සිත්තම් සෙවීම

Saturday, January 22, 2022

ඔව් ඒ අමාවක


 ඔව් සත්තකින් ඒ අමාවක....

තාරපති ට අහිමි නුබ මොරදෙන

ගිනි මැස්සන්ට අයිති රැය...

ගිනි මැස්සන්ගේම රැය....


කෛලාසනාරූඪ ආල ප්‍රභාවක...

නුරා කැල්මක් විදිනු සදිසි....

කේෂ ප්‍රසාදිත සුගන්ධ මිහිරාව

රිසි සේ විදිනු දිසි

ස්වප්න ප්‍රේමාලිංගන

නෙතු මානයේ දකිනු රිසි

හෝරා යතුර කැරකැවෙන 

සොඳුරු ම සුයාමයක

 හදවත් ගැස්ම අහිමි කොට...

අන්සතු  නමක ට සින්නවෙන.

ගැස්සෙන ළයක රිද්මය

එකින් එක යා වෙන...

අනුරාගිකම හෝරාව...

ඔව්...

සත්තකින් 

හිත් දෙකක් ඒකාත්මික කළ

සුයාමය විය....

අන්ධකාර අමාවක....

ගිනි මැස්සන්ගේ එළියෙන්

පහන් සිළු අතැර ගිය...



ප්‍රාර්ථනා බණ්ඩාර ❤


ගිනි මැස්සන්- කණාමැදිරියන්

4 comments:

  1. ශෘංගාරාත්මක අදහසක්..❤❤❤❤.අපූරු මොහොතක් අපූරුව ට අකුරු කරලා

    ReplyDelete
  2. ගිනි මැස්සන් ආවේ කොහෙන් ද කියලා කල්පනා කරනකොට එකපාරටම මතක් වුණා...Miss The Dragon එකේ කියලා..ඒ වචනේ ඇත්තටම හරිම අපුරුයි...කිසිම කෙනෙක් හිතන එකක් නෑ ඒ තරම් ලස්සන වචනයක් කණාමැදිරියන් වෙනුවෙන් පාවිච්චි කරන්න..keep that wrod up Paro.....ලෝකෙම දන්න කිවිඳියක් වෙලා ඒ වචනේ ලෝකෙට කියන්න..ඒක හරිම ලස්සනයි...කලාත්මයි...❤

    ReplyDelete

Thankyou ❤ Magical words සමඟ එක්ව වටිනා අදහස් ලබා දීම පිළිබඳ ස්තූතියි ❤

පාරෝ❤🌼

සිරි ලංකන් වර්සන් විවාහේ...

  විවාහයක මුලික අරමුන මොකක්ද ඇහුවොත් ගොඩක් අය නම් කියන්නෙ වර්ගයා බෝ කිරීම කියලා, ඒ කියන්නෙ ලැජ්ජාවට. දකුනු ආසියානු කලාපයේ නම් විවාහයේ මූලික...