ඔව් සත්තකින් ඒ අමාවක....
තාරපති ට අහිමි නුබ මොරදෙන
ගිනි මැස්සන්ට අයිති රැය...
ගිනි මැස්සන්ගේම රැය....
කෛලාසනාරූඪ ආල ප්රභාවක...
නුරා කැල්මක් විදිනු සදිසි....
කේෂ ප්රසාදිත සුගන්ධ මිහිරාව
රිසි සේ විදිනු දිසි
ස්වප්න ප්රේමාලිංගන
නෙතු මානයේ දකිනු රිසි
හෝරා යතුර කැරකැවෙන
සොඳුරු ම සුයාමයක
හදවත් ගැස්ම අහිමි කොට...
අන්සතු නමක ට සින්නවෙන.
ගැස්සෙන ළයක රිද්මය
එකින් එක යා වෙන...
අනුරාගිකම හෝරාව...
ඔව්...
සත්තකින්
හිත් දෙකක් ඒකාත්මික කළ
සුයාමය විය....
අන්ධකාර අමාවක....
ගිනි මැස්සන්ගේ එළියෙන්
පහන් සිළු අතැර ගිය...
ප්රාර්ථනා බණ්ඩාර ❤
ගිනි මැස්සන්- කණාමැදිරියන්
❤❤
ReplyDeleteශෘංගාරාත්මක අදහසක්..❤❤❤❤.අපූරු මොහොතක් අපූරුව ට අකුරු කරලා
ReplyDeleteගිනි මැස්සන් ආවේ කොහෙන් ද කියලා කල්පනා කරනකොට එකපාරටම මතක් වුණා...Miss The Dragon එකේ කියලා..ඒ වචනේ ඇත්තටම හරිම අපුරුයි...කිසිම කෙනෙක් හිතන එකක් නෑ ඒ තරම් ලස්සන වචනයක් කණාමැදිරියන් වෙනුවෙන් පාවිච්චි කරන්න..keep that wrod up Paro.....ලෝකෙම දන්න කිවිඳියක් වෙලා ඒ වචනේ ලෝකෙට කියන්න..ඒක හරිම ලස්සනයි...කලාත්මයි...❤
ReplyDeleteහරිම ලස්සනයි ❤❤
ReplyDelete