමට මෙම තලවින්න ප්‍රදේශයේ තල වගා කරන ලද බවත්,එනිසා තලවින්න නම් ලැබූ බවත්,අස්වැන්නේ මුල්ම කොටස වෙහෙරට පුජා කිරීම හේතුවෙන් තලගුණා වෙහෙර  යන නම ව්‍යවහාර ව ඇති බවත් කියැවෙයි.

උක්ත දක්වන ලද කුඩා රාළ කවරෙකු දැන හඳුනා ගැනීමට අපහසු වෙතත් දුම්බර තලවින්නේ කව්රාළ නැමැති ගම් නායකයෙකු පිළිබඳව  ශතවර්ෂ 1675 ට හෙවත් ක්‍රි.ව.1753 ට අයත් තල් පතක සඳහන් වේ. තෙන්නකෝන් විමලානන්ද මහතාගේ  උඩරට කැරැල්ල ග්‍රන්ථයේ iii කාණ්ඩයේ  306 පිටුවේ ඔහු කීර්ති ශ්‍රි රාජසිංහ රජු කැඳවාගෙන තමන්කඩුව,ඌව හා දුම්බර,අනුරාධපුරයේ යන තැන්වලට ගිය බව සඳහන් වේ.කුඩාරාළ යනු කව්රාළ යන්න දුෂ්‍යකොට වරදවා යෙදීමක් හෝ ඔහුට දෙන අන්‍ය නාමයක් වීමට බැරි නැත .ඒ අනුව ක්‍රි.ව.1753ට පසු මෙම දාගැබ ඉදිවන්නට ඇතැයි සැක කළ හැකිය. චූල බෝධි වංශයේ සඳහන් ශ්‍රී මහා බෝධි ශාඛාවන් වන සූතිස් බෝධි අතරින් එකක් වූ  තලවින්නේ බෝධිය  වෙහෙරගල පිහිටියේ යැයි ඇතැම්හු සිතති.එම නිසා එය ද තරමක විමසුමකට බඳුන් කළ යුතු වේ.චූල වංශයේ සඳහන් සූතිස් බෝධි පිහිටි ස්ථාන අතරින් එකකි තලවින්න.මෙහි සඳහන් අනෙකුත් ස්ථාන අතරට මහනුවර නාථ දේවාලය ,හඟුරන්කෙත ,ගනේතැන්න ,ගඩලාදෙණිය,උඩස්ගිරිය,ගන්නෝරුව ආදී ඓතිහාසික විහාරස්තාන ඇතුළත් හෙයිනුත් මේ සියලුම බෝධි එකවර ගෙන ලද හෙයිනුත් මෙහි සඳහන් තලවින්නේ  විහාරයට ද  ඓතිහාසික වැදගත්කමක් හිමි ව ඇත.

සූතිස් බෝධි අතරින් එකක් වූ වෙහෙරගල ඇති තලවින්නේ ‌‌බෝධිය


තලවින්නේ විහාරය පිහිටියේ කුමන ස්ථානයකද යන්න ගැන නිශ්චිත සාක්ෂි නැත.වෙහෙරගල ට නුදුරින් උඩතලවින්න විහාරය හා බෝගහපිටිය පුරාණ විහාරය යනුවෙන් පන්සල් දෙකකි.තලගුණා  වෙහෙර හෙවත් වෙහෙරගල ද පැරණි බෝධියක් පැවති බවටත් වසර 100 කට පමණ ප්‍රථම එය විනාශ වූ බවත් ගැමියෝ පවසති.බෝගහපිටිය පන්සලද ඉතා පැරණි එකක් නමුත් තලගුණා  වෙහෙරට වඩා පසු කාලීන ඉදිකළ බව පෙනේ.

තලවින්නේ බෝගහපිටිය නම් ස්ථානය පිළිබඳව  ගෙතී ඇති පුරාවෘත්තයක බ්‍රාහ්මණයෙකු පාත්‍රයක හිඳුවා බෝ පැලයක් ගෙන ආ බවත් ,ඔහු එය තිබූ තැනින් ගත නොහී බෝගහ පිහිටිය හෙයින් බෝගහපිටිය නමින් නම් කළ බවත් කියැවේ .

බෝගහපිටිය පුරාණ විහාරය


තලවින්නේ බෝධියත් සමඟ ම ගෙනාවේ යැයි කියැවෙන ගන්නෝරුව බෝධිය සම්බන්ධව ද පුරාවෘත්තයක් ඇත .ගම්පොළ බුවනෙකබාහු රාජාභිෂේකය සඳහා පැමිණි බමුණන් දෙදෙනකු බෝ පැලයක් ගෙනවුත් ගන්නෝරුවේ පිහිටුව බවත් කියැවේ .බුවනකබාහු රාජවර්ෂය ක්‍රි.ව. 1344  නම් කළහැකි බෝධි ආගමනය ද මීට සමාන වර්ෂයක සිදුවන්නට ඇතැයි ඉහත පුරාවෘත්තය අනුව නිගමනය කළ හැකිය.ඒ අනුව මෙහි සඳහන් තලවින්න බෝධිය පිහිටියේ වෙහෙරගල නම් එම ස්ථානයේ බවත් එහි ඓතිහාසික වැදගත්කම ක්‍රි.ව.1344ට සමාන කාලයක සිට පැවත ආ බවත් එම ජනප්‍රවාදය අනුව නිගමනය කළ හැකිය .

ක්‍රි.ව 1719  ගොලහන්වත්තේ රාජගුරු ධර්මකීර්ති තෙරුන්ගෙන්  මහණ බව ලත් තලවින්නේ සුමංගල නම්  හිමිනමක් ගැනත් අස්ගිරි තල්පතෙහි සඳහන් වේ.1814 දී රඹුක්වැල්ලේ නම් භික්ෂුන් වහන්සේ නමක්  විසින් දළදා වහන්සේ මහනුවරින් බඹරගල ටද,එතනින් තලගුණේ විහාරයට ගෙන ගිය බව සඳහන් වේ.

මේ ආකාරයෙන් ඉතිහාසය තැනින් තැන තලගුණා  විහාරය ගැන කියවේ.මෙය වෙහෙරගල හෝ  ඊට නුදුරු තැනක් බවට සැක නැත. දැනට නටබුන්ව ඇති තලගුණා වෙහෙර මෙය සනාථ කරන නිශ්චිත සාක්ෂියක් වන නමුත්,ඒ අවට ආවාසයක් පැවති බවට සාක්ෂි නොමැතිවීම පුදුම එළවන සුළු කරුණකි.මෙම පාලු පාළු කඳු මුදුන මත භික්ෂු ආවාසයක් නොමැතිව දාගැබක් පමණක් ඉදි වීමට හේතුවක් නැත.

ආදිතම අවධියෙහි වෙහෙර අසල පන්සලක් තිබූ බවත් එය පිලිස්සී යාම නිසා ඊට පහළින් පන්සලක් ඉදිකර ඇතත් ඒ අතර ජරා පත්වූ හෙයින් පසුකාලයක උඩතලවින්න පන්සල කර ඇති බවට ජනවහරේ වේ.වර්තමාන ස්වරූපයෙන් දක්නට ඇති දාගැබ සැකසීම ප්‍රථමයෙන් අරඹන ලද්දේ හපුගොඩ නාරද හිමි නම් භික්ෂූන් වහන්සේ නමක් විසින් යැයි කියනු ලැබේ.මුලින් එය ගරා වැටුණු පස් කන්දක ස්වරූපයක් දැරී යැයි විශ්වාස කරේ. ජනශ්‍රුතිය ට ඇතුළු වූ තලගුණා වෙහෙර වනාහි මෙම මුල් දාගැබ වන්නට පුළුවනි.

 මෙම උස් පර්වතය නිතර ස්වභාවික වෙනස්වීම්වලට ලක් වූ බව විශාල ලෙස පැතිරගිය දෙදරුම් වලින්ද ගල් කුහරවලින් ද පෙනී යයි.මේ හේතුව නිසාම පුරාවෘත්ත මෙම විශ්මිත පර්වතය වටා ගෙතී ඇත.එවැනි පුරාවෘත්ත හෝ මිත්‍යා කතා බිහිකිරීමෙන් ඔවුන් විසින් එම ස්ථානය ජන ජීවිතයේ ආශ්චර්යමත් වැදගත් තැනක් කොට සැලකූ බව පැහැදිලිය.

පර්වතයෙහි ඇති සලකුණු කුමක් අරඹයා කොට ලද්දේ ලද්දේ දැයි නිශ්චය කිරීම අපහසුය.වටාපත හා සිරිපතුල සැබැවින්ම මෙම ස්ථානයේ ආගමික වැදගත්කමකටත්,පැරණි සංඝාවාසයක් තිබූ බවටත් සාක්ෂි ය.සංඝාවාසයක් වීනම් ඒ දැනට දාගැබ් ඇති ස්ථානයේ නොව පහල මෙම අක්ෂර හා සලකුණු ඇති පර්වත ප්‍රාන්තයේ වන්නට ඇතිය.

දාගැබ අසලම ඇති කඩුව හා ඊතල සලකුණු මීට හාත්පසින්ම වෙනස් ඓතිහාසික යමක් කියා පාන්නකි.මෙය කඩයිම් ලකුණක්  දැ යි සමහරු සැක කරති.හමුදා කණ්ඩායම් සලකුණක් විය හැකි යැයි සමහරු කියති.නිතර රාජපාක්ෂික ජනතාවක් විසූ දුම්බර හා මාතලේ ප්‍රදේශවල සටන් ගිනි ඇවිළුණු වාර ගණන ද එමටය.

බොහෝ අවස්ථාවල උඩරට රාජධානියේ රජුගේ  ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස වෙහෙරගල දැක්විය හැකිය .මේ හේතුව නිසා සටනට යන අතරමග වාඩිලා ගත් පිරිසක් මෙම සලකුණු කළාදැයි සැක සිතීම ද සාධාරණය.දුටුගැමුණු රජු ඇතුළු පිරිසක් විසින්  වාඩිලා ගත් ස්ථානයේ ලකුණට බැඳ දුන්  චෛත්‍ය යනුවෙන් ගෙතුණු පුරාවෘත්තයේ ඓතිහාසික සත්‍යය මෙවැන්නක් වීමට පුළුවනි.කෙසේ හෝ මෙය මුළුමනින්ම ඉදිවී නම්  මහනුවර සමයට අයත් විශාලතම චෛත්‍යක් වනවාට කිසිදු සැකයක් නැත.

චෛත්‍යය වැලිමළුවක පිහිටා ඇති අතර වැලිමළුව වටා පුරාවිද්‍යා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ඉදිකරන ලද කළුගල් බැම්මක් ඇත.මෙහි උතුරු දකුණු දිශානුගත දිග මීටර 20- මීටර 40 වන අතර එහි නැගෙනහිර බටහිර දිශානුගත දුර මීටර 20- මීටර 80කි. දැන් මෙහි උස සෑම ස්ථානයකම එක සමාන නොවන අතර උසම ස්ථානය මීටර 01කි.මෙලෙස බැම්මෙහි උස වෙනස් වීමට හේතුව භූමියෙහි  පිහිටීමේ බලපෑමයි.චෛත්‍යයේ සිට මීටර් 13.30ක් දකුණු දිශාවෙන්  ගල්තලාව මත පිහිටි  තනි සිදුරු හතරකි. චතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත වූ මෙම එක් කණු එක් කණු සිදුරක දිග සෙ.මී.23කි.පළල  සෙ.මී.18කි.ගැඹුර  සෙ.මී.18කි.කණු සිදුරු දෙකක් අතර දුර මීටර 3.30කි.මෙම ස්ථානයේ අතීත කුටියක් තිබූ බවට පැහැදිලිය.

ගල්තලාව මත පිහිටි  තනි සිදුරු හා අතීත කුටියක් තිබූ බවට සාක්ෂි


දැනට කිහිප වරක්ම නිදන් හොරු විසින් මෙම චෛත්‍යය විනාශ කර ඇත.එසේම දාගැබේ තැනින් තැන බෝ පැළ මතු වී තිබීමද තවත් එක් හානියකි.

දාගැබේ තැනින් තැන බෝ පැළ මතු වී තිබීම


 ඉතිරි කොටස දෙවන ලිපියෙන්.........

දෙවන කොටසට....

 https://sithumiprarthana123.blogspot.com/2022/04/blog-post_23.html


Monday, April 4, 2022

 නූතන යශෝධරා...



කටු මතින් යනෙන මඟ මල් තුහින ඉසින්නට....

රන් හුයෙන් බැඳි දෑත් තව තවත් බැදෙන්නට...

තිමිර පට ඉරාගෙන සිහින් හිරු එබෙන්නට.....

කාලයක් ඇවිත් දැන් සිනා මල් පිපෙන්නට....


රක්තයෙන් සනිටුහන් පෙම් කවක් දකින්නට....

රාග ගින්දර මැදින් පෙම ටිකක් විඳින්නට....

බැඳි යදම් බිඳ දමා පතිකුලය රකින්නට....

කාලයක් ඇවිත් දැන් හිමි පහස විඳින්නට....


බවුන් වැඩු පෙම් ගීය ආයෙමත් ව්දින්නට...

පිරු පාරමී බලෙන් භවයේම රැදෙන්නට...

යළි යළි පතමි මම ඔය පෙමම ලබන්නට...

කාලයක් ඇවිත් දැන් නුඹ ළඟම නිවෙන්නට....


පාරෝ ❤




Friday, March 25, 2022

සම්මතයෙන් ඔබ්බට 04

 මගේම ආදරණීය අ'ෂූ,


මං නුඹ ට ආදරේ යැයි නොකියමි....

මන්ද,

එදා අහම්බෙන් වයසක වේශගැන්වීමෙන් නුඹ දුටු දා සිට...

ඔය ඇස් මාව ම අයිති කරගත් නිසා....

මං නුඹ ට මගේ ජ්‍යෙෂ්ඨ යැයි නොකියමි....

නුඹ ට එදා පටන් ඒ ගෞරවය මගේ හිතේ තිබෙන නිසා...

 මං නුඹට මා භූත නිම්නයේ අධිපති මා බව නොකියමි....

නුඹ මා ගැන කුමක් සිතාවිද නොදන්නා නිසා.....

සිව් කවුළු අධිපති වූ නුඹේ ආඩම්බරකම....

ඊටත් යටින් වූ ආදරණීය බව....

නුඹ නුඹටම දුන්නූ ඒ වේදනාව...

සියල්ල ම ඔය ඇස්වලින් දුටු වග නම් කියමි....

අසම්මත යැයි ලෝකයම හංවඩු ගැසුවද...

ඔබේ හිතේ මා වෙනුවෙන් වූ පෙම මම දනිමි....

සංසාරගත හිමිකරු....

සංසාර සහයක....

ඒ සියල්ලම අපි අපේ බව දනිමු....

ඉතින් මගේම ආදරණීය අ'ෂූ....

මම ඔබේමයි මේ සසර සරණා තුරාවට.....


මං ඔයාගෙම ලාඔවෙන්....



Thursday, March 17, 2022

කිරිඅම්මේ......

 



හීනියට රෑ ඇසෙන කිරිඅම්මාගේ කෙදිරිය...

කියන්නේ දවසේම විඩාවක තරම ය...

තේ වත්ත කොනක ටික කර ගසා දලු මල්ල...

ඈ ගියේ විකුණන්න ලාබයක් නොලබාම....


පින්න වැටෙනා සැදෑවක එළවළු කොටුව ළඟ...

නමාගත් තුනටිය ගැලෙව්වේ කැරට් ටික...

පටවන්න හිතාගෙන පාන්දර ලොරියට...

කාසි පනමක් සොයන්නට....


පුච්චන කඩයප්පමක රස...

හිනෙකට වී මතක් වෙන විට...

කිරිඅම්මේ හුඟක් මහන්සිද...

ඇසුණි හිත යටින් මට....


ජීවන යාත්‍රාව ගෙවා යන මා ප්‍රජාපතිය නුඹ...

කැතකුණු අත ගා මගේ කුසගිනි නිව්ව...

නුඹේ විඩා නිවාගෙන දැන් ටිකක් සැනසෙන්න....

මගේ කිරිඅම්මේ මම ගෙවන්නම් නුඹේ පෙම් මිල...


පාරෝ ❤

Saturday, February 5, 2022

නෙතුසේයා කෙටිකතාව



      දුල්සේයා...එයා අහිංසක නිහඬ කෙල්ලෙක්...අහිංසක කීවට එහෙමමත් නෑ...කෙල්ල ටිකක් දඟයි...යාළුවෝ එක්ක සතුටින් හිටිය කෙල්ලෙක්..

   අම්මා,තාත්තා දෙන්නටත් හරි ආදරෙයි...

ඒත් දුල්සේයාට එයාගේ ජිවිතේ ලොකු එකම එක දුකක් තිබුණා ...

එයා පන වගේ ආදරේ කරපු කොල්ලා අනුධ්‍ය ...එයා දුල්සේයා දාලා ගියා...

ගියා නෙවෙයි කෙල්ල යන්න දුන්නා ..

මොකද කොල්ලට කෙල්ලගෙන් ඕනි වුණේ එක එක දේවල්..

ඒවට කෙල්ල කැමති නෑ..

කෙල්ල කොල්ලව වෙනස් කරන්න මාර විදිහට ට්‍රයි කරා...

ඒත් වැඩක් වුණේ නැ...

කෙල්ලට දුක දරා ගන්නම බැරිව කෙල්ල මැරෙන්නත් ගියා...

නෙතුලි...ඒ කෙල්ලගේ හොඳම යාලුවා...

එයා නැත්තම් කෙල්ලත් අද නෑ...මෝඩ කමට මැරිලා...

යාළුවෝ නිසාම කෙල්ල හිත හදා⁣ගෙන හිටියත් ආදරේ කරන්න කෙනෙක් නැති අඬුව එයාට දැනුනා...

මොකද එයාට දුකයි අනිත් අය ආදරේ කරද්දි...

ඒ ලෙවෙලුත් කරලා ඉවරනේ ඉතින් දැන්...

  මේ දවස් වල කෙල්ල ඉංග්‍රීසි කෝස් එකකුත් කරා...

ඒකට ගිය දවස්වල ඉදලම කෙල්ලගේ හිත එක කොල්ලෙක් හොරකම් කරා....

නම...ගම...ම්හු..කිසිම දෙයක් දන්නේ නෑ...කොල්ලාගේ හිනාවෙන්ම කොල්ලාට ඇදිලා ගිහින්....

ෂිහ් මොනා කරන්නද කෙල්ලෙක් වෙලා ඉපදුණු එකේ දුකනේ...කෙල්ල කරබගෙන හිටියා...කොහොමින් කොහොම හරි...ග්රෑප් එකක පිහිටෙන් දෙන්න⁣⁣ා කතාවටත් සෙට් වුනා...

දැන් නම් මැරම ෆිට්..කොල්ලගේ නම නෙතුම්...එතකොට....එයාගේ යාළුවා විහඟ..

දෙන්නම එක වගේ වැඩි ⁣මෝස්තර නැති එකෙන්ම සුපිරි දෙන්නෙක්...

කෙල්ල  නෙතුම්ට වඩා බාලයි...

කොහොමින් කොහොම හරි අයියයි නංගියි වගේ දෙන්නා මාර ෆිට්..

හැබැටි කෙල්ල කොල්ලට පන ඇරලා...කොල්ලා දන්නවද නැද්ද දන්නේත්නැ ...කෙල්ලට ඒක කමක් නැ..කෙල්ල ආදරේ කරේ එක හිතින්නේ..

කතාව ඔහොම ඇදිලා ගියා....කෙල්ලට දැන් එයා නැතුවම බෑ....

මොනා කරන්නද නොලැබෙන දෙයක් පතලා කියලා කෙල්ලත් ඉවසුවා...

දෙන්නම කැම්පස් දෙකකටත් ගියා...

ඔහොම යද්දි කෙල්ල ගැන තමන්ගේ හිතත් මොනාදෝ ක්යනවා නේද කියලා නෙතුම් ට තේරැනා ..ඒත් ඒ ගැන ටිකක්වත්.කෙල්ලට නම් කීවේ නැ...

දවසක් ඒ දේ නිසා තව ටිකෙන් ඒ බැදිම අයියටයි නංගිටයි සීමා වෙන්නත් තිබුණා ...

ඒත් දෛවය එහෙම කරේ නැ...කෙල්ලට අවුරැද්දක් තනියම කරපු ආදරේ ප්‍රාර්ථනා කරපු විදිහටම ලබා දුන්නා ..දෙන්නව ලං කලා....

දෙන්නට දෙන්නා දෙන්නෙක් නොවී එක්කෙනෙක් කලා...


කදුලු කතාවක් වෙන්න තිබුණ දුල්සේයාගේ කතාවට හදිසියේ ආව කුමාරයා නිසා එයාගේ ජිවිතේ ලස්සන වුනා....දුල්සේයා නෙතුම්ට පන වගේ ආදරේ කරන්නෙත් ඒ නිසා...වෙලාවකට නෙතුම්ගේ නිහඬ බව දරාගන්න බැරිව රණ්ඩු වෙන්නෙත් ඒ නිසයි...

මොනා වුනත් අහම්බෙන් හමුවුණු එහෙම ආද⁣ර කතා ගොඩයි...ඒ ගැන මතක් කරද්දිත් සුන්දරයි ..

ප්‍රාර්ථනා බණ්ඩාර  ❤

කෙටිකතාව මිලින පැතුම්




      ටිකක් වෙනස් මේ කතාවත්...

මයුර ටිකක් දුප්පත් කොල්ලෙක්...දුප්පත් වුණාට කොල්ලා හරි දක්ෂයි...උදේට ඉස්කෝලේ යනවා ඇවිත් අම්මා එක්ක එකතු වෙලා වත්⁣තේ වැඩ කරනවා...අම්මයි පුතයි එහෙම තමයි ජිවත් වුනේ...කොල්ලගේ තාත්තා නැ...නැ කියන්නේ තාත්තව දන්නේ නැ කොල්ලා....එහෙමයි කියලා අම්මා කොල්ලට තාත්තා නැති අඩුව දැනෙන්න දුන්නේ  

     දැන් කොල්ලා ඉන්නේ 13 වසරේ..

"අනේ පුතේ මං වත්තේ වැඩ කරගන්නම්...උඔ ඔය යාලුවෝ එක්ක තව ටියුෂන් පන්තියතටවත් යන්න..තව මාස කීයද විභාගෙට "

අම්මා නිතරම මෙහෙම කිව්වත් මයුර ඒවා ඇහුවේ නැ...එයාට ලොකු විශ්වාසයක් තිබ්බා පන්ති යන්න ඕනි නැ...කියන එක ගැන...කොහොමින් කොහොම හරි විභාග දවසුත් ආවා....

අම්මගේ ආදරෙයි ආශිර්වාදයයි මැද මයුර විභාගේ ලියන්න ගියා..එයා උසස් පෙල කලේ කලා විෂය

 ධාරාවෙන්...විභාගය ඉවරවෙලා මයුර ආවේ මිටින් හල කුරැළු පැටියෙක් වගේ...

"අම්මේ බලන්නකෝ මං පාස් වෙලා ති⁣ෙයනවමයි..."

එයා එහෙම කිවේ හරිම සතුටින්...

විභාගේ ඉවර නිසා මයුර අම්ම⁣ා එක්ක හරි හරියට වැඩ කරා...ඒ නිසා දෙන්නට ජිවත් වෙන එක අමාරැ වුණේ නැ...

මේ කාලේ තමයි එයාලගේ ගමට අනුපමාලා ආ⁣වෙි..

අනුපමා කියන්නේ පෝසත් පවුලක කෙල්ලෙක්...තාත්තා රට ගියාට පස්සේ ආච්චිලාගේ ගෙදරට අනුපමයි අම්මයි දෙන්නා ඇවිත් තිබුනා...උදේට හවසට මයුර කඩේට යන්නේ මෙයාලගේ ගෙදර ලගින්...දවසක් ⁣ෙදකක් අනුපමා මයුරව දැක්කා...කොළඹ ඉදන් ආව නිසාද මන්දා කෙල්ලට තිබුනේ පුදුම විසයක්...

අාවුෂ්..කවුද මේ හැන්ඩි කොල්ලා...බලන්නකෝ මං මෙතන ඉන්නවා දැකලත් බලන්නෙවත් නැතුව යන විදිහ...මගේ ෆිගර් එක දැක්කම නොබලා ගිය එකම කොල්ලද කොහෙද...චී අනේ...ඒකට එහේ..මෙහෙම කොට ස්කර්ට් එකයි ස්කිනි එකයි අදින්න විතරයි ඕනි....

 කෙල්ල තමන්ගේ චරිතේ දෙකේ කොලේට දාගෙන තියෙන්නේ මේ මයුර බැලුවේ නැ කියලා...

ස් ස්....කෙල්ල කතා කරා...

මයුරට ඒ සද්දේ ඇහුණා ...

ඇයි...

ටිකක් එනවද.

.

ම්...කියන්න..

ඔයා හරි හැන්ඩ්සම්

බොහොම ස්තුතියි..

ඉදකින්..මේකා තෑන්ක්ස්වත් දන්නේ නැද්ද...

ඔයත් ලස්සනයි ..

හානේ තැන්ක්ස් ඩාර්ලින්...

මං අනූ...ඔයා කවුද...

මං මයුර...

ඔහ් ..රියර්ලි නයිස් නේම් අෑස් යු...

අනුපමා බලෙන්ම මයුරගේ අත ඇදලා අරන් එහෙම කිව්වා...

මයුර....මං ඔයාට කැමතියි...හෙටත් එනවද ඔයා මෙතනට...හෙට ගෙදර කවුරැත් නෑ...

මොකක්...

නෑ මං කීවේ ටිකක් කතා කරන්න..

ආ හරි...

කොල්ලා ලේසි නෑ වගේ...අනුපමා එහෙම හිතුවා...

එන හෙනහුරත් අහිංසකයන්ටමනේ කියලා මොකක්දෝ කරැමෙකට මයුරගේ හිතත් එයාටත් හොරෙන්ම ඒ සෙල්ලක්කාරිට ඇදිලා ගියා...කිසිම දෙයක් නොදැන එයාට ආදරේ කරා...


කෙල්ලව හම්බෙන්නත් දෙතුන් පාරක් ගියා...කොල්ලට මොබයිල් එකකුත් කෙල්ලගෙන් ලැබුනා ...

හැබෑට මොකක්ද පුතේ උඹ ට මේ වෙලා තියෙන්නේ....එක.විනාඩියක් දැන් ගෙදර නෑ...

මොකුත් නෑ අම්මේ

මයුර එහෙම කියාගෙන ගියා..


මාස 6ක් ගෙවිලා ගියා..

හෙලෝ මයුර අනේ බබා මං මං අනු...අපේ තාත්තිට සල්ලි හදිස්සියක් රැපියල් පනස්දහසක් විතර හොයාගන්න බැරිවෙයිද...

අනේ...හදිස්සිද අනු...

ඔව් බබා...

ඉන්නකෝ බලන්න...

ඒ දුප්පත් කොල්ලා ලඟ තිබ්බේ අම්මා අරන් දුන්න මාලෙ විතරයි..ඒක දුන්නොත් පනස්දහසක්ටත් වඩා ගන්න පුලුවන් කියලා කොල්ලා දන්නවා...ඉතින් අනුපමාට තිබ්බ ආදරේ නිසාම ඒ මාලේ අතේ ගුලි කරගෙන අනුපමාලගේ ගෙවල් ලඟට ගියා...

බබී ටිකක් එලියට එන්න...

ඉන්න බබා...

ආ මේක ගන්න...මේක විතරයි මං ලඟ තිබ්බේ...ඕකෙන් පනස්දහසකට වඩා ගන්න පුලුවන් ...

තැන්ක්ස් බබා....

කෙල්ල උඩ පැනලා කිස් එකකතු දීලා මාලේ අරන් ගෙට දිව්වා...

පව් කෙල්ල...එහෙම හිතලා කොල්ලා ගෙදර ගියා...

ඒත් කෙල්ල නෙවෙයි තමන් පව් කියලා දන්නවනම් කවදාවත් මයුර ඒ මෝඩකම කරන්නේ නෑ...

පහුවදා උදේ අනුපමාට ගත්තා..ක්‍රියා විරහිතව ඇත...

දවල්...රෑ....ම්හු...වැඩ නෑ...

ඇයි මේ්..කොල්ලට ලොකු ප්‍රශ්නයක් ...

පහුවදා උදේම කොල්ලා කෙල්ලගේ ගෙදරට ගි⁣යා..

නැන්දේ...

එන්න පුතේ..

අනුපමා ඉන්නවාද..

අනුපමා ...අනේ ඕකි...ඕකි...මට මතක් කරන්නවත් එපා පට්ට........

අනුපමාගේ අම්මා හෝ ගාලා බනිනවා...

අනේ ඇයි නැන්දේ මේ...

කොල්ලා හොදටම බයවෙලා...

ඉදගන්නකෝ පුතා කියන්න...

ඔය කෙල්ල කොළඹ ඉන්නකම් අපිට ලැජ්ජා කරපු එකමයි කලේ කුඩු කාරයෙක් එක්ක යාලුවෙලා ඉදලා...නවත්තන්න කීවා ඔය සම්බන්දේ..ඒත් ඇහුවේ නැ පුතේ...ලැජ්ජාව දරාගන්න බැරැව මහත්තයා රට ගියා...මං මෙකි අරන් මෙහෙ ආවා....

ඒත් පුතේ වැඩක් නෑ...මේ කෙල්ල හැදිලා කියලා හිතුවා ..මට වැරදිලා...කලින් දවසේ රෑ...ඒකි ඒ බල්ලා එක්ක ගිහින්...

අනේ නැන්දේ....

මයුරගේ ඇස් වල කදුලු..

ඇයි පුතේ...

මං මං...මාත් එක්කත්...

එහෙමද අනේ මේ අම්මට සමාවෙන්න රත්තරනේ ...

අනුපමාගේ අම්මා අත් එකතු කරලා මයුරට වැන්දා...

මේ මොකද නැන්දේ...එපා එපා...

මයුරට පුදුම දුකක්..මදැයි ඉදලා ඉදලා ආදරේ කරා...ආත්මෙම ගිනි තියලා ඒකි පැනලා ගියා...

ඇස් දෙක වගේ තමන්ව බලාගත්ත අම්මට හොරෙන් එකම එක දෙයයි කරේ...ඒකටද දෙවියනි මෙච්චර දුකක් මට....

මයුර දුකින් හිතුවා....ගිය දේ ගයා...කමක් නෑ...මං අර වගේ මාලයක් හදන්න ඕනි...හොදට ඉගෙනගෙන අම්මව රැජින ක් වග් බලාගන්න ඕනි...එහෙම මයුර අදිටන් කරගත්තා...

ප්‍රාර්ථනා බණ්ඩාර  ❤ 

සම්මතයෙන් ඔබ්බට 03.

 ආදර ටයින්....


හීනියට හිනැහෙන නෙතු....

නොකී කතාවක අරුම කියනකොට...

මගෙ මැණික මම කොහොම දරන්නද...

තුරුළු කරගෙන නුඹ නොසිපගෙන....

දුටු මොහොතකට නුඹ ....

සිත ගෙන ගියා දුර....

කෙසේ කෙලෙසක සිටියත්....

උඹම හෙව්වා මේ සිත....

ඉතින් උඹේ බොරුවට පින්දෙන්න....

මගේ වූවා නුඹ .....

නමුත් සිත ටික ටික...

කැප වූ බව දනිමි මා හට....

නොදැක ගෙවෙන තත්පරේ...

කප්පරක් කදුලු වගුරන්න...

නුඹේ පෙම ඉස්තරම් බව...

දැක්කෙමි මා දුර සිටම...

නාඩන් මගෙ මැණික තව....

කදුලැලි අකැපයි ඔය මුවට...

මම ඉතින් උඹේ තමයි...

සසර සරණා තුරාවට.....


මම සර්වත්...


ප්‍රාර්ථනා බණ්ඩාර 



Tuesday, February 1, 2022

නම් නොකළ (සම්මතයෙන් ඔබ්බට 02).

 


ආදරණීය වෙයි යිං......

එදා වලාකුළු භවන ඉදිරිපිට....
නෙතට නෙතක් යා වුණ විගස....
වෙයි යිං නුඹේ දඟකාරකමට....
මගේ ආත්මය ම වසඟ වූ බව....
කෙසේ නම් මා පවසන්න ද....
නිහඬ නෙතු බැල්මෙන්...
මා පෑව පෙම් හසරැල්ල....
නුඹේ නෙත්කොනින් පිළිගත් බව....
දනිමි නුඹේ එක කෝඩු සිනාවකින් මම....
නිමක් නැති කටකාර බස් ළඟ...
මගේ දෙසවන අවිවේකී වෙන විට....
සිපගන්න සිතුණු වාර අපමණය ......
නුඹේ ළවන් තුරුළු කරගෙන....
ගුචින් නාදය හා මුසුව...
චංචිං නදත් රැව්දෙන විට....
ආත්මය මුසපත් කළ....
පෙම්කව දැනෙනවා නේද...
කිසිවෙකුට තහනම් වූ...
ගුසූ හිස් පළදනාව...
නුඹ ට කැප වූයේ
නුඹ නිසාමයි මා පැතුව...
සදාකාලික ආත්මීය සහකරු....
පතන හැම භවයක ම...
කිසිවෙක් නුඹ විශ්වාස නොකළ තැන...
නුඹ කදුලු වලට මගේ ළය ගිනිගත් බවත්...
මා දෑස් වසාගෙන ම නුඹ වෙනුවෙන් බවත්...
කියන්න ට ඇවැසි වූ නමුත් ......
කෙසේ මා දරම්ද නුඹට මා අසිපත එසවූ වඟ....
වෙයි යිං දහස්වාරයක් සමාවෙන්න මට....
කෙළිකවට කම්වලින් මිදී....
එදා නුඹ මා දමා ගිය දින...
යළිත් නුඹ එනතුරු...
බලාසිටියෙමි දෑස නොපියම මම....
විදිමින් නේක දුක්ගැහැට....
මගේ හුස්ම නුඹ ම වූ නිසා ම...
අප නම ට වෙන්කළ...
ගී හඬ යළිදු වැකෙන විට සවනත....
සත්තමයි වැටුණා කදුලු කැට...
මගේ පෙම්වත නුඹ නමට....
කෙසේ කෙලෙසක අප...
කොහේ වෙන් වී ගියද....
සදාකාලික පෙම...
නුඹයි මගේ මුළු සසරෙම....
මං සදාදරණීය
ලාන්ෂාන්


නම් නොකළ (සම්මතයෙන් ඔබ්බට 01)


 


  ආදරණීය  ලාන්ෂාන්.....   


නොදනිමි මා සිත නුඹ නමට වෙන් වූ දින...

නොසිතූ විලස මුනගැසුනේ ඔබව මට..

හදවත සිනාවෙන් පුරවයි හැමදාම ....

නුඹේ සංවරකම අභියස....

මගේ සදාකාලික පැතුම...

ලාන්ෂාන් නුඹමයි සඳහට ම....

මෙතුවක් කල් ලැබුනු  ජීවිතයේ ගැරහුම්..

තනියම විදදරා ගන්න.....

හිතට විඩාවක් දැනුණාම.....

 රහසින් උරහිසට බර වී හඬන්නට...

යීලිං කුලදෙටුවා සේ මට....

තැන තැන කරපු අපහස දරන්නට...

නුඹම විය මා හිත ළඟ...

මට සිටි යෝධ  ශක්තිය....

පෙරමෙන් ගැටලු මතුවන දිනක..

අවැසිය ඔබට පවසා හිත සන්සුන් කරගන්න..

නුඹේ පෙම් හසරැල්ලේ ගිලී කිමිදී යන්න...

කෝඩුකාර ප්‍රේමය ට නුඹ ටිකක් අවුසන්නට....

ජින්ශ්‍ය නිහඬ කුටියේ නිහඬ ව නුඹ සිපගන්න...

නුඹේ සංවර ලීලාව දෑස විනිවිද නරඹන්න....

කොතෙකුත් ප්‍රශ්න ආවත් මට....

දුටුවිට නුඹ වුවන සත්තකින් ......

 මගේ දුක කොහෙදැයි සොයමි මම.. 

ලාන්ෂාන් නුඹයි මගේ මුළු ජීවය....

සුසුමෙන් සුසුම යා වුණ....

සමුගෙන ගියත් ජීවිතෙන්...

යළිත් අවදිව එමි මම...

නුඹේ වූ නිසාවෙන් වෙයි යිං වූ මම...

හද ඇති රැයක මහවැස්සෙ තුරුළු වෙන්නට...

විහගුන් කෑගසන වනයක සරන්නට...

 දල්වා ඇති එලි අතුරින් ඇවිදින්න ..

අවැසිය කරන්නට ඔබ හා බොහෝ දේ..

අවැසිය ඔබත් සමගම මෙහි කෙලවර දකින්නට..

දල්වා ඇති එලි අතුරින් අත් අල්ලා..

සිපගෙන ළවන් ප්‍රේමයෙන් මුසපත් වෙලා...

දෛවය ඔබට ස්තූතියි සැබැවින්ම ......

ලබා දුන්නට  ඔබ මට...

දැන් ඉතින් නුඹ මගේ සදහටම ......

සසර  සරණා තුරාවට.....


සදාදරණීය වෙයි යිං....


Monday, January 31, 2022

පහන් සිළු....

 දැල්වී නිවී ගිය...

දහක් පහන් සිළු.... 

  අඳුර දුරලූ තරම ට  

 ගනඳුර මිලින වී නම්...

දැවී ගිය සිළුවලින් බැඳුණු....

කළු පැහැ දුමාරය....

කියාවිද මේතරම්...

කඳුලු කතා...

අඳුර ටම වී මුමුණන....

මිලින වන පහන් සිළුවට...

හීනියට පෙම් බදින....




ප්‍රාර්ථනා බණ්ඩාර  ❤



Friday, January 28, 2022

මගේ හිමියනේ ඇති නොවැ මේ දුක් කන්දා

 නිමා නොමැති රිදවිලි බස් නැත      නිම්මා...

ආ දා පටන් නුඹ හා හිමි  දුක්          කන්දා...

අත් පා පෙළා තැලුවත් නුඹ පෙම   හංගා...

ඔබ හා පැමිණියේ  දහසක් සිතුවිලි බන්දා....


දෑතේ සවිය නැති නිසාම ගෙදර       කොනේ...

කදුලු සලන හැටි කා හට පෙනේ         මගේ...

නුඹ        රළු ගොරහැඩි අත් වෙලෙන ගතේ...

රන් කෙඳි සිනා නැත තැවරී කලෙක    මුවේ....


කලවා අත් ගොබ දම් පැහැ දුක        කියනා...

හදවත වාරු නැත පුතු පැටියා          දකිනා...

අම්මේ ඇයි ද නුඹ  ඇඩුවේ ඔහු        අසනා...

රුදුරු සිහින දුටිමී කියමී                  නිතිනා...


කඩපල ගාව කීර වික්ක දෑත           මගේ....

සින්නවුණේ ගේ මුල්ලේ පෑල          දොරේ...

ආල රසය ගලනා යස නාරි              ඇගේ....

පිළිකුල මිසක කිසිවක් නැත ඉතිරු වුණේ...


දරුපැටියට කිරිදුන් තන රුහිරු        රසයි ....

කැඩුණු කැඩපතක හැඩ නෑ හරිම රළු  යි..

මැදියම් රැයේ වේදනාව පුපුරු ගස         යි....

අසරණකමට ළය නොව ගත වාරු සොයයි....


වින්දත්   මහ දුකක් හිමියනි නුඹ     හන්දා....

පතිනි බිරිය නාමෙන් ඉවසමි            නින්දා....

බන්දනේ සරණ බිඳලනු කැප නැති   හන්දා...

මගෙ හිමියනේ ඇති නොවැ මේ දුක් කන්දා...


ප්‍රාර්ථනා බණ්ඩාර - 





Wednesday, January 26, 2022

 



පැන්සල කෙටි වන තරම ට

සිතුවම සුන්දර වේවි නම්

ඉවර වුණු පැන්සල් තරම ට

සිතුවම් කෝ......


ප්‍රාර්ථනා බණ්ඩාර  ❤




Sunday, January 23, 2022

කවියකි නුඹ

 

https://www.linkedin.com/posts/prarthana-bandara-923395227_mal-activity-6885950315963777024-z1h_



Lyrics - Prarthana Bandara  ❤🌼

Saturday, January 22, 2022

සසර සර කෙටිකතාව



සේරම ලෑස්ති කලා ලොකු මෙහෙණින්  වහන්සේ දානෙට වැඩම කරානම්....


හොදමයි උපාසක අම්ම..බුද්ධ පූජාවට ලෑස්ති කරමු එහෙනම් ....


ආරාමයෙ ඉන්න ලොකු මෙහෙණින් වහන්සේට බොහෝම ගෞරවයකින් ආරාධනා කලේ කොලඹ ඉදල ආව ලොකු නෝන කෙනෙක්...


මේ නෝන දානෙ දෙන්න කාරනාව මොකද්ද..?


අද අපේ රට ඉන්න ලොකූ  පුතාගෙ උපන්දිනේ මෙහෙණින් වහන්සේ ..අද මමයි මහත්තයයි පොඩි පුතා එක්කම ආවෙ ඒ වෙනුවෙන් දානයක් දෙන්න....


හොදමයි එහෙනම් යමුකො මේ ඇත්තො දාන ශාලාවට ....


බොහොම පිලිවෙලින් ඉවර උනු දාන කටයුත්ත අවසානයේ මෙහෙණින් වහන්සේගේ දෙපා නැමදීමට ආ උපාසක මහතා සේම ඔහුගේ බාල පුතු දුටු ලොකු මෑණියන්ගේ දෙනෙත්  මදක් සසල වනු  ලගින්ම සිටි පොඩි මෙහෙණියට පෙනිනි...නමුත් නිහඩවම මෙහෙණින් වහන්සේ වැඩම කලේ ආවාස ගෙදරට ....


සවස්  යාමයේ බණ බාවනාවෙන් අනතුරුව සුදුසු කල් වේලා බලා ඒ පිලිබදව විමසුවෙ ලොකු මෙහෙණින් වහන්සේ ගෙන්...


ලොකු මෑණියන්ගෙ  හිත අද  චංචල වෙලාවගෙ...


ඒක පොඩි මෙහෙණින් වහන්සේට තේරුනාද..?


එහෙමයි...ලොකු මෑණියො...


මට ගිහි කාලෙ මතක් උනා...


ලොකු මෑණියො මනාප නම් කියන්න...කාරණාව...


දම්සරණි මෙහෙණින් වහන්සේට මතකයිද අර දවල් දානෙට ආව උපාසක මහත්තය ...


එහෙමයි ලොකු මෑණියො ...


ඒ තමයි ගිහි කාලේ මගේ මහත්තය ..මහත්තය කිව්වට අපි කසාද බැදල හිටියෙ නෑ ...ඒ කාලෙ මගේ නම නිමාලි  ....අපේ අම්ම රට ගියාට පස්සෙ මං හිටියෙ ආච්චි ලග...රට ඉදන් අම්ම සල්ලි එවපු නිසා අඩුපාඩුවක් තිබුනෙ නෑ...ඒ නිසා යාන්තමින් ලොකු දැඩි උනාට පස්සෙ තියෙන විච්චූර්ණ දේවල් සේරම කලා...ඉතින් ඒ කාලෙ ඇහැට කනට පේන්න හිටිය මට පිරිමි ළමයින්ගෙ බැල්ම නම් එමටයි..ඔය ආව උපාසක මහත්තය තිසර...මට වඩා අවුරුදු  2 වැඩිමහල් ...ඉතින් වැඩි කල් නොගිහින්ම තිසර එක්ක බැදෙද්දී මට යාන්තමින් 15 පහු උනා විතරයි ...තිසර අපේ ගමේම යමක් කමක් තිබුන පවුලක එකම දරුව...ඉතින් එයාලගෙ දෙමව්පියො මේ සම්බන්දෙට තදින්ම විරුද්ධ උනා..අන්තිමේ අවුරුද්ද ක් යන්නත් කලින් දෙන්න එක්කම පැනල ගියේ අපේ දුර නෑදෑ ගෙදර කට...එයාට අවුරුදු 17 ..බරපතලක් නොතේරුනු අපි දෙන්න අපේ ලෝකෙ තනි උනා..සති දෙකකට පස්සෙ තිසර ගෙ ගෙදර අය පොලීසිය එක්ක ඇවිත් අපිව හොයාගත්තෙ ..ඊට පස්සෙ එයාව අරන් ගියා..මං පරිවාසෙට දැම්ම...එහෙදි මට පුතෙක් ලැබුන...අවුරුදු 18 වෙලා එලියට ආවෙ අවුරුදු  එකහමාරක පුතෙක් එක්ක...දරුව එක්ක ආයෙම අච්චි ලගට ගියත් අම්ම මට සල්ලි එව්වෙ නෑ තරහට..ආච්චිට දරුව දීල යාන්තමින් ගාමන්ට් එකකට වැඩට ගියේ දරුව හදාගන්න ...නොවිදිනා දුක් විදල ලොකු කරපු පුතාට යාන්තමින් අවුරුදු 6වෙද්දි ආච්චි නැති උනාම දරුව දාල වැඩට යන්න විදියක් තිබුනෙම නෑ..ජීවත් වෙන්න බැරිම තැන එහා ගෙදර අක්ක කිව්වෙ රස්සාවක් ගැන..රෑට විතරක් කරන්න පුලුවන් ...ඒක ස්පා එකක්...පිරිමින්ගෙ ඇග මසාජ් කරන්න තිබුනෙ..දරුව ගෙදර නිදි කරල දොර වහල යන මම පාන්දරම ආයෙමත් එන්නෙ පුතා නැගිටින්න කලින්..දවල්ට පුතා අරන් ස්කෝලෙ යනව රෑට වැඩට යනව...තරුණ වයසෙ හිටිය මට එතනට ආව පිරිමි වෙන වෙන යෝජනා කලේ සල්ලි ගොඩක් දෙන්නම් කියල ..අන්තිමේ නතර උනේ ගණිකාවක් වෙලා...අවුරුදු 10 ගෙව්ව ඒ පව්කාර ජීවතේ....පුතා ටික ටික ලොකු වෙද්දි එයා ඉල්ලන හැම දෙයක්ම අඩුපාඩුවක් නැතුවම දුන්න...සල්ලි ඉල්ලන ඉල්ලන සැරේට දුන්න..එයා මොනවද කරන්නෙ හොයන්න බලන්න මට ඕන උනේ නෑ..රෑට විතරක්  ගිය මම දවල්ටත් යන්න පුරුදු උනා..ගමේ මිනිස්සු මූනට නොකිව්වට ගොඩක් අය දැනගෙන ඉන්න ඇති...මට ගානක් වත් උනේ නෑ...මගේම පුතා ගෙ වයසෙ ලමයි ආවත් මට ගානක් උනේ නෑ...ඒත් හදිසියේම දවසක් උනේ නොහිතපු දෙයක් ...


නිශානි අන්න පොඩි කොල්ලෙක් ඇවිත් උ/ඹ පලයන් මටනම් පොඩි එවුන් හරියන් නෑ...ඒකෙම වැඩ කරපු ගයනි ඇවිත් කිව්වම මං සූදානම් වෙලා කාමරේ ඇදට උනේ වෙනද වගේමයි ...ඒත් දෙවියනේ දොරෙන් මතු උනේ මගේම පුතා. තාම කටේ කිරි සුවදවත් ගියේ නැති අවුරුදු 16මගේ පුතා ...


අම්මා.....එච්චරයි පුතාට කියවුනේ...මගේ උගුර කට වේලෙද්දි එයා පැනල දිව්වෙ එලියට ..ඇදට වෙලා පිස්සියෙක් වගේ ඇඩුවෙ මගේ කාලකන්නි ජීවිතේට සාප කරගෙන ...පැයයි ගෙවුනෙ...නිශා ඉක්මනට වරෙන් උඹගෙ පුතා ඇක්සිඩන්ට් වෙලා...සත්තයි පිස්සියක් වගේ දුවගෙන ගිය මං දැක්කෙ කෝච්චියට පැනල කුඩු වෙලා ගිය මගේ රත්තරන් පුතාගෙ මිනිය....කදුලු ඉවරවෙනකල් ඇඩුවත් මට මිදෙන්න බෑ ඒ දරු ගින්නෙන්...මිනිස්සු මට සාප කලා..අහිංසක දරුව මැරුනෙ වේස කමට......


අන්තිමේ සැනසීම හොයාගෙන ආවෙ මේ ආරාමෙට..තවම රහත් වෙලා නැති නිසා හැමදාමත් පින් පමුනවන්නෙ තරුණ දරුවගේ ජීවිතේට....


දීර්ඝ සුසුමක් හෙලපු ලොකු මෙහෙණින් වහන්සේ ආයෙමත් වැඩම කලේ කුටියට....සසර නම් මෙයයි..බැදීම් ඇති වෙනව නැතිවෙනව...සමහරු අපිට කර්ම රැස් කරද්දි සමහරු අපිට කර්ම ගෙවන්න උදව් කරනව...බණ පොතක තිබුනු අනුශාසනාවක් උන්වහන්සගේ මතකෙට ආවෙ ඉබේටමයි ...



ප්‍රාර්ථනා බණ්ඩාර  ❤


ඔව් ඒ අමාවක


 ඔව් සත්තකින් ඒ අමාවක....

තාරපති ට අහිමි නුබ මොරදෙන

ගිනි මැස්සන්ට අයිති රැය...

ගිනි මැස්සන්ගේම රැය....


කෛලාසනාරූඪ ආල ප්‍රභාවක...

නුරා කැල්මක් විදිනු සදිසි....

කේෂ ප්‍රසාදිත සුගන්ධ මිහිරාව

රිසි සේ විදිනු දිසි

ස්වප්න ප්‍රේමාලිංගන

නෙතු මානයේ දකිනු රිසි

හෝරා යතුර කැරකැවෙන 

සොඳුරු ම සුයාමයක

 හදවත් ගැස්ම අහිමි කොට...

අන්සතු  නමක ට සින්නවෙන.

ගැස්සෙන ළයක රිද්මය

එකින් එක යා වෙන...

අනුරාගිකම හෝරාව...

ඔව්...

සත්තකින් 

හිත් දෙකක් ඒකාත්මික කළ

සුයාමය විය....

අන්ධකාර අමාවක....

ගිනි මැස්සන්ගේ එළියෙන්

පහන් සිළු අතැර ගිය...



ප්‍රාර්ථනා බණ්ඩාර ❤


ගිනි මැස්සන්- කණාමැදිරියන්

Thursday, January 20, 2022

නුඹ සේයා...කෙටිකතාව

 




" සඳු මහත්තයා... මම ඇතුලට එන්නද... "


ඇහෙන නෑහෙන ගානට දොරට තට්ටුවක් දාපු කෙල්ලගෙ හීන් හඩ ඇහෙද්දි මං උන්නෙ නෑහුන ගානට.. ඒ හඬ ඇහෙන තප්පරේටත් ගැහෙන්න හදන මගෙ හිත ගැනත් මට ⁣තිබුනෙ ලොකු කේන්තියක්.. 


" සඳූ මහත්තයා... මහත්තයාගෙ කිරි එක නිවෙනවා..."


කෙල්ල ආයෙම දොරෙන් එහා පැත්තෙ ඉදන් තට්ටු දාද්දි මට තවත් ඇදට ගුලිවෙලා ඉන්න හිතුනෙ නැ.. කම්මැලිකමින් ඇදෙන් බැස්ස මංදොර ගාවට ඇවිදන ආවා.


" මහත්....තයා...."


ඇරුන දොර අස්සෙන් මං මුලින්ම දැක්කෙ ⁣බිමට වැටෙන්න ඔන්න මෙන්න තිබුන ඒ බෝල ඇස් දෙක... ඒ ඇස් නැවතිලා තිබුනෙ ටී ශර්ට් එකක්වත් නැති මගෙ නග්න පපුවේ.. කිරි වීදුරුව අල්ලන් ඉන්න අත් දෙක වෙව්ලනවද මංදා.. කෙල්ල උන්නෙ බය වෙලා.. උනේ මොකක්දකියලා යන්තමට මට ඒත්තු යද්දි මගෙ මූනට ආවෙ මහ කැත හිනාවක්..


" ඕක අරන් ඇතුලට එනවා.."


මං කියද්දි ඒ ඇස් තව ලොකු උනාද මංදා.. වැටෙන්න ඔන්න මෙන්න තියෙන ඒ ඇස දිහා මං බලන් උන්නා..  ඇතුලට අඩියක්වත් නොත්යා දොර ලග හිටන් ඉන්න කෙල්ලගෙ මූනටම එබෙද්දි කෙල්ල තව ටිකක් පස්සට පැන්නා..


" ඇතුලට එන්න කිව්වම එන්නැතුව ඉන්නෙ.. ඇදලා අරන් දොර වහගන්නද..."


මං කියද්දි අහිංසකාවි ගැස්සිලා යන හැටි හොදටෝම දැක්කා.. ඒත් මට දැනුනෙ දුකක් නෙවේ... මහ ලෝබකමක්..


" මේක ගන්න මහත්තයා.. ලොකු නෝනා දැක්කොත් මගෙ රස්සාවත් ඉවරයි..."


ඒ වෙව්ලන බටිති තොල් පද්ද පද්ද කියද්දි මට හිතුනෙම ඇදලා අරන් පපුවට හේත්තු කරගන්න... මොහොතකට ඒ දෙතොල මගෙම කරගන්න.. ඒත් දඩබ්බර මගෙ හිතට මමම තරවටු කරන් කිරි වීදුරුවට අත තිබ්බේ ඒ වෙව්ලන අතත් යන්තමට අල්ලන ගමන්..


දැනුනා.. කෙල්ලව තව තවත් ගැස්සිලා ගිය හැටි දැනුනා.. අයිස් කුට්ටියක් තරමට සීතල වෙලා තිබුන ඒ අත මතට වැටුන මගෙ උනුසුම් අතේ පහසට ⁣පුංචි කෙල්ල වෙව්ලන හැටි මං දැක්කා... ඒත් තප්පර ගානක ප්‍රමාදයත්වක් නැතුව කෙල්ල අත ඇදලා ගද්දි හැලෙන්න ගිය කිරි එක අල්ල ගත්තෙ හරි අමාරුවෙන්..


" පුච්චන්නද හදන්නෙ.. අත පන නැද්ද..."


" ස..මා වෙන්න මහත්තයා... මං.. මං හිතුවෙ මහත්තයා අල්ල ගත්තා කියලා..'


" අල්ලගත්තනම් කිරි එක ඉහිරෙයිද.. "


මං ටිකක් සැරෙන් කියද්දි ආයෙමත් අර වීදුරු පාට ඇස් උස්සලා මං දිහා බලපු කෙල්ල ඔළුව බිමට නවාගෙන මං ගාවින් දිව්වෙ කෙල්ලගෙ සුවඳ විතරක් මං ගාව ඉතුරු කරලා...


" උඹ මාව පිස්සු වට්ටනවා කෙල්ලෙ.. දවසින් දවස මොකක්ද මේ වෙන්නෙ මට..."


අතේ තිබුන කිරි වීදුරුව දිහා බලන් මම මිමිනුවා... ඇත්ත... ටිකක් නෙවේ මේ කෙල්ල මාව පිස්සු වට්ටලා තියෙන්නෙ.. හුස්ම හිර වෙන තරමට මාව පිස්සු වට්ටලා... වගකීම් සහගත පිරිමියෙක් කියන එක මට අමතක වෙන්නම මාව පිස්සු වට්ටලා..


සඳුල් සහස්‍ර හංසගිරි වෙච්චි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයගෙ ගල් හිත උනු කරලා දාන්න මේ පුංචි කෙල්ලට පුළුවන් වෙලා.. මට මාව අමතක වෙලා ගිහින්..  මගෙ තත්වෙ අමතක වෙලා ගිහින්... ඒත් එකම එක දෙයක් දන්නවා... ඒ මගෙ පිරිමි පපුවෙ අස්සක් මුල්ලක් නෑරම මේ පුංචි කෙල්ල පහුරුගාලා.


………………………………………………………………………………………………………………………………


" සඳුල්.. මොකක්ද මේකෙ තේරුම ආහ්.. ඇයි ඔයා එන්ගේජ්මන්ට් එක පෝස්ට්පෝන් කරන්න හදන්නෙ..."


මගෙ වෙන්න ඉන්න මනාලිය... මාධවී සුභසිංහ කිටවද්දි මං උන්නේ ඒ කිසි දෙයක් නෑහුන ගානට... මාධවී සුභසිංහ... සුභසිංහ ගෘප් ඔෆ් කම්පනි ඕනර් දනුෂ්ක සුභසිංහගෙ එකම දුව... බිස්නස් මැරේජ් එකක්.. අපේ සිද්ද වෙන්න යන මැරේජ් එක ගැන එහෙමයි හිතුනෙ.. ඒත් මට ඕන උනේ නැ මැරි කරන්න.. මාධවීවනම් කොහොමටවත් ඕන උනේ න.. 


" කන් ඇහෙන්නැද්ද සඳුල්.. මොකක්ද වෙලා තියෙන්නෙ.."


මාධවීගෙ කරච්චලේ... මට එහෙමයි හිතුනෙ.. තවත් සතියකින්වෙන්න තිබුන එන්ගේජ්මන්ට් එක මම කල් දාන්න ඕන කියද්දි මාධවීගෙ මේ කන්කරච්චලේ නැතිවෙච්චි නැති තරම්.. ඒත් හිතට එකඟව මට මේ කසාදෙ කරන්න ඕන උනේ නැ.. මොකද මගෙ හිත පුරාම අඩිතියන ඒ අහිංසක ඇස් මැවිලා පේන්න ගද්දි වෙන කෙනෙක්නම් ඕනම නැ..


" අපි තාම හරියට අඳුරගෙනවත් නැ මාධවී.. ඒ නිසා ටිකක් කල් ගමු..."


" තවත් මොනා අදුනගන්නද සඳුල්.. ඇරත්.අපේ පේරන්ට්ස්ලා ඕනටත් වඩා අදුරගෙන තියෙන්නෙ.."


මාධවී කියද්දි මං මාධවී දිහා බැලුවෙ කේන්තියෙන්.. ඇත්ත.. අපේ දෙමව්පියො අඳුරනවා.. සෑහෙන කාලයක් තිස්සෙ අදුරනවා.. ඒත්.ඒ ඇදුනුම්කම ඇතිද... 


" එයාලා අදුනගත්තට අපි තාම හරියට අදුනගෙන නෑ මාධවි.. ඇරත්.මැරි කරන්නෙ අපි දෙන්නා මිසක අපේ පේරන්ට්ස් ලා නෙවෙයි..."


මාධවීට කියන්න පුළුවන් උපරිම සංයමයෙන් කියපු මම ඉදන් උන්නු තැනින් යන්න නැගිට්ටා... ඒ හා සමානව මගෙ ඇස්නැවතුනෙ අපි දිහාවට ඇවිදන් එන කෙල්ල දිහාවට.. ලෝබයි මට... ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති තරම් මට.. දිගම දිග ⁣කොන්ඩේ.. තනි කරලකට ගොතලා.. රෝස පාට චීත්ත ගවුමක් ඇදන්... අඩි තියන්නෙ පොලොවට නොදැනෙන ගානටද මංදා... මට මොහොතකට අමතක උනා.. මාධවී මං ගාව කියන එක මට අමතකමවෙලා ගියා.. මං බලන් උන්නෙ හරි හිමිහිට අඩිතිය තිය ට්‍රේ එකත් උස්සන් එන කෙල්ල දිහා..


" සඳුල්... "


මාධවී කතා කරද්දි ගැස්සුනා මාව... මොකද මගෙ මුළු අවධානෙම කෙල්ල ගාව නිසා.


" ඔයාගෙ වෙනසට හේතුව මේ සර්වන්ට්ද.."


සත්තයි ගැස්සුනා මාව... දෙතුන්පාරකට මගෙ පිරිමි හිත ගැස්සිලා යද්දි මං එහෙම්මම වාඩි වෙලා මාධවී දිහා බැලුවෙ බය වෙලා වගෙ.


" ඔයාගෙ මොලේ හොද නැද්ද මාධවී... සර්වන්ට් කෙනෙක්ට ආදරේ කරන්න මට මොකක්හරි ලෙඩක් කියලාහිතුවද..."


ලඟටම ඇවිදන් ආපු කෙල්ලගෙ සවන්කුහර අස්සෙන් මගෙදරදඩු වචන එක තප්පරේට රිංගන්නඇති කියලා මට දැනුනා.. මොකද ඒ අතේතිබුන ට්‍රේ එක ගැස්සෙන හැටි මං දැක්කා... හිත පිපිරෙන තරම් වේදනාවක් දැනුනා මට... 


" ඒ උනාට ඔයාගෙ ඇස් කියන්නෙ ඒ කතාව නෙවෙයි සඳුල්... මට කමක් නෑ ඔයා සර්වන්ට් එක්ක මොන මගුල නැටුවත්.. හැබැයි අමතක කරන්න එපා.. අපේවෙඩින්ග් එකට හැමදේම රෙඩි වෙලා ඉවරයි.."


හිතක් පපුවක් නැතුව මාධවීගෙ මුවින් පිටවෙන වචන මට හිතුනෙම මාධවීට දෙකක් අනින්න... කෙල්ලගෙ බෝල ඇස් රතට හැරෙන හැටි යන්තමට දැක්කත් මුකුත්ම කියාගන්න බැරි ගානට අසරනකමක් මට දැනුනෙ.. කෙල්ල වෙව්ලන දෑතින්ම ට්‍රේ එක අපි ගාවින් තියලා හරි ඉක්මනට අඩි තියලා යන හැටි මං බලන් උන්නෙ ඇස් කොනින්..


"මාධවී... තමුන් කැමති විදියකට කැමති දෙයක් හිතාගන්නවා... ඒත් මං තාම වෙඩින්ග් එකට තියා එන්ගේජ්මන්ට් එකටවත් රෙඩි නෑ.. ඒනිසා මට පාඩුවෙ ඉන්න දීලායනවා.."


මං නැගිට්ටෙ ⁣ඉක්මනටම කෙල්ලගාවට දුවන්න හිතන්.. මට ඕන උනේ ඒ බෝලඇස්වල කදුළු පිහන්න.. දන්නැ මං.. ⁣කියාගන්න නොතේරෙන දුකක් පපුවට දැනෙද්දි මං ගේ ඇතුලට දිව්වෙමොහොතකට මාධවී කියපු හැම කතාවක්ම අමතක කරලා...


………………………………………………………………………………………………………………………………


සංසලා මිහින්දි... මගෙ පිරිමිහිත පහුරුගාපු අහිංසකාවිගෙ නම... පිනි කැටයක් ව⁣ගෙ.. අඬන්නඔන්න මෙන්න තියෙනඒ⁣ බෝල ඇස්... මොහොතකට මාව⁣ ⁣ගොලු කරලා දැම්මා.. පිරිච්ච කම්මුල්... රතට හුරු ඒ බටිති තොල්.. මට මාව අමතක වෙන තරම්... අපේ ගෙදර සර්වන්ට් කෙනෙක් උනේ කොහොමද.. දැක්ක පලවෙනි දවසෙම හිතුනෙ මට එහෙම... සර්වන්ට් නෙවේ... කොයි කව්රු උනත් මේ ඉන්නෙ සඳුල්ගෙ හිත අවුරුදු විසි නවයකටපස්සෙ හොලවලා දාපු පුංචි අහිංසකාවිය... 


මංබලන් උන්නෙ කුස්සියෙ උලුවස්සට හේත්තු වෙලා.. සින්ක් එක පැත්තට හැරිලා මොනාදෝ හෝදනවා.. ඒ උරහිස් ගැස්සෙනවා.. කෙල්ල අඬනවද මංදා... මං හිමින් හිමින් අඩිතිය තිය කෙල්ල ගාවට කිට්ටු උනා... දැනුනෙ නෑ කෙල්ලට... මට හිතුනෙම මොහොතට කෙල්ලව තුරුළු කරගන්න... ඒ පිට මගෙ පපුවට හිර කරගන්න.. සිතුවිල්ලකට පමනක් සීමා නොවී මං හරිඉක්මනට කෙල්ලගෙ ඉන වටේ අත දාලා මගෙ පපුවට ඇදලා ගත්තා... තප්පර ගානක්ම කෙල්ලව වෙව්ලන හැටි මංදැක්කා.. හරියට දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ


" මොකද... ම්ම්.."


" අත්...තරින්න සඳුල් මහත්තයා.."


කෙල්ලගෙ හඬත් එක්කම වෙව්ලනවා... ඒ ගැහැනු ආත්මෙම පිරිමැදපු එකම පිරිමියා මම වෙන්නැති... පිරිමි ස්පර්ෂයක්වත් නොදැනුන ඒ ගෑනු ආත්මෙම වෙව්ලන හැටි මගෙ ඇස් දෙකටම පේනවා... කෙල්ලව ගැස්සෙන්නෙ ඒ තරම් බයෙන්..


" අල්ලගත්තෙ අතාරින්න නෙවේ.."


" අනේ... ලොකු මැඩම් දකියි.. මාව අතාරින්න..."


" මට බෑ.. මට ඕනි ඔයාව..."


ඒ සවන්පතක මගෙ දෙතොල නවත්තලා මං කිව්වා. කෙල්ලව ඇකිලිලා ගියෙ හරියට නිදිකුම්බා කොලයක් වගේ..


" අනේ එපා දෙයියනේ... අතාරින්නකො.."


කෙල්ලගෙ සීතලම සීතල අත් දෙක ඒ ඉනවටේ එතිලා තිබුන මගෙ අ් දෙක උඩින් තියලාකෙල්ල හැදුවෙ මගෙන් මිදෙන්න... දැනුනෙ පුදුම තරම් ලෝබකමක්... මං හැදුවෙ කෙල්ලව මගෙ පැත්තට හරවගන්න.. ඒත් බුරුල් උන මගෙ අත් දෙක ඒ අත් දෙකෙන්ම ඈත් කරලා දාලා කෙල්ල දුවන හැටි මං බලන් උන්නෙ හිනාවකින් මූන පුරෝගෙන...


" දැන්නම් මට උඹව ඕනමයි මැනි⁣ක... උඹ මාව පිස්සෙක් කරලා..."


දෑතින්ම මගෙ හිසකේම ඇදගත්තු මං මටම කියාගත්තෙ පපුව පැත්තක් හිරිවැටෙනවා වගේ දැනෙද්දි..


………………………………………………………………………………………………………………………………


" සඳුල්... මොකක්ද මේ මාධවී කියන්නේ... මුන් එන්ගේජ්මන්ට් එක කල් දාන්න ඕන කියන්නෙ..."


තාත්තා මාව අල්ලගත්තෙ⁣ රෑ කෑම මේසේදි.. කකා උන්නු පාන් කෑල්ල පැත්තකින් තියලා මං තාත්තා දිහා බැලුවා..


" මට දැම්ම මැරිකරන්න බෑ තාත්තා.. ඇරත් මැරි කරන්න තරම් මාධවීව මං අදුනගෙන නෑ..."


" මැරිකරලා අදුන ගන්න බැරිකමක් නෑනෙ සදුල්.. හැමදේම ලෑස්ති කරලා කට උඩට ආවමද මැරි කරන්න බෑ කියන්නෙ.."


" මං රට ඉදන්ඇවිත් තාම සතියක්වත් නෑ තාත්තා.. අනේ මොකක්ද අප්පා මෙච්චර හදීසියෙ මට මැරි කරන්න කියන්නෙ.."


" සඳුල්..අමතක කරන්න එපා.. සුභසිංහගෙ උදව් අපිට ඕවම වෙලාව මේ.. අපේ බිස්නස් වැට උඩ තියෙන්නෙ... "


" තාත්තාකියන්නෙ කඩන් වැටෙන බිස්නස් එකක් නිසා මට නොදන්න කෙනෙක්ව මැරි කරන්න කියලද.. අනේ⁣ මටබෑ තාත්තා... "


මං කියද්දි ඒ ඇස්රකුසුවෙන හැටි මං දැක්කා..ඒත් මට මාධවීව මැරිකරන්න කොහොමටවත් ඕන උනේ නැ..


" සඳුල්... උඹ නටන්න ලෑස්ති වෙන්න එපා හරිද... උඹ හිතන්නෙ උඹ අරවැඩකාරි එක්ක නටන නාඩගම මං දන්නැ කියලද...මාධවී මට කිව්වා.."


" හහ්... කිව්වද... මරුනෙ.. ඒගමන අර සර්වන්ට්වත් අල්ලගෙනද... අනෙ තාත්තා මේ... කොහෙවත් ඉන්න වැඩකාර කෙල්ලොඑක්ක ලව් කරන්න මට කිසි උවමනාවක් නැ.. මාධවී⁣ට ඔළුවෙ අමාරුවක්ඇති..."


හිත.තිගැස්සුනත් මං කිව්වෙ තිගැස්සුන සිතුවිලි හංගගෙන.. 


" මං ඔය වයස පහු කරලා තියෙන්නෙ සඳුල්... මාව මාරයා නොකර ලෑස්ති කරගත්තු දිනේට එන්ගේජ්මන්ට් එක.ගන්න ලෑස්තිවෙයන්..."


තාත්තගෙ අවසන් තීන්දුව... මට දැනුනේ හැමදේම අවසානයි කියන එක... මගෙ.ආදරේ... මගෙ.කුළුදුල්.ආදරේ... ඒ ආදරේ විඳින්නත් කලින්ම ඒ ආදරේ දෙන්නත් කලින්ම මගෙ කකුල් දෙක ගාවම කඩන් වැටුනා හා සමාන වේදනවකින් මගෙ හිත පහුරු ගාද්දි මම නැගිට්ටා.. තාත්තා බලන් උන්නත්.මං තාත්තා දිහා එක බැල්මක්වත් නොතියා කාමරේට යන්න ගියේ වේදනාවෙන්... 


………………………………………………………………………………………………………………………………


කිව්ව විදියටම තාත්තා හැමදේම ලෑස්ති කලා.. හරියටම තව දවස් තුනකින් මගෙ එන්ගේජ්මන්ට් එක.. මං උන්නෙ සිතුවිලිගොන්නක අතරමං වෙලා.. මට ඕන උනේ මේ හැම එකකින්ම පැනලා දුවන්න.. මගෙ.අහිංසකාවි එක්කම පැනලා දුවන්න.. තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය ගතවෙලා දවසින් දවස ලං වෙද්දි මට තවත් බලන් ඉන්න බෑ.. මගෙ අහිංසකාවි... මට එයාව අහිමි කරගන්න ඕන උනේම නෑ...


නිදන් උන්නු ඇදෙන් නැගිට්ටා මම... වෙලාව පාන්දර එකට කිට්ටු වෙලා... එහෙම්මම රූම් එකෙන් එළියට ආපු මම ගියෙ කුස්සිය දිහාවට.. කුස්සියටම අල්ලලා තිබුන කෙල්ලගෙ කාමරේට අනවසරයෙන්ම ඇතුලු උන මං ඇද දිහා බැලුවා... කෙල්ල ඇඳේවත් කාමරේවත් කොහෙවත් උන්නෙ නැ... මගෙ පපුවට දැනුනෙ අමුතු වේදනාවක්... පිස්සුවෙන් වගෙ මුළු කාමරේම ඇවිස්සුවා මං... කෙල්ලගෙ කියන්න තිබුන ඇල්පෙනිත්තක දෙයක් කෙල්ලගෙ කාමරේ තිබුනෙ නැ...


මට දැනුනෙ මට පිස්සු හැදෙන්න එනවා වගේ... මටත් නොකියම කෙල්ල යන්නගිහින්.. මගෙආදරේ කෙල්ල විඳින්න කලින්ම යන්නගිහින්... කෙල්ලගෙ ඇඳ  උඩටම කඩන්වැටුන මං දෑතින්ම හිස බදාගත්තා... 


" මැනික... දෙයියනේ උඹ මාව දාලා ගියෙ කොහොමද.. මගෙ මැනික... අනේ එක පාරක් මට කතා කරන්න තිබුන⁣ා කොහෙද ගියෙ මැනික.. කොහෙද ගියේ..."


ජීවිතේ පලවෙනි වතාවට මගෙ ඇස්වලින් කදුළු කඩන් වැටුනෙ හරියට වාන්දානවා වගේ.. නවත්තගන්න දැනන් උන්නෙ නෑ මං.. හිත පහුරු ගාන වේදනාව උහුලන්න දැනන් උන්නෙ නෑ මං.. ඉකි ගැහෙන්න එන වේදනාව හිර කරන්ම කෙල්ල හිස තිව්ව කොට්ටෙ මං මගෙ උකුලට අරන් ඉඹගෙන ඉඹගෙන ගියා...


තාමත්.දැනෙනවා මට.. කෙල්ල ලගින් විහිදුන ඒ මුදු සුවද මගෙ නාස්පුඩු අතරින් රිංගනවා තරම් දැනෙනවා මට... මගෙ ඇස්වල කදුළුවලට නිවනක් නැති වෙද්දි මගෙ ඇස් ඉබේම නැවතුනෙ කොට්ටෙ තිබුන තැන...


හතරට පහට නවපු පුංචි කොලකෑල්ලක් ගාවින් මගෙ ඇස් නවතිද්දි මං හරි ඉක්මනට කොලේ අතට ගත්තා... දැනුනෙ මගෙ අත් දෙකම වෙව්ලනවා වගේ... 


හරි පරිස්සමට දිගෑරපු කොලේ උඩින්ම මම දැක්කෙ ඒ රවුම් අකුරු වලින් ලියවුන කෙල්ලගෙ අත් අකුරු... ආදරණීය සඳුල් මහත්තයා... කී පාරක්ද මංදා.. මං ඒ අකුරු පේළිය දිහා බලානම උන්නා...


" ජීවිතේ හුස්මක් හුස්මක් ගානෙ පහුරු ගාපු මගෙ මහත්තයා.. ටිකක් නෙවේ... උස අත්තක පිපිච්ච මගෙ මහත්තයට ආදරේ කලේ ටිකක් නෙවෙයි මම... අම්මා විතරක් ඉන්න  දුප්පත්  කෙල්ලෙක් උන මට... ඔයාගෙ ගෙදර සර්වන්ට් කෙල්ල උන මට මහත්තයගෙ.ආදරේ ඕනවටත් වඩා දැනුනා... ඒත් මහත්තයො.... ඔය ආදරේ විඳින්න පිනක් නෑ මට.... මගෙ අම්මා... එයාව වටිනවා මට... අහිමි කරගන්නබෑ මට මගෙ අම්මව.... 


මං දන්නවා... මහත්තයා මට මහ හුඟක් ආදරෙයි කියන්න මම දන්නවා... ඒ ආදරේ විඳින්න මේ පව්කාරිට පිනක් නෑ මහත්තයෝ.. මාධවී මැඩම් මහත්තයට ආදරෙයි... පටන් ගන්න යුග දිවිය සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... 


පරිස්සමට ඉන්න මගෙ මහත්තයො... මේ අසරනීට සමාව දෙන්න... හැමදාම මහත්තයා මගෙ පපුව කොනක හරි පරිස්සමට ඉඳිවි...."


බුදු  සරණයි මහත්තයො... මං  සංසලා...


ඒ රවුම් අකුරුවලින් ලියවිච්ච ලියවිල්ල පුරාම තිබුන කදුළුවල පැල්ලම් අදුනගන්න අපහසු උනේ නැ මට.. සිද්ද උන හැමදෙයක්ම අකුරක් නෑර තේරෙද්දි තවත් ඇස්කන් පියන් ඉන්න ඕන උනේ නැ මට... මගෙ කෙල්ලව නැති කරගන්න කීයටවත් ඕන උනේ නෑමට... 


අතටම ගුලිඋන කෙල්ලගෙ ලියවිල්ලත් එක්කම ඇදෙන් නැගිට්ටා මම... මටත් කලින් ම⁣ෙ සිතුවිලි ඉස්සර වෙද්දි හැමදේම එපා කියන තැන ඉදන් මං මගෙහැමදෙයක්ම අතැරලා යන්න හිත හදාගත්තෙ තව දුරටත් මට මගෙ කෙල්ලව අතැර ගන්න බැරි නිසාමයි...


………………………………………………………………………………………………………………………………


හරියටම එන්ගේජ්මන්ට් එකට තිබුනෙ පැය පහක් විතරයි... අත පය අකුලන් කාමරේට වෙලා ඉන්න හිත හදාගන්න බැරි උනා මට... මට ඕන උනෙ මගෙ කෙල්ල ගාවට දුවන්න. මොන ලෝකෙකින් හරි මගෙ කෙල්ලව හොයාගන්න...


එන්ගේජ්මන්ට් එකට බම්බු ගහන්න හිතන් මං කාමරෙන් එළියට ආවා.. හරියටම පාන්දර දෙකයි... ගෙදරින් කියලා කිසිම දෙයක් ගත්තෙ නැ මම.... රට ඉන්න කාලෙ හම්බ  කරගත්තු සල්ලි ඉතුරු කරගත්තු ඩෙබිට් කාඩ් එක ඇරුනු කොට කිසිම දෙයක් ගත්තෙ නෑ මං... 


පඩිපෙල බැහැගෙන ආපු මම පාරට ආවා... පා ගමනින්ම ටවුන් එකට ගියෙ හද්ද කළුවරේ.. ෆෝන් එකේටෝච් එලියෙන්... පැයක් ගත වෙන්න ඇති... ටවුන් එකට එද්දි... ඉදලා හිටලා යන බයික් ඇරුනු කොට පාරෙ වාහනයක් නැති තරම්... 


මම ඇවිදගෙන ආවෙ බස් ස්ටැන්ඩ් එකට... එහෙම්මම නවත්තලා තිබුන බස් එකකට ගොඩ උනා මං.. තවත් පැයකින් අනුරාධපුරේට පිටත් වෙන බස් එකේ පිටිපස්සෙම සීට් එකේ කොනට වෙන්න වාඩි උනා... පර්ස් එක ඇදලා අරන් අතට ගත්තෙ කෙල්ලගෙ ලියුම් කෑල්ල... කීපාරක්ද මංදා... මගෙ ඇස් ඔහේ ඒ අකුරු දිගෙ දිව්වා.. ආයෙම මගෙ ඇස්වලට කදුළු පිරෙන්න මහ වෙලාවක් ගත්තෙ නැ... පපුව ගැලවෙන්න තරම් වේදනාවක් දැනෙද්දි හෙඩ් රෙස්ට් එකට හිස තියන් මොහොතකට උන්නා මම..


විනාඩි ගානක් ගත වෙන්න ඇති... මට මගෙ ලගින් දැනුනෙ හුරුපුරුදු සුවදක්.... මගෙ හිස් මුදුන මතට දැනුන හුරුපුරුදු ස්පර්ශයක්... තප්පරේට ඇස්පියන් ඇරිය මං දැක්කෙ මගෙ අහිංසකාවිය...


හීනයක්... නැත්තන් මායාවක්ද.. හිතාගන්න බැරි උනා මට... මං ඇහි පිල්ලම් ගහගෙන ගහගෙන ගියා... මගෙ අත ඒ කම්මුලක දැවටුනෙ ඉබේම..


" මැනික...."


" සඳුල් මහත්තයා... "


" හීනයක්ද දෙයියනේ මේ..."


මගෙ පිරිමි ඇස්වලින් කදුළු වැටෙද්දි මං ඇහුවෙ වෙව්ල වෙව්ල... කෙල්ලගෙ සීතලම සීතල අතැගිලි මගෙ කම්මුල මතින් නැවතුවා...


" ම්හු.. හීනයක් නෙවෙයි... මේ මම.. සංසලා..."


කෙල්ල කියද්දි මං කෙල්ලව මගෙ පපුවට ඇදලා අරන් හයියෙන් තුරුළු කරගත්තා.. විනාඩි ගානක් හුස්ම හිර වෙන තරමට කෙල්ලව තුරුළු කරගත්තා... ඒ මුළු මූනම දෝතට අරන් ඉඹගෙන ඉඹගෙන ගියා... හිතුනෙ හීනයක්කියලා... නෑ මේ හැබෑවක්.. ම⁣ගෙ ආදරේ... මගෙපපුව පහුරුගාපු මගෙ ආදරේ මං ඉස්සරහා..


" ඔයා කොහොමද මෙතන මැනික... මං හිතුවෙ ඔයා මාව දාලම ගිහින් කියලා.."


" ගෙදරින් ආවෙ මං දැන් ටිකකට කලින් මහත්තයා... මහත්තයා කාමරේ ඉදන් මගෙ ලියුම කියවද්දිත් මං උන්නෙ කාමරේටම අල්ලලා තිබුන බාත්රූම් එක ඇතුලෙ.. මං මහත්තයා අඩන දිහා බලන් උන්නෙ.... ඕන උනේ මහත්තයා ගාවට ඇවිත් තුරුළු වෙන්න.. ඒත් හරි අසරන උනා මං..."


කෙල්ල කියද්දි මං ඒ මුණ ආයෙම සිප ගත්තා... 


" මං ආදරෙයි මැනික... මහ හුගක් ආදරෙයි... මට නැති කරගන්න ඕන උනේ නෑ ඔයාව.. ඒකයි මං ආවේ...""


" මමත් ආදරෙයි මහත්තයා... මහත්තයා නොදන්න තරමටම මං ආදරෙයි..."


කෙල්ල කිව්වේ රතට හැරුන බටිති තොල් පද්ද පද්ද... මට තවත් ඉවසන්න පුළුවන් උනේ නෑ... හරි පරිස්සමට ඒ දෙතොල මගෙ කරගත්තෙ ඒ ඇස් ඉබේම පියවිලා යද්දිමයි..


………………………………………………………………………………………………………………………………


පැය හයක ගමනාන්තයකින් පසුව මම උන්නෙ අනුරාධපුර පූජා නගරයේ... මගෙ ලෝකෙ වටිනම වස්තුව මගෙ පපුවට ගුලිවෙලා හොදටෝම නිදි... ඒ පියවුන ඇස් දිහා මං⁣ මොහොතක් බලන් උන්නා.. කෙල්ලට දැනෙන නොදැනෙන තරමට ඒ හිස සිපගත්තු මං කෙල්ලව අවධි කලා..


" බහිමු.. අපි ආවා..."


" මහත්තයා..."


" ම්ම්ම්... මහත්තයා තමයි... කෝ බැහැලා ඉමු... මගෙ යාළුවෙක් ඉන්නවා මෙ⁣හෙ.. ඌ දැනටමත් ඇවිත් ඇති... ඔයාගෙ අම්මත් පරිස්සමට ඇති.."


මං කියද්දි කෙල්ලගෙ මූනට එළිය වැටෙන හැටි මං බලන් උන්නෙ ආසාවෙන්... ඒ නලල් තලය මත්තෙන් මගෙ දෙතොල තද කරලා කෙල්ලගෙ අතින් අල්ලගෙනම බස් එකෙන් බැස්සා මං.. එහෙම්මම බස් ස්ටෑන්ඩ් එකෙන් එළියට ආපු මං කෙල්ලත් එක්කම ගියේ ස්ටේෂන් එක පැත්තට... මං යද්දිත් මගෙ යාළුවා දිලංක ඇවිත්..


" අම්මෝ සඳා... මේද උඹ කිව්ව නෙළුම් පොහොට්ටුව..."


ඇත්තටම නෙළුම් පොහොට්ටුවක්.. ම⁣ෙ කෙල්ල නෙළුම් පොහොට්ටුවක් තරමටම හැඩයි... දිලංක කියද්දි ම⁣ං කෙල්ලව මං ගාවටම හිර කරන් ඔළුව වැනුවා..


" යමන්... හැමදේම රෙඩි කලා.. යකෝ මල් තියලා වැදපං.. පැය තුනට රෙඩිකලේ... අපේ ගෑනි බලන් ඉන්නෙ... යමන්..."


දිලංක ඉස්සර වෙද්දි මං කෙල්ලත් එක්කම දිලංක පස්සෙන් වැටුනා... තවත් පැයකින් කෙල්ල සදහටම මගෙ වේවි.. උහුලගන්න බැරි තරම් සතුටක් හිතට දැනුනෙ...


බස් එකේදි කෙල්ලට නින්ද ගියපු තප්පරේම මම කලේ දිලංක ඇමතුව එක... විවාහයට හැමදේම සූදානම් කරන්න කියලයි මං දිලංකගෙන් ඉල්ලුවේ... වදුරු කුනුහරුප කෝටියක් ඒ කටින් පිටවෙන්න ඇති.. ඒත් කිව්ව විදියට පැය ගානකින් දිලංක හැමදේම ලෑස්ති කරලා..


දිලංකගෙ ගෙදර සරසන්න පුළුවන් විදියට සරසලා.. බැලුම් බෝල එල්ලලා... නෙළුම් මල් වලින් ඒ මුළු සාලෙම සරසලා.. හිතාගන්න බැරි උනා මට... පැය ගානකින් කොහොමද මේ හැමදේම ලෑස්ති කලේ කියලා..


කෙල්ලගෙ ඇස් දිලිසෙන හැටි දකිද්දි මට දැනුනෙ පුදුම තරම් ආද⁣රයක්...


" යමන්... තව පැයකින් රෙජිස්ට්‍රාර් එනවා කිව්වා.. මධූ කෙල්ලව ලෑස්ති කරයි.. උඹ යමන් මගෙරූම් එකට..."


" මධූ.. කෙල්ලව ලෑස්ති කරලා ගන්න... යන්න නංගි අක්කා එක්ක..."


දිලංක කෙල්ලව දිලංකගෙ වයිෆ්ට බාර දෙද්දි මං දිලංක එක්ක උගෙ රූම්එකටගියා..


" ගෙදර යකා නටනවා ඇති සඳා... උඹලගෙ තාත්තා පිස්සු වැටිලා ඇති.. කෙල්ලගෙ අම්මා පරිස්සමට නේද..."


" මාලකයට කිව්වා.. අම්මව ගනින් කියලා.. ඌ දැනටමත් අම්මා අරන් එනවා ඇති..."


අවුරුදුගානක් රට උන්නට මොකද මට උන්නා හොද යාළුවො ටිකක්.. වැඩක් කියන තප්පරේට හැමදේම රෙඩි කරන්න පුළුවන්.. අන්න ඒ නිසාම කිසිම කල⁣බලයක් නැතුවම හැමදේම රෙඩි කරගන්න මට පුළුවන් උනා..


" මේ මගෙවෙඩිමට ඇඳපු ෆුල් සූට් එක... කෙල්ලටත් මධූගෙ ඩ්‍රෙස් එක මැච් වෙයි.. ලෑස්ති වෙලා වරෙන්.. කොහොමත් කෙල්ලව බැන්දට පස්සෙ තාත්තට උනත් මුකුත් කරන්න බෑනේ..."


ඇඳ උඩ දාලා තිබුන ෆුල් සූට් එක පෙන්නලා දිලංක කිව්වා.. දිලංක රූම් එකෙන් එළියට යද්දි මං බාත්රූම් එකට රිංග ගත්තෙ හිත යටින් පිනුම් ගහන තරම් සතුටකින්..


………………………………………………………………………………………………………………………………


මගෙ ඇස් අහකට ගන්න හිතුනෙ නෑ මට... සුදු පාට සාරියට රෝස පාටින් බතික් කරලා හැඩ දාලා තිබුන ඒ චාම් වෙඩින්ග් සාරි එක කෙල්ලට හොදටම මැචිං... ඒ කෙල සරසලා තිබුනෙ මුතු ඇමුනුව පොඩි මාලෙකින්.. කෙල්ලගෙ දිගම දිග කොන්ඩෙ බෙල්ල මුලට වෙන්න ගුලියක් ගහලා.. ඒ පැත්තකින් රෝස පාට පිපුන නෙලුම් මලක් රදවල... ⁣කෙල්ලගෙ සවන්පෙති චූටි සුදු පාට මුතු කරාබු යුගලකින් සැරසිලා..


ඇස් අහකට ගන්න හිතුනෙ නෑ මට... අතේ තිබුන නෙළුම් මල්වලින්ම සැකසුව මල් කළඹත් අතේ තියන් ඔළුව බිමටම නවන් උන්නු කෙල්ල දකිද්දි මට හිතුනෙ පපුවට ඇදලා අරන් හිරකරගන්න... ඒ නළල මත්තෙ සිපුම් තබන්න... මං මාවම පාල⁣නය කරගත්තෙ හරි අමාරුවෙන්..


" අනෙ අම්මො යකො.. ඔය කෙල්ලව පන පිටින් අනුභව කරන එක නවත්තපං.. මෙතනින් එහාට උඹේ තමයි කෙල්ල.."


දිලංක සද්දෙට කියද්දි මධූත් කෙල්ල අල්ලගෙනම හිනා උනා.. කෙල්ලව ලැජ්ජාවටම රතුවෙලා.. යන්තම් තවරලා තිබුන වත්සුනු අස්සෙන්ම ඒ මූන රතුපාට වෙන හැටි පෙනෙද්දි කොහොම ඉවසන්නද..


" යමන්.. රෙජිස්ට්‍රාර් ඇවිත්... "


මධූ කෙල්ලව රෙජිස්ට්‍රාර් ගාවට අරන් යද්දි දිලංක මාත් එක්කම ආවා... අපි දෙන්නම එක ලගින් හිටගද්දි රෙජිස්ට්‍රාර් හැමදේම පටන් ගත්තා..


මං උන්නෙ සිහිනෙක අතරමං වෙලා... හිතාගන්න බෑ... මගෙ කුළුදුල් ආදරේ... මගෙ දකුනුපසින් හිටගෙන... මගෙ තුන්හිතම පහුරු ගාපු අහිංසකී... වෙව්ලන තොල් අතරින් ඒ පිටවෙන වචන නෑසෙන තරම් මට...


විවාහ සහතිකයට අත්සන් තබන ඒ වෙව්ලන අතැගිලි... කෙල්ල උන්⁣නේ මේ කිසි දෙයක් විස්වාස කරගන්න බැරි තරමට තිගැස්සිලා කියලා පේන්න  මේ ටික ඇති... මට දැනුනෙ පුදුමාකාර සතුටක්..


" අදින් ඇරඹෙන ඔබ දෙපලගෙ විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා..."


විවාහ සහතිකය අපි දෙන්නා අතට පත් කරද්දි මට දැනුනෙ ලෝකෙම ලැබුනා හා සමාන සතුටක්... සේයාවක් විතරක් වෙයි හිතුව මගෙ ආදරේ මගෙම වෙද්දි මට දැනුනෙ දරාගන්න බැරි තරම් ලොකු සතුටක්..


හෙමින් හෙමින් මගෙ පපුව පහුරු ගාපු මගෙ සේයාවි.... අද මේමොහොතේ ඉදන් මගෙ නේද කියලා දැනෙද්දි කෙල්ලව මගෙපපුවට හිර කරගත්තේ ඒ හිස් මුදුන මත්තෙ දෙතොල තද කරනගමන්මයි..



අවසානයි..


ප්‍රාර්ථනා බණ්ඩාර  ❤

කෙටි කතාවක්

 






" මොකක්ද යකෝ කරපු අසමජ්ජාති වැඩේ.... "


" පොඩ්ඩක් වගකීමෙන් වැඩ කරන්න බැරිද උ ඹ ට... "


" ලක්ෂ ගණන් වියදම් කරලා අම්මලා තාත්තලා උ ඹ ව ලොකු ලොකු ඉස්කෝලවල දාලා ඉගැන්වුවා... "


" ඒ වුනාට මේ වගේ පුංචි දෙයක්වත් උ ඹ ට ඉගැන්වුවේ නැද්ද..."


අනිත් එවුන් කන්න වගේ මගේ දිහා බලං ඉද්දි ටිරාන් විතරක් කටට ආපු සේරම නොසරුප් වදන් කියලා හිමංසට බැ න්⁣ නා...


" හරි හරි බං... මිනිස්සු අතින් තමයි වැරදි වෙන්නේ... "


වෙනදා වගේම හිමංසගේ පැත්තට කතා කලේ හසිත විතරයි...


" අතින් තමයි ය කෝ වැරැද්ද වුනේ... බ ල පං... "


" සල්ලි එකතු කරලා ගත්ත බෝතලේ... "


" මූඩිය ඇරලා සුවඳවත් බලන්න වුනේ නෑ.."


ටිරාන් හැඬුම්බරව කිව්වේ බිම වැටිලා සී සී කඩ ගිහිපු වි ස් කි බෝතලේ දිහා බලාගෙන...


" දැන් වුනත් ඉතින් අවුලක් නෑ... උ ඹ ට සුවඳ බලන්න පුළුවන්😂.. "


අසංග එහෙම කියාගෙනම වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිට්ටා....


" උ ඹ ට නම් විහිළු... "


" අඩෝ අ ඩි යක් ගහන්නැතුව ගෙදර ගියාම නින්ද යන්නෑ බං.. "


ටිරාන් කිව්වේ කල ගෙඩිය වගේ බඩ ගෙඩිය අතගාන ගමන්... 


" අළුතෙන් නේද සපත්තුව ගත්තේ...ආයේ අඩි ගහන්නේ මොකටද... "


අසංග හිනාවක් දාලා ගණනකට නොගෙන කියද්දි...


" උ ඹ ත් එක්ක බෑ බං... "


ටිරාන්ටත් හිනා... හිමංසගේ ෆෝන් එක රින්ග් වෙන්නේ මෙි අල්ල පනල්ලේ...


" අදවත් සිහියෙන් ගෙදර එන්න අදහසක් නැද්ද මහත්තයෝ.. "


කෝල් එක අරන් තිබුනේ අභිමානි..හිමංසගේ වයිෆ්...


" අද නම් සිහියෙන් එන්න පුළුවන් වෙයි බබා... "


" ඇයි...බොන්න ගෙනාපු බෝතලේ බිඳුනා වත්ද... "


⁣අභී අහද්දි හිමංසගේ ඇස් ඉබේටම ලොකු වුණා...


" දිවැස් තියෙනවද අභී... "


" දිවැස් නම් නෑ බබා... මං දන්නවනේ... මගෙ මහත්තයගේ බේ බ දු යාළුවො ටිකයි මගේ බේ බ දු හස් බණ්ඩයි නොබී ගෙදර එන්නේ එක්කො ගෙනාපු බෝතලේ බිඳුණම... "


" එහෙමත් නැත්තන් අපේ ගෙදර පාටියක් දාන්න එද්දි...එතකොට ගෙදරටනේ අරන් එන්නේ😂.. "


" ඒ නැතුව බෝතලේ තියෙන ඒවා කල් ඉකුත් වුණත් සේරම අන්තිමට ටොයිලට් වලට කියලා බොන බව මං දන්නවානේ සුදු මහත්තයො.."


එහෙම කියන අතරේ හිමංසගේ මුහුණේ ඇඳුණේ ලැජ්ජා සහගත හිනාවක්...


"ඇයි මොකද වුනේ... "


අසංග අහද්දි හිමංස ෆෝ්න් එක සාක්කුවට දාගත්තා..


" ලැජ්ජාව පුරවලා බාල්දියෙන් එකයි... "


හිමංස හිනාවකුත් දාගෙනම එහෙම කියලා අහක බලාගත්තා...වාහනේ පාරට දාලා හිමංස ගෙදර එන්න පිටත් වුනේ බර කල්පනාවක...


හුස්මේ සැමදා රැඳුනා - සඳනාරී උපමා මැවුනා..

වැස්සේ සිතුසේ තෙමුනා - කිඳුරාවී මනසේ ඇඳුනා..

නෙතු යාවී බැඳීලා සදා - හීන ගානේ රැයේහී පවා..

සඳසේයා වතේහී මවා - පිනි සීතේ දැනේවී කතා..


සුසුම් අංශු පාසා - සුපෙම්වන්ත ආශා..

රෑක මදනල ගවසා..

හැඟුම් රංචු වීලා - රැයේ පින්න පීරා..

මීන ඇසිපිය සලලා..

සිතේ හැඟුම කොඳුරා - සදා මටම ලැබෙනා නාරී..

සදා මාගෙ වීලා..

නෙතු යාවී බැඳීලා සදා - හීන ගානේ රැයේහී පවා..

සඳසේයා වතේහී මවා - පිනි සීතේ දැනේවී කතා..


රැඳී ඉන්න මාහා - සුපෙම් බැල්ම පාලා..

සේද රතඳර මුමුනා.. 

රැයේ නින්දෙ පායා - මවා දුන්නු සේයා.. 

දෑත සසරෙම අමුනා..

සිතේ හැඟුම කොඳුරා - සදා මටම ලැබෙනා නාරී..

සදා මාගෙ වීලා..

නෙතු යාවී බැඳීලා සදා - හීන ගානේ රැයේහී පවා..

සඳසේයා වතේහී මවා - පිනි සීතේ දැනේවී කතා..


කාරයේ රේඩියෝවේ වාදනය වුනු ගීතයට සවන් යොමන ගමන් හිමංස අතීත මතක අතරේ තනිවුනා...


" ඇත්තටම මල්ලි ඔයාට ⁣තේරුම් ගන්න බැරිද.. "


"ඔව්වා ඔහොම තමයි කො ල් ලො... "


" දාලා ගිහිපු අය ගැන ඇයි හිතන්නේ... "


" ඔයාගේ වැඩ ටික කරගන්න කලබල නැතුව... "


අතරමග නතර වුණු කසාදේ ගැන හිත හිත හිමංස දුක්වෙද්දි අබිමානි ඇවිත් හිමංසගේ හිත හදන්න උත්සාහ කලා.


" ඒ වුණාට අක්කේ.. "


" මං ඕනිට මොනවද ⁣අඩු පාඩු කලේ... "


" වෙඩින් එකේ පුංචිම දේවල් පවා ඒ කි ආස විදිහටනේ හැමදේම කලේ... "


හිමංස ඉකිබිඳින ගමන් කියද්දි අබිමානි හිමංස ලඟින් වාඩිවෙලා හිමංසගේ ඔළුව අතගෑවා...


" දැන් නාඬා ඉඳපං... "


හිමංසත් බෑ නොකියා අක්කට ඔළුව අතගාන්න දීලා පාඩුවේ හිටියා....ඔහොම කල් ගෙවුනේ හිමංසත් අබිමානිත් පුදුමාකාර විදිහට ලං වෙද්දි...


" ඉතින් ඇයි ඔයා කසාද නොබැඳ ඉන්නේ... "


හිමංස අභිමානි ලඟින් වාඩිවුනේ ඈත අහස දිහා හිස් බැල්මකින් බලාගෙන...


" ම්ම්ම්ම්..ගැලපෙන කෙනෙක් හම්බුන්නෑ.... "


අභිමානිත් ඔහේ ඈත ක්ෂිතිජය දිහා බලාගෙන කිව්වේ ලොකු හුස්මකුත් පිට කරලා...


" ඇත්තටම හේතුව ඒකද... "


හිමංස අහද්දි අභිමානි බිම බලාගත්තා.......


" මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ හිමංස... "


" ගොඩක් ප්‍රපෝසල්ස් ආවත් කිසිම කෙනෙක් කැමති වුනේ නෑ ඔය සිද්ධිය දැනගත්තම.. "


අභිමානිගේ හිස ඉබේටම බිමට බරවෙලා ඇස් වලින් කඳුළු වැටෙද්දි හිමංස අභී ලඟින් දණ ගහගත්තේ ඒ ඇස් තමන්ගේ දිහාට හරවගෙනම...


" මේ අහන්නකෝ... "


" අඬන එක නවත්තන්නකෝ... "


" මෙහේ බලන්න... "


" මගේ ඇස් දිහා... "


කඳුළු පිරුණු ඒ ඇස් හිමංස දිහාට හැරුණා...හිමංස සාක්කුවේ තිබුණු රතු පාට පුංචි පෙට්ටියක් එලියට ගත්තේ මේ අතරෙ..


" මගේ වෙනවද... හැමදාකටම... "


" මට වෙන මොකුත් එපා... මට ඕනි එකම එක දෙයයි... "


" ඔයාගේ ආදරේ විතරයි ..  "


හිමංස කියද්දි අභිමානිගේ ඇස් පුදුමයෙන් පිරුණා... 


" ඒත් එක පාරටම... "


අභී අහද්දි හිමංසගේ මුහු⁣ණේ පුංචි හිනා රැල්ලක් මතුවුණා....


" ඒවා වැඩක් නැහැ... ඔයා කැමතියි නම් මේක අරගන්න....නැත්නම් මේක මෙතනම තියලා යන්න... "


හිමංස වාඩි වෙලා උන්නු ගල් පර ය උඩින් තියලා හිමංස නැගිටලා අභිගේ ලඟින් ඈත් වුනා..අභීට පෙනෙන නොපෙනෙන දුරින් හිමංස වැල්ලෙන් වාඩිවෙලා ඈත ක්ෂිතිජය දිහා බලන් හිටියා...


" හ්ම්ම්ම්ම්ම්ම්.... "


ලොකු හුස්මක් පිට කරලා හිමංස හිත සැහැල්ලු කරගත්තා...


" උ ඹ කිව්වද.. "


ඊලඟ විනාඩියේ ටිරාන්ගෙන් කෝල් එකක්...


" කිව්වා බං...පැය ගාණක් හිර කරන් හිටපු මූත්‍රා බරක් සැහැල්ලු වුණා වගේ නිදහසක් දැනෙන්නේ... "


" හැබැයි දැන්නම් සිප් එකට අහුවෙලා වගේ දැනෙන්නේ බං...මොකකින් මොකක් වෙයිද කියලා හිතාගන්න බෑ... "


හිමංස එහෙම කියද්දි ඇහැ කොනෙන් හිමංසට පෙනුනා අභී තමන් දිහාට එන බව... කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගන්න ගමන් හිමංස අභී දිහාට හැරුණා.....


" ඔයා මල්ලි කෙනෙක්නේ....ඒ නිසා කැමති වෙන්න බෑ වගේ ව ඳු රු කු ණු හ ර ප කියන්න එපා... "


හිමංස මූණත් ඇද කරගෙනම නැගිට්ටා...


" පොඩ්ඩක් ඉ ඳ පං කෝ කියනකල්...කියන්න කලින් වල්ගේ පාගගෙනනේ... "


" මෙන්න මේ වෙඩිම තියාගනිම් මං යනවා... "


හිමංස දුන්නු රතු පාට පෙට්ටිය හිමංසගේ අතට දෙන ගමන් රවාගෙනම අභී යන්න ගියා... අභීගේ දිහා බලාගෙන ඉද්දිම ඇස් බොඳවෙනවා හිමංසට තේරුණා... හැබැයි වැඩි වෙලාවකට නෙවෙයි...


" මේ... "


හිමංසගෙන් අඩි පහක් විතර ඈතට ගිහින් අභී හැරිලා අභීගේ අත පෙන්නද්දි හිමංසගේ ඇස් ලොකු වුණේ පුදුමයට...


" මං ඒක ගත්තා...ඒක ලස්සනයි.. "


හිමංස ලඟට ඇවිත් අභීව පපුවට තුරුල් කරගත්තේ අඬන ගමන්මයි...


" අප්පෝ.... හො ටු කො ල්⁣ ලෙ ක් නේ... "


අභී හිමංසගේ තුරුලෙන් ඈත් වුනේ හිනාවේගෙනම... එහෙම පටන් ගත්ත අභීගෙත් හිමංසගෙත් ආදර කතාව මේ දක්වා ආපු අවුරුදු හයක කාලය හරිම සුන්දරයි...


හිමංසගෙත් අභීගෙත් කසාදෙට මුලින් මුලින් දෙමව්පියෝ අකමැති වුනාට මාසයක් විතර යද්දි එයාලටම තේරුණා අභී නැතුව හිමංසටවත්...හිමංස නැතුව අභීටවත් ඉන්න බැරි බව..


හිමංසට වඩා අවුරුදු තුනක් අභී වැඩිමල් වුනත් ඒක හිමංසටවත් අභීටවත් කවදාවත් ප්‍රශ්‍ණයක් වුනේ 

නෑ...කසාදෙන් පස්සේ ඉඳහිට අභීගේ නෑදෑයෝ එකතු වුන වෙලාවක....


" අභීට බබාලා නැත්තේ කො ල් ලා ගේ ප්‍රශ්ණයක් නිසාලු... "


" කො ල් ලා ව ඳ යි කියලා තමයි ආරංචිය.. "


වගේ කතා කනින් කොනින් ඇහුණත් හිමංස ඒවා ගණන් ගන්න ගියේ නැහැ....


එහෙම ගෙවුණු දෙන්නගේ ආදරේ අද වෙද්දි සෑහෙන්න ශක්තිමත්...හිමංස වාහනේ මිදුලෙන් නවත්තලා ගෙදර දොර ඇරගෙන කෙලින්ම ගියේ අභී ලඟට...


" මං ආාවාා.. "


අභීව තුරුල් කරගන්න ගමන් හිමංස කියද්දි අභී හිමංසට තුරුල් වුනේ පොඩි ලමයෙක් වගේ... 


" එන්නකෝ ගමනක් යන්න.. "


අභී කර කර හිටපු වැඩෙත් නවත්තලා හිමංස අභීව ඇදගෙන ගියේ වාහනේ ලඟට...


" නගින්න... "


අභීව වාහනේට දාගෙන හිමංස ආවේ බීච් එක⁣ට...


" එන්නකෝ... "


වාහනේ දොරත් ඇරලා අභීගේ අතින් අල්ලන් හිමංස අභීව එක්කන් ගියේ දෙන්නටම සුපුරුදු මතක ගොඩක් එකතු කරපු ගල් ප ර ය දිහාට... 


" ඇයි හදිස්සියේම මෙතනට එන්න හිතුනේ.. "


" ම්ම්ම්ම්ම්...විශේෂයක් නෑ... "


" එහෙනම්... "


" එක්කන් එන්න හිතුණා.. "


මුහුද දිහා බලාගෙන දෙන්නා කතා ක⁣ර කර හිටියේ හිටගෙනම...


" ඇයි මේ... "


අභී හිමංසගේ පපුවට තුරුල් වෙද්දි අභීගේ ඇස්වල තිබුණු පුංචි කඳුළු බිංදු හිමංස දැක්කා...


" ඔයාට මං ණයයි හිමංස... අම්මෙක් වෙන්නවත් බැරි මට ඔයා මෙච්චර ආදරේ කරද්දි මට දරාගන්න බෑ... "


අභීගේ බිඳුණු හඬ ඇහෙද්දි හිමංසගේ ඇස් වලටත් කඳුළු පිරුණේ නැතුවාම නෙවෙයි...


" මං ඔයාට එදත් කිව්වා... අදත් කියනවා... "


" මට වෙන මොකුත් එපා... මං ලඟට වෙලා මේ තරම්ම ආදරේ දෙන්න මට වෙන මොකුත් එපා... "


හිමංස කිව්වේ තවමත් හිමංසගේ තුරුලේ ඉන්න අභීගේ හිස සිඹින ගමන්... 


                                            නිමි✨️


ප්‍රාර්ථනා බණ්ඩාර  ❤

සිරි ලංකන් වර්සන් විවාහේ...

  විවාහයක මුලික අරමුන මොකක්ද ඇහුවොත් ගොඩක් අය නම් කියන්නෙ වර්ගයා බෝ කිරීම කියලා, ඒ කියන්නෙ ලැජ්ජාවට. දකුනු ආසියානු කලාපයේ නම් විවාහයේ මූලික...