දැල්වී නිවී ගිය...
දහක් පහන් සිළු....
අඳුර දුරලූ තරම ට
ගනඳුර මිලින වී නම්...
දැවී ගිය සිළුවලින් බැඳුණු....
කළු පැහැ දුමාරය....
කියාවිද මේතරම්...
කඳුලු කතා...
අඳුර ටම වී මුමුණන....
මිලින වන පහන් සිළුවට...
හීනියට පෙම් බදින....
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
දැල්වී නිවී ගිය...
දහක් පහන් සිළු....
අඳුර දුරලූ තරම ට
ගනඳුර මිලින වී නම්...
දැවී ගිය සිළුවලින් බැඳුණු....
කළු පැහැ දුමාරය....
කියාවිද මේතරම්...
කඳුලු කතා...
අඳුර ටම වී මුමුණන....
මිලින වන පහන් සිළුවට...
හීනියට පෙම් බදින....
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
නිමා නොමැති රිදවිලි බස් නැත නිම්මා...
ආ දා පටන් නුඹ හා හිමි දුක් කන්දා...
අත් පා පෙළා තැලුවත් නුඹ පෙම හංගා...
ඔබ හා පැමිණියේ දහසක් සිතුවිලි බන්දා....
දෑතේ සවිය නැති නිසාම ගෙදර කොනේ...
කදුලු සලන හැටි කා හට පෙනේ මගේ...
නුඹ රළු ගොරහැඩි අත් වෙලෙන ගතේ...
රන් කෙඳි සිනා නැත තැවරී කලෙක මුවේ....
කලවා අත් ගොබ දම් පැහැ දුක කියනා...
හදවත වාරු නැත පුතු පැටියා දකිනා...
අම්මේ ඇයි ද නුඹ ඇඩුවේ ඔහු අසනා...
රුදුරු සිහින දුටිමී කියමී නිතිනා...
කඩපල ගාව කීර වික්ක දෑත මගේ....
සින්නවුණේ ගේ මුල්ලේ පෑල දොරේ...
ආල රසය ගලනා යස නාරි ඇගේ....
පිළිකුල මිසක කිසිවක් නැත ඉතිරු වුණේ...
දරුපැටියට කිරිදුන් තන රුහිරු රසයි ....
කැඩුණු කැඩපතක හැඩ නෑ හරිම රළු යි..
මැදියම් රැයේ වේදනාව පුපුරු ගස යි....
අසරණකමට ළය නොව ගත වාරු සොයයි....
වින්දත් මහ දුකක් හිමියනි නුඹ හන්දා....
පතිනි බිරිය නාමෙන් ඉවසමි නින්දා....
බන්දනේ සරණ බිඳලනු කැප නැති හන්දා...
මගෙ හිමියනේ ඇති නොවැ මේ දුක් කන්දා...
ප්‍රාර්ථනා බණ්ඩාර -
https://www.linkedin.com/posts/prarthana-bandara-923395227_mal-activity-6885950315963777024-z1h_
සේරම ලෑස්ති කලා ලොකු මෙහෙණින් වහන්සේ දානෙට වැඩම කරානම්....
හොදමයි උපාසක අම්ම..බුද්ධ පූජාවට ලෑස්ති කරමු එහෙනම් ....
ආරාමයෙ ඉන්න ලොකු මෙහෙණින් වහන්සේට බොහෝම ගෞරවයකින් ආරාධනා කලේ කොලඹ ඉදල ආව ලොකු නෝන කෙනෙක්...
මේ නෝන දානෙ දෙන්න කාරනාව මොකද්ද..?
අද අපේ රට ඉන්න ලොකූ පුතාගෙ උපන්දිනේ මෙහෙණින් වහන්සේ ..අද මමයි මහත්තයයි පොඩි පුතා එක්කම ආවෙ ඒ වෙනුවෙන් දානයක් දෙන්න....
හොදමයි එහෙනම් යමුකො මේ ඇත්තො දාන ශාලාවට ....
බොහොම පිලිවෙලින් ඉවර උනු දාන කටයුත්ත අවසානයේ මෙහෙණින් වහන්සේගේ දෙපා නැමදීමට ආ උපාසක මහතා සේම ඔහුගේ බාල පුතු දුටු ලොකු මෑණියන්ගේ දෙනෙත් මදක් සසල වනු ලගින්ම සිටි පොඩි මෙහෙණියට පෙනිනි...නමුත් නිහඩවම මෙහෙණින් වහන්සේ වැඩම කලේ ආවාස ගෙදරට ....
සවස් යාමයේ බණ බාවනාවෙන් අනතුරුව සුදුසු කල් වේලා බලා ඒ පිලිබදව විමසුවෙ ලොකු මෙහෙණින් වහන්සේ ගෙන්...
ලොකු මෑණියන්ගෙ හිත අද චංචල වෙලාවගෙ...
ඒක පොඩි මෙහෙණින් වහන්සේට තේරුනාද..?
එහෙමයි...ලොකු මෑණියො...
මට ගිහි කාලෙ මතක් උනා...
ලොකු මෑණියො මනාප නම් කියන්න...කාරණාව...
දම්සරණි මෙහෙණින් වහන්සේට මතකයිද අර දවල් දානෙට ආව උපාසක මහත්තය ...
එහෙමයි ලොකු මෑණියො ...
ඒ තමයි ගිහි කාලේ මගේ මහත්තය ..මහත්තය කිව්වට අපි කසාද බැදල හිටියෙ නෑ ...ඒ කාලෙ මගේ නම නිමාලි ....අපේ අම්ම රට ගියාට පස්සෙ මං හිටියෙ ආච්චි ලග...රට ඉදන් අම්ම සල්ලි එවපු නිසා අඩුපාඩුවක් තිබුනෙ නෑ...ඒ නිසා යාන්තමින් ලොකු දැඩි උනාට පස්සෙ තියෙන විච්චූර්ණ දේවල් සේරම කලා...ඉතින් ඒ කාලෙ ඇහැට කනට පේන්න හිටිය මට පිරිමි ළමයින්ගෙ බැල්ම නම් එමටයි..ඔය ආව උපාසක මහත්තය තිසර...මට වඩා අවුරුදු 2 වැඩිමහල් ...ඉතින් වැඩි කල් නොගිහින්ම තිසර එක්ක බැදෙද්දී මට යාන්තමින් 15 පහු උනා විතරයි ...තිසර අපේ ගමේම යමක් කමක් තිබුන පවුලක එකම දරුව...ඉතින් එයාලගෙ දෙමව්පියො මේ සම්බන්දෙට තදින්ම විරුද්ධ උනා..අන්තිමේ අවුරුද්ද ක් යන්නත් කලින් දෙන්න එක්කම පැනල ගියේ අපේ දුර නෑදෑ ගෙදර කට...එයාට අවුරුදු 17 ..බරපතලක් නොතේරුනු අපි දෙන්න අපේ ලෝකෙ තනි උනා..සති දෙකකට පස්සෙ තිසර ගෙ ගෙදර අය පොලීසිය එක්ක ඇවිත් අපිව හොයාගත්තෙ ..ඊට පස්සෙ එයාව අරන් ගියා..මං පරිවාසෙට දැම්ම...එහෙදි මට පුතෙක් ලැබුන...අවුරුදු 18 වෙලා එලියට ආවෙ අවුරුදු එකහමාරක පුතෙක් එක්ක...දරුව එක්ක ආයෙම අච්චි ලගට ගියත් අම්ම මට සල්ලි එව්වෙ නෑ තරහට..ආච්චිට දරුව දීල යාන්තමින් ගාමන්ට් එකකට වැඩට ගියේ දරුව හදාගන්න ...නොවිදිනා දුක් විදල ලොකු කරපු පුතාට යාන්තමින් අවුරුදු 6වෙද්දි ආච්චි නැති උනාම දරුව දාල වැඩට යන්න විදියක් තිබුනෙම නෑ..ජීවත් වෙන්න බැරිම තැන එහා ගෙදර අක්ක කිව්වෙ රස්සාවක් ගැන..රෑට විතරක් කරන්න පුලුවන් ...ඒක ස්පා එකක්...පිරිමින්ගෙ ඇග මසාජ් කරන්න තිබුනෙ..දරුව ගෙදර නිදි කරල දොර වහල යන මම පාන්දරම ආයෙමත් එන්නෙ පුතා නැගිටින්න කලින්..දවල්ට පුතා අරන් ස්කෝලෙ යනව රෑට වැඩට යනව...තරුණ වයසෙ හිටිය මට එතනට ආව පිරිමි වෙන වෙන යෝජනා කලේ සල්ලි ගොඩක් දෙන්නම් කියල ..අන්තිමේ නතර උනේ ගණිකාවක් වෙලා...අවුරුදු 10 ගෙව්ව ඒ පව්කාර ජීවතේ....පුතා ටික ටික ලොකු වෙද්දි එයා ඉල්ලන හැම දෙයක්ම අඩුපාඩුවක් නැතුවම දුන්න...සල්ලි ඉල්ලන ඉල්ලන සැරේට දුන්න..එයා මොනවද කරන්නෙ හොයන්න බලන්න මට ඕන උනේ නෑ..රෑට විතරක් ගිය මම දවල්ටත් යන්න පුරුදු උනා..ගමේ මිනිස්සු මූනට නොකිව්වට ගොඩක් අය දැනගෙන ඉන්න ඇති...මට ගානක් වත් උනේ නෑ...මගේම පුතා ගෙ වයසෙ ලමයි ආවත් මට ගානක් උනේ නෑ...ඒත් හදිසියේම දවසක් උනේ නොහිතපු දෙයක් ...
නිශානි අන්න පොඩි කොල්ලෙක් ඇවිත් උ/ඹ පලයන් මටනම් පොඩි එවුන් හරියන් නෑ...ඒකෙම වැඩ කරපු ගයනි ඇවිත් කිව්වම මං සූදානම් වෙලා කාමරේ ඇදට උනේ වෙනද වගේමයි ...ඒත් දෙවියනේ දොරෙන් මතු උනේ මගේම පුතා. තාම කටේ කිරි සුවදවත් ගියේ නැති අවුරුදු 16මගේ පුතා ...
අම්මා.....එච්චරයි පුතාට කියවුනේ...මගේ උගුර කට වේලෙද්දි එයා පැනල දිව්වෙ එලියට ..ඇදට වෙලා පිස්සියෙක් වගේ ඇඩුවෙ මගේ කාලකන්නි ජීවිතේට සාප කරගෙන ...පැයයි ගෙවුනෙ...නිශා ඉක්මනට වරෙන් උඹගෙ පුතා ඇක්සිඩන්ට් වෙලා...සත්තයි පිස්සියක් වගේ දුවගෙන ගිය මං දැක්කෙ කෝච්චියට පැනල කුඩු වෙලා ගිය මගේ රත්තරන් පුතාගෙ මිනිය....කදුලු ඉවරවෙනකල් ඇඩුවත් මට මිදෙන්න බෑ ඒ දරු ගින්නෙන්...මිනිස්සු මට සාප කලා..අහිංසක දරුව මැරුනෙ වේස කමට......
අන්තිමේ සැනසීම හොයාගෙන ආවෙ මේ ආරාමෙට..තවම රහත් වෙලා නැති නිසා හැමදාමත් පින් පමුනවන්නෙ තරුණ දරුවගේ ජීවිතේට....
දීර්ඝ සුසුමක් හෙලපු ලොකු මෙහෙණින් වහන්සේ ආයෙමත් වැඩම කලේ කුටියට....සසර නම් මෙයයි..බැදීම් ඇති වෙනව නැතිවෙනව...සමහරු අපිට කර්ම රැස් කරද්දි සමහරු අපිට කර්ම ගෙවන්න උදව් කරනව...බණ පොතක තිබුනු අනුශාසනාවක් උන්වහන්සගේ මතකෙට ආවෙ ඉබේටමයි ...
තාරපති ට අහිමි නුබ මොරදෙන
ගිනි මැස්සන්ට අයිති රැය...
ගිනි මැස්සන්ගේම රැය....
කෛලාසනාරූඪ ආල ප්‍රභාවක...
නුරා කැල්මක් විදිනු සදිසි....
කේෂ ප්‍රසාදිත සුගන්ධ මිහිරාව
රිසි සේ විදිනු දිසි
ස්වප්න ප්‍රේමාලිංගන
නෙතු මානයේ දකිනු රිසි
හෝරා යතුර කැරකැවෙන
සොඳුරු ම සුයාමයක
හදවත් ගැස්ම අහිමි කොට...
අන්සතු නමක ට සින්නවෙන.
ගැස්සෙන ළයක රිද්මය
එකින් එක යා වෙන...
අනුරාගිකම හෝරාව...
ඔව්...
සත්තකින්
හිත් දෙකක් ඒකාත්මික කළ
සුයාමය විය....
අන්ධකාර අමාවක....
ගිනි මැස්සන්ගේ එළියෙන්
පහන් සිළු අතැර ගිය...
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
ගිනි මැස්සන්- කණාමැදිරියන්
" සඳු මහත්තයා... මම ඇතුලට එන්නද... "
ඇහෙන නෑහෙන ගානට දොරට තට්ටුවක් දාපු කෙල්ලගෙ හීන් හඩ ඇහෙද්දි මං උන්නෙ නෑහුන ගානට.. ඒ හඬ ඇහෙන තප්පරේටත් ගැහෙන්න හදන මගෙ හිත ගැනත් මට තිබුනෙ ලොකු කේන්තියක්..
" සඳූ මහත්තයා... මහත්තයාගෙ කිරි එක නිවෙනවා..."
කෙල්ල ආයෙම දොරෙන් එහා පැත්තෙ ඉදන් තට්ටු දාද්දි මට තවත් ඇදට ගුලිවෙලා ඉන්න හිතුනෙ නැ.. කම්මැලිකමින් ඇදෙන් බැස්ස මංදොර ගාවට ඇවිදන ආවා.
" මහත්....තයා...."
ඇරුන දොර අස්සෙන් මං මුලින්ම දැක්කෙ බිමට වැටෙන්න ඔන්න මෙන්න තිබුන ඒ බෝල ඇස් දෙක... ඒ ඇස් නැවතිලා තිබුනෙ ටී ශර්ට් එකක්වත් නැති මගෙ නග්න පපුවේ.. කිරි වීදුරුව අල්ලන් ඉන්න අත් දෙක වෙව්ලනවද මංදා.. කෙල්ල උන්නෙ බය වෙලා.. උනේ මොකක්දකියලා යන්තමට මට ඒත්තු යද්දි මගෙ මූනට ආවෙ මහ කැත හිනාවක්..
" ඕක අරන් ඇතුලට එනවා.."
මං කියද්දි ඒ ඇස් තව ලොකු උනාද මංදා.. වැටෙන්න ඔන්න මෙන්න තියෙන ඒ ඇස දිහා මං බලන් උන්නා.. ඇතුලට අඩියක්වත් නොත්යා දොර ලග හිටන් ඉන්න කෙල්ලගෙ මූනටම එබෙද්දි කෙල්ල තව ටිකක් පස්සට පැන්නා..
" ඇතුලට එන්න කිව්වම එන්නැතුව ඉන්නෙ.. ඇදලා අරන් දොර වහගන්නද..."
මං කියද්දි අහිංසකාවි ගැස්සිලා යන හැටි හොදටෝම දැක්කා.. ඒත් මට දැනුනෙ දුකක් නෙවේ... මහ ලෝබකමක්..
" මේක ගන්න මහත්තයා.. ලොකු නෝනා දැක්කොත් මගෙ රස්සාවත් ඉවරයි..."
ඒ වෙව්ලන බටිති තොල් පද්ද පද්ද කියද්දි මට හිතුනෙම ඇදලා අරන් පපුවට හේත්තු කරගන්න... මොහොතකට ඒ දෙතොල මගෙම කරගන්න.. ඒත් දඩබ්බර මගෙ හිතට මමම තරවටු කරන් කිරි වීදුරුවට අත තිබ්බේ ඒ වෙව්ලන අතත් යන්තමට අල්ලන ගමන්..
දැනුනා.. කෙල්ලව තව තවත් ගැස්සිලා ගිය හැටි දැනුනා.. අයිස් කුට්ටියක් තරමට සීතල වෙලා තිබුන ඒ අත මතට වැටුන මගෙ උනුසුම් අතේ පහසට පුංචි කෙල්ල වෙව්ලන හැටි මං දැක්කා... ඒත් තප්පර ගානක ප්‍රමාදයත්වක් නැතුව කෙල්ල අත ඇදලා ගද්දි හැලෙන්න ගිය කිරි එක අල්ල ගත්තෙ හරි අමාරුවෙන්..
" පුච්චන්නද හදන්නෙ.. අත පන නැද්ද..."
" ස..මා වෙන්න මහත්තයා... මං.. මං හිතුවෙ මහත්තයා අල්ල ගත්තා කියලා..'
" අල්ලගත්තනම් කිරි එක ඉහිරෙයිද.. "
මං ටිකක් සැරෙන් කියද්දි ආයෙමත් අර වීදුරු පාට ඇස් උස්සලා මං දිහා බලපු කෙල්ල ඔළුව බිමට නවාගෙන මං ගාවින් දිව්වෙ කෙල්ලගෙ සුවඳ විතරක් මං ගාව ඉතුරු කරලා...
" උඹ මාව පිස්සු වට්ටනවා කෙල්ලෙ.. දවසින් දවස මොකක්ද මේ වෙන්නෙ මට..."
අතේ තිබුන කිරි වීදුරුව දිහා බලන් මම මිමිනුවා... ඇත්ත... ටිකක් නෙවේ මේ කෙල්ල මාව පිස්සු වට්ටලා තියෙන්නෙ.. හුස්ම හිර වෙන තරමට මාව පිස්සු වට්ටලා... වගකීම් සහගත පිරිමියෙක් කියන එක මට අමතක වෙන්නම මාව පිස්සු වට්ටලා..
සඳුල් සහස්‍ර හංසගිරි වෙච්චි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයගෙ ගල් හිත උනු කරලා දාන්න මේ පුංචි කෙල්ලට පුළුවන් වෙලා.. මට මාව අමතක වෙලා ගිහින්.. මගෙ තත්වෙ අමතක වෙලා ගිහින්... ඒත් එකම එක දෙයක් දන්නවා... ඒ මගෙ පිරිමි පපුවෙ අස්සක් මුල්ලක් නෑරම මේ පුංචි කෙල්ල පහුරුගාලා.
………………………………………………………………………………………………………………………………
" සඳුල්.. මොකක්ද මේකෙ තේරුම ආහ්.. ඇයි ඔයා එන්ගේජ්මන්ට් එක පෝස්ට්පෝන් කරන්න හදන්නෙ..."
මගෙ වෙන්න ඉන්න මනාලිය... මාධවී සුභසිංහ කිටවද්දි මං උන්නේ ඒ කිසි දෙයක් නෑහුන ගානට... මාධවී සුභසිංහ... සුභසිංහ ගෘප් ඔෆ් කම්පනි ඕනර් දනුෂ්ක සුභසිංහගෙ එකම දුව... බිස්නස් මැරේජ් එකක්.. අපේ සිද්ද වෙන්න යන මැරේජ් එක ගැන එහෙමයි හිතුනෙ.. ඒත් මට ඕන උනේ නැ මැරි කරන්න.. මාධවීවනම් කොහොමටවත් ඕන උනේ න..
" කන් ඇහෙන්නැද්ද සඳුල්.. මොකක්ද වෙලා තියෙන්නෙ.."
මාධවීගෙ කරච්චලේ... මට එහෙමයි හිතුනෙ.. තවත් සතියකින්වෙන්න තිබුන එන්ගේජ්මන්ට් එක මම කල් දාන්න ඕන කියද්දි මාධවීගෙ මේ කන්කරච්චලේ නැතිවෙච්චි නැති තරම්.. ඒත් හිතට එකඟව මට මේ කසාදෙ කරන්න ඕන උනේ නැ.. මොකද මගෙ හිත පුරාම අඩිතියන ඒ අහිංසක ඇස් මැවිලා පේන්න ගද්දි වෙන කෙනෙක්නම් ඕනම නැ..
" අපි තාම හරියට අඳුරගෙනවත් නැ මාධවී.. ඒ නිසා ටිකක් කල් ගමු..."
" තවත් මොනා අදුනගන්නද සඳුල්.. ඇරත්.අපේ පේරන්ට්ස්ලා ඕනටත් වඩා අදුරගෙන තියෙන්නෙ.."
මාධවී කියද්දි මං මාධවී දිහා බැලුවෙ කේන්තියෙන්.. ඇත්ත.. අපේ දෙමව්පියො අඳුරනවා.. සෑහෙන කාලයක් තිස්සෙ අදුරනවා.. ඒත්.ඒ ඇදුනුම්කම ඇතිද...
" එයාලා අදුනගත්තට අපි තාම හරියට අදුනගෙන නෑ මාධවි.. ඇරත්.මැරි කරන්නෙ අපි දෙන්නා මිසක අපේ පේරන්ට්ස් ලා නෙවෙයි..."
මාධවීට කියන්න පුළුවන් උපරිම සංයමයෙන් කියපු මම ඉදන් උන්නු තැනින් යන්න නැගිට්ටා... ඒ හා සමානව මගෙ ඇස්නැවතුනෙ අපි දිහාවට ඇවිදන් එන කෙල්ල දිහාවට.. ලෝබයි මට... ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති තරම් මට.. දිගම දිග කොන්ඩේ.. තනි කරලකට ගොතලා.. රෝස පාට චීත්ත ගවුමක් ඇදන්... අඩි තියන්නෙ පොලොවට නොදැනෙන ගානටද මංදා... මට මොහොතකට අමතක උනා.. මාධවී මං ගාව කියන එක මට අමතකමවෙලා ගියා.. මං බලන් උන්නෙ හරි හිමිහිට අඩිතිය තිය ට්‍රේ එකත් උස්සන් එන කෙල්ල දිහා..
" සඳුල්... "
මාධවී කතා කරද්දි ගැස්සුනා මාව... මොකද මගෙ මුළු අවධානෙම කෙල්ල ගාව නිසා.
" ඔයාගෙ වෙනසට හේතුව මේ සර්වන්ට්ද.."
සත්තයි ගැස්සුනා මාව... දෙතුන්පාරකට මගෙ පිරිමි හිත ගැස්සිලා යද්දි මං එහෙම්මම වාඩි වෙලා මාධවී දිහා බැලුවෙ බය වෙලා වගෙ.
" ඔයාගෙ මොලේ හොද නැද්ද මාධවී... සර්වන්ට් කෙනෙක්ට ආදරේ කරන්න මට මොකක්හරි ලෙඩක් කියලාහිතුවද..."
ලඟටම ඇවිදන් ආපු කෙල්ලගෙ සවන්කුහර අස්සෙන් මගෙදරදඩු වචන එක තප්පරේට රිංගන්නඇති කියලා මට දැනුනා.. මොකද ඒ අතේතිබුන ට්‍රේ එක ගැස්සෙන හැටි මං දැක්කා... හිත පිපිරෙන තරම් වේදනාවක් දැනුනා මට...
" ඒ උනාට ඔයාගෙ ඇස් කියන්නෙ ඒ කතාව නෙවෙයි සඳුල්... මට කමක් නෑ ඔයා සර්වන්ට් එක්ක මොන මගුල නැටුවත්.. හැබැයි අමතක කරන්න එපා.. අපේවෙඩින්ග් එකට හැමදේම රෙඩි වෙලා ඉවරයි.."
හිතක් පපුවක් නැතුව මාධවීගෙ මුවින් පිටවෙන වචන මට හිතුනෙම මාධවීට දෙකක් අනින්න... කෙල්ලගෙ බෝල ඇස් රතට හැරෙන හැටි යන්තමට දැක්කත් මුකුත්ම කියාගන්න බැරි ගානට අසරනකමක් මට දැනුනෙ.. කෙල්ල වෙව්ලන දෑතින්ම ට්‍රේ එක අපි ගාවින් තියලා හරි ඉක්මනට අඩි තියලා යන හැටි මං බලන් උන්නෙ ඇස් කොනින්..
"මාධවී... තමුන් කැමති විදියකට කැමති දෙයක් හිතාගන්නවා... ඒත් මං තාම වෙඩින්ග් එකට තියා එන්ගේජ්මන්ට් එකටවත් රෙඩි නෑ.. ඒනිසා මට පාඩුවෙ ඉන්න දීලායනවා.."
මං නැගිට්ටෙ ඉක්මනටම කෙල්ලගාවට දුවන්න හිතන්.. මට ඕන උනේ ඒ බෝලඇස්වල කදුළු පිහන්න.. දන්නැ මං.. කියාගන්න නොතේරෙන දුකක් පපුවට දැනෙද්දි මං ගේ ඇතුලට දිව්වෙමොහොතකට මාධවී කියපු හැම කතාවක්ම අමතක කරලා...
………………………………………………………………………………………………………………………………
සංසලා මිහින්දි... මගෙ පිරිමිහිත පහුරුගාපු අහිංසකාවිගෙ නම... පිනි කැටයක් වගෙ.. අඬන්නඔන්න මෙන්න තියෙනඒ බෝල ඇස්... මොහොතකට මාව ගොලු කරලා දැම්මා.. පිරිච්ච කම්මුල්... රතට හුරු ඒ බටිති තොල්.. මට මාව අමතක වෙන තරම්... අපේ ගෙදර සර්වන්ට් කෙනෙක් උනේ කොහොමද.. දැක්ක පලවෙනි දවසෙම හිතුනෙ මට එහෙම... සර්වන්ට් නෙවේ... කොයි කව්රු උනත් මේ ඉන්නෙ සඳුල්ගෙ හිත අවුරුදු විසි නවයකටපස්සෙ හොලවලා දාපු පුංචි අහිංසකාවිය...
මංබලන් උන්නෙ කුස්සියෙ උලුවස්සට හේත්තු වෙලා.. සින්ක් එක පැත්තට හැරිලා මොනාදෝ හෝදනවා.. ඒ උරහිස් ගැස්සෙනවා.. කෙල්ල අඬනවද මංදා... මං හිමින් හිමින් අඩිතිය තිය කෙල්ල ගාවට කිට්ටු උනා... දැනුනෙ නෑ කෙල්ලට... මට හිතුනෙම මොහොතට කෙල්ලව තුරුළු කරගන්න... ඒ පිට මගෙ පපුවට හිර කරගන්න.. සිතුවිල්ලකට පමනක් සීමා නොවී මං හරිඉක්මනට කෙල්ලගෙ ඉන වටේ අත දාලා මගෙ පපුවට ඇදලා ගත්තා... තප්පර ගානක්ම කෙල්ලව වෙව්ලන හැටි මංදැක්කා.. හරියට දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ
" මොකද... ම්ම්.."
" අත්...තරින්න සඳුල් මහත්තයා.."
කෙල්ලගෙ හඬත් එක්කම වෙව්ලනවා... ඒ ගැහැනු ආත්මෙම පිරිමැදපු එකම පිරිමියා මම වෙන්නැති... පිරිමි ස්පර්ෂයක්වත් නොදැනුන ඒ ගෑනු ආත්මෙම වෙව්ලන හැටි මගෙ ඇස් දෙකටම පේනවා... කෙල්ලව ගැස්සෙන්නෙ ඒ තරම් බයෙන්..
" අල්ලගත්තෙ අතාරින්න නෙවේ.."
" අනේ... ලොකු මැඩම් දකියි.. මාව අතාරින්න..."
" මට බෑ.. මට ඕනි ඔයාව..."
ඒ සවන්පතක මගෙ දෙතොල නවත්තලා මං කිව්වා. කෙල්ලව ඇකිලිලා ගියෙ හරියට නිදිකුම්බා කොලයක් වගේ..
" අනේ එපා දෙයියනේ... අතාරින්නකො.."
කෙල්ලගෙ සීතලම සීතල අත් දෙක ඒ ඉනවටේ එතිලා තිබුන මගෙ අ් දෙක උඩින් තියලාකෙල්ල හැදුවෙ මගෙන් මිදෙන්න... දැනුනෙ පුදුම තරම් ලෝබකමක්... මං හැදුවෙ කෙල්ලව මගෙ පැත්තට හරවගන්න.. ඒත් බුරුල් උන මගෙ අත් දෙක ඒ අත් දෙකෙන්ම ඈත් කරලා දාලා කෙල්ල දුවන හැටි මං බලන් උන්නෙ හිනාවකින් මූන පුරෝගෙන...
" දැන්නම් මට උඹව ඕනමයි මැනික... උඹ මාව පිස්සෙක් කරලා..."
දෑතින්ම මගෙ හිසකේම ඇදගත්තු මං මටම කියාගත්තෙ පපුව පැත්තක් හිරිවැටෙනවා වගේ දැනෙද්දි..
………………………………………………………………………………………………………………………………
" සඳුල්... මොකක්ද මේ මාධවී කියන්නේ... මුන් එන්ගේජ්මන්ට් එක කල් දාන්න ඕන කියන්නෙ..."
තාත්තා මාව අල්ලගත්තෙ රෑ කෑම මේසේදි.. කකා උන්නු පාන් කෑල්ල පැත්තකින් තියලා මං තාත්තා දිහා බැලුවා..
" මට දැම්ම මැරිකරන්න බෑ තාත්තා.. ඇරත් මැරි කරන්න තරම් මාධවීව මං අදුනගෙන නෑ..."
" මැරිකරලා අදුන ගන්න බැරිකමක් නෑනෙ සදුල්.. හැමදේම ලෑස්ති කරලා කට උඩට ආවමද මැරි කරන්න බෑ කියන්නෙ.."
" මං රට ඉදන්ඇවිත් තාම සතියක්වත් නෑ තාත්තා.. අනේ මොකක්ද අප්පා මෙච්චර හදීසියෙ මට මැරි කරන්න කියන්නෙ.."
" සඳුල්..අමතක කරන්න එපා.. සුභසිංහගෙ උදව් අපිට ඕවම වෙලාව මේ.. අපේ බිස්නස් වැට උඩ තියෙන්නෙ... "
" තාත්තාකියන්නෙ කඩන් වැටෙන බිස්නස් එකක් නිසා මට නොදන්න කෙනෙක්ව මැරි කරන්න කියලද.. අනේ මටබෑ තාත්තා... "
මං කියද්දි ඒ ඇස්රකුසුවෙන හැටි මං දැක්කා..ඒත් මට මාධවීව මැරිකරන්න කොහොමටවත් ඕන උනේ නැ..
" සඳුල්... උඹ නටන්න ලෑස්ති වෙන්න එපා හරිද... උඹ හිතන්නෙ උඹ අරවැඩකාරි එක්ක නටන නාඩගම මං දන්නැ කියලද...මාධවී මට කිව්වා.."
" හහ්... කිව්වද... මරුනෙ.. ඒගමන අර සර්වන්ට්වත් අල්ලගෙනද... අනෙ තාත්තා මේ... කොහෙවත් ඉන්න වැඩකාර කෙල්ලොඑක්ක ලව් කරන්න මට කිසි උවමනාවක් නැ.. මාධවීට ඔළුවෙ අමාරුවක්ඇති..."
හිත.තිගැස්සුනත් මං කිව්වෙ තිගැස්සුන සිතුවිලි හංගගෙන..
" මං ඔය වයස පහු කරලා තියෙන්නෙ සඳුල්... මාව මාරයා නොකර ලෑස්ති කරගත්තු දිනේට එන්ගේජ්මන්ට් එක.ගන්න ලෑස්තිවෙයන්..."
තාත්තගෙ අවසන් තීන්දුව... මට දැනුනේ හැමදේම අවසානයි කියන එක... මගෙ.ආදරේ... මගෙ.කුළුදුල්.ආදරේ... ඒ ආදරේ විඳින්නත් කලින්ම ඒ ආදරේ දෙන්නත් කලින්ම මගෙ කකුල් දෙක ගාවම කඩන් වැටුනා හා සමාන වේදනවකින් මගෙ හිත පහුරු ගාද්දි මම නැගිට්ටා.. තාත්තා බලන් උන්නත්.මං තාත්තා දිහා එක බැල්මක්වත් නොතියා කාමරේට යන්න ගියේ වේදනාවෙන්...
………………………………………………………………………………………………………………………………
කිව්ව විදියටම තාත්තා හැමදේම ලෑස්ති කලා.. හරියටම තව දවස් තුනකින් මගෙ එන්ගේජ්මන්ට් එක.. මං උන්නෙ සිතුවිලිගොන්නක අතරමං වෙලා.. මට ඕන උනේ මේ හැම එකකින්ම පැනලා දුවන්න.. මගෙ.අහිංසකාවි එක්කම පැනලා දුවන්න.. තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය ගතවෙලා දවසින් දවස ලං වෙද්දි මට තවත් බලන් ඉන්න බෑ.. මගෙ අහිංසකාවි... මට එයාව අහිමි කරගන්න ඕන උනේම නෑ...
නිදන් උන්නු ඇදෙන් නැගිට්ටා මම... වෙලාව පාන්දර එකට කිට්ටු වෙලා... එහෙම්මම රූම් එකෙන් එළියට ආපු මම ගියෙ කුස්සිය දිහාවට.. කුස්සියටම අල්ලලා තිබුන කෙල්ලගෙ කාමරේට අනවසරයෙන්ම ඇතුලු උන මං ඇද දිහා බැලුවා... කෙල්ල ඇඳේවත් කාමරේවත් කොහෙවත් උන්නෙ නැ... මගෙ පපුවට දැනුනෙ අමුතු වේදනාවක්... පිස්සුවෙන් වගෙ මුළු කාමරේම ඇවිස්සුවා මං... කෙල්ලගෙ කියන්න තිබුන ඇල්පෙනිත්තක දෙයක් කෙල්ලගෙ කාමරේ තිබුනෙ නැ...
මට දැනුනෙ මට පිස්සු හැදෙන්න එනවා වගේ... මටත් නොකියම කෙල්ල යන්නගිහින්.. මගෙආදරේ කෙල්ල විඳින්න කලින්ම යන්නගිහින්... කෙල්ලගෙ ඇඳ උඩටම කඩන්වැටුන මං දෑතින්ම හිස බදාගත්තා...
" මැනික... දෙයියනේ උඹ මාව දාලා ගියෙ කොහොමද.. මගෙ මැනික... අනේ එක පාරක් මට කතා කරන්න තිබුනා කොහෙද ගියෙ මැනික.. කොහෙද ගියේ..."
ජීවිතේ පලවෙනි වතාවට මගෙ ඇස්වලින් කදුළු කඩන් වැටුනෙ හරියට වාන්දානවා වගේ.. නවත්තගන්න දැනන් උන්නෙ නෑ මං.. හිත පහුරු ගාන වේදනාව උහුලන්න දැනන් උන්නෙ නෑ මං.. ඉකි ගැහෙන්න එන වේදනාව හිර කරන්ම කෙල්ල හිස තිව්ව කොට්ටෙ මං මගෙ උකුලට අරන් ඉඹගෙන ඉඹගෙන ගියා...
තාමත්.දැනෙනවා මට.. කෙල්ල ලගින් විහිදුන ඒ මුදු සුවද මගෙ නාස්පුඩු අතරින් රිංගනවා තරම් දැනෙනවා මට... මගෙ ඇස්වල කදුළුවලට නිවනක් නැති වෙද්දි මගෙ ඇස් ඉබේම නැවතුනෙ කොට්ටෙ තිබුන තැන...
හතරට පහට නවපු පුංචි කොලකෑල්ලක් ගාවින් මගෙ ඇස් නවතිද්දි මං හරි ඉක්මනට කොලේ අතට ගත්තා... දැනුනෙ මගෙ අත් දෙකම වෙව්ලනවා වගේ...
හරි පරිස්සමට දිගෑරපු කොලේ උඩින්ම මම දැක්කෙ ඒ රවුම් අකුරු වලින් ලියවුන කෙල්ලගෙ අත් අකුරු... ආදරණීය සඳුල් මහත්තයා... කී පාරක්ද මංදා.. මං ඒ අකුරු පේළිය දිහා බලානම උන්නා...
" ජීවිතේ හුස්මක් හුස්මක් ගානෙ පහුරු ගාපු මගෙ මහත්තයා.. ටිකක් නෙවේ... උස අත්තක පිපිච්ච මගෙ මහත්තයට ආදරේ කලේ ටිකක් නෙවෙයි මම... අම්මා විතරක් ඉන්න දුප්පත් කෙල්ලෙක් උන මට... ඔයාගෙ ගෙදර සර්වන්ට් කෙල්ල උන මට මහත්තයගෙ.ආදරේ ඕනවටත් වඩා දැනුනා... ඒත් මහත්තයො.... ඔය ආදරේ විඳින්න පිනක් නෑ මට.... මගෙ අම්මා... එයාව වටිනවා මට... අහිමි කරගන්නබෑ මට මගෙ අම්මව....
මං දන්නවා... මහත්තයා මට මහ හුඟක් ආදරෙයි කියන්න මම දන්නවා... ඒ ආදරේ විඳින්න මේ පව්කාරිට පිනක් නෑ මහත්තයෝ.. මාධවී මැඩම් මහත්තයට ආදරෙයි... පටන් ගන්න යුග දිවිය සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
පරිස්සමට ඉන්න මගෙ මහත්තයො... මේ අසරනීට සමාව දෙන්න... හැමදාම මහත්තයා මගෙ පපුව කොනක හරි පරිස්සමට ඉඳිවි...."
බුදු සරණයි මහත්තයො... මං සංසලා...
ඒ රවුම් අකුරුවලින් ලියවිච්ච ලියවිල්ල පුරාම තිබුන කදුළුවල පැල්ලම් අදුනගන්න අපහසු උනේ නැ මට.. සිද්ද උන හැමදෙයක්ම අකුරක් නෑර තේරෙද්දි තවත් ඇස්කන් පියන් ඉන්න ඕන උනේ නැ මට... මගෙ කෙල්ලව නැති කරගන්න කීයටවත් ඕන උනේ නෑමට...
අතටම ගුලිඋන කෙල්ලගෙ ලියවිල්ලත් එක්කම ඇදෙන් නැගිට්ටා මම... මටත් කලින් මෙ සිතුවිලි ඉස්සර වෙද්දි හැමදේම එපා කියන තැන ඉදන් මං මගෙහැමදෙයක්ම අතැරලා යන්න හිත හදාගත්තෙ තව දුරටත් මට මගෙ කෙල්ලව අතැර ගන්න බැරි නිසාමයි...
………………………………………………………………………………………………………………………………
හරියටම එන්ගේජ්මන්ට් එකට තිබුනෙ පැය පහක් විතරයි... අත පය අකුලන් කාමරේට වෙලා ඉන්න හිත හදාගන්න බැරි උනා මට... මට ඕන උනෙ මගෙ කෙල්ල ගාවට දුවන්න. මොන ලෝකෙකින් හරි මගෙ කෙල්ලව හොයාගන්න...
එන්ගේජ්මන්ට් එකට බම්බු ගහන්න හිතන් මං කාමරෙන් එළියට ආවා.. හරියටම පාන්දර දෙකයි... ගෙදරින් කියලා කිසිම දෙයක් ගත්තෙ නැ මම.... රට ඉන්න කාලෙ හම්බ කරගත්තු සල්ලි ඉතුරු කරගත්තු ඩෙබිට් කාඩ් එක ඇරුනු කොට කිසිම දෙයක් ගත්තෙ නෑ මං...
පඩිපෙල බැහැගෙන ආපු මම පාරට ආවා... පා ගමනින්ම ටවුන් එකට ගියෙ හද්ද කළුවරේ.. ෆෝන් එකේටෝච් එලියෙන්... පැයක් ගත වෙන්න ඇති... ටවුන් එකට එද්දි... ඉදලා හිටලා යන බයික් ඇරුනු කොට පාරෙ වාහනයක් නැති තරම්...
මම ඇවිදගෙන ආවෙ බස් ස්ටැන්ඩ් එකට... එහෙම්මම නවත්තලා තිබුන බස් එකකට ගොඩ උනා මං.. තවත් පැයකින් අනුරාධපුරේට පිටත් වෙන බස් එකේ පිටිපස්සෙම සීට් එකේ කොනට වෙන්න වාඩි උනා... පර්ස් එක ඇදලා අරන් අතට ගත්තෙ කෙල්ලගෙ ලියුම් කෑල්ල... කීපාරක්ද මංදා... මගෙ ඇස් ඔහේ ඒ අකුරු දිගෙ දිව්වා.. ආයෙම මගෙ ඇස්වලට කදුළු පිරෙන්න මහ වෙලාවක් ගත්තෙ නැ... පපුව ගැලවෙන්න තරම් වේදනාවක් දැනෙද්දි හෙඩ් රෙස්ට් එකට හිස තියන් මොහොතකට උන්නා මම..
විනාඩි ගානක් ගත වෙන්න ඇති... මට මගෙ ලගින් දැනුනෙ හුරුපුරුදු සුවදක්.... මගෙ හිස් මුදුන මතට දැනුන හුරුපුරුදු ස්පර්ශයක්... තප්පරේට ඇස්පියන් ඇරිය මං දැක්කෙ මගෙ අහිංසකාවිය...
හීනයක්... නැත්තන් මායාවක්ද.. හිතාගන්න බැරි උනා මට... මං ඇහි පිල්ලම් ගහගෙන ගහගෙන ගියා... මගෙ අත ඒ කම්මුලක දැවටුනෙ ඉබේම..
" මැනික...."
" සඳුල් මහත්තයා... "
" හීනයක්ද දෙයියනේ මේ..."
මගෙ පිරිමි ඇස්වලින් කදුළු වැටෙද්දි මං ඇහුවෙ වෙව්ල වෙව්ල... කෙල්ලගෙ සීතලම සීතල අතැගිලි මගෙ කම්මුල මතින් නැවතුවා...
" ම්හු.. හීනයක් නෙවෙයි... මේ මම.. සංසලා..."
කෙල්ල කියද්දි මං කෙල්ලව මගෙ පපුවට ඇදලා අරන් හයියෙන් තුරුළු කරගත්තා.. විනාඩි ගානක් හුස්ම හිර වෙන තරමට කෙල්ලව තුරුළු කරගත්තා... ඒ මුළු මූනම දෝතට අරන් ඉඹගෙන ඉඹගෙන ගියා... හිතුනෙ හීනයක්කියලා... නෑ මේ හැබෑවක්.. මගෙ ආදරේ... මගෙපපුව පහුරුගාපු මගෙ ආදරේ මං ඉස්සරහා..
" ඔයා කොහොමද මෙතන මැනික... මං හිතුවෙ ඔයා මාව දාලම ගිහින් කියලා.."
" ගෙදරින් ආවෙ මං දැන් ටිකකට කලින් මහත්තයා... මහත්තයා කාමරේ ඉදන් මගෙ ලියුම කියවද්දිත් මං උන්නෙ කාමරේටම අල්ලලා තිබුන බාත්රූම් එක ඇතුලෙ.. මං මහත්තයා අඩන දිහා බලන් උන්නෙ.... ඕන උනේ මහත්තයා ගාවට ඇවිත් තුරුළු වෙන්න.. ඒත් හරි අසරන උනා මං..."
කෙල්ල කියද්දි මං ඒ මුණ ආයෙම සිප ගත්තා...
" මං ආදරෙයි මැනික... මහ හුගක් ආදරෙයි... මට නැති කරගන්න ඕන උනේ නෑ ඔයාව.. ඒකයි මං ආවේ...""
" මමත් ආදරෙයි මහත්තයා... මහත්තයා නොදන්න තරමටම මං ආදරෙයි..."
කෙල්ල කිව්වේ රතට හැරුන බටිති තොල් පද්ද පද්ද... මට තවත් ඉවසන්න පුළුවන් උනේ නෑ... හරි පරිස්සමට ඒ දෙතොල මගෙ කරගත්තෙ ඒ ඇස් ඉබේම පියවිලා යද්දිමයි..
………………………………………………………………………………………………………………………………
පැය හයක ගමනාන්තයකින් පසුව මම උන්නෙ අනුරාධපුර පූජා නගරයේ... මගෙ ලෝකෙ වටිනම වස්තුව මගෙ පපුවට ගුලිවෙලා හොදටෝම නිදි... ඒ පියවුන ඇස් දිහා මං මොහොතක් බලන් උන්නා.. කෙල්ලට දැනෙන නොදැනෙන තරමට ඒ හිස සිපගත්තු මං කෙල්ලව අවධි කලා..
" බහිමු.. අපි ආවා..."
" මහත්තයා..."
" ම්ම්ම්... මහත්තයා තමයි... කෝ බැහැලා ඉමු... මගෙ යාළුවෙක් ඉන්නවා මෙහෙ.. ඌ දැනටමත් ඇවිත් ඇති... ඔයාගෙ අම්මත් පරිස්සමට ඇති.."
මං කියද්දි කෙල්ලගෙ මූනට එළිය වැටෙන හැටි මං බලන් උන්නෙ ආසාවෙන්... ඒ නලල් තලය මත්තෙන් මගෙ දෙතොල තද කරලා කෙල්ලගෙ අතින් අල්ලගෙනම බස් එකෙන් බැස්සා මං.. එහෙම්මම බස් ස්ටෑන්ඩ් එකෙන් එළියට ආපු මං කෙල්ලත් එක්කම ගියේ ස්ටේෂන් එක පැත්තට... මං යද්දිත් මගෙ යාළුවා දිලංක ඇවිත්..
" අම්මෝ සඳා... මේද උඹ කිව්ව නෙළුම් පොහොට්ටුව..."
ඇත්තටම නෙළුම් පොහොට්ටුවක්.. මෙ කෙල්ල නෙළුම් පොහොට්ටුවක් තරමටම හැඩයි... දිලංක කියද්දි මං කෙල්ලව මං ගාවටම හිර කරන් ඔළුව වැනුවා..
" යමන්... හැමදේම රෙඩි කලා.. යකෝ මල් තියලා වැදපං.. පැය තුනට රෙඩිකලේ... අපේ ගෑනි බලන් ඉන්නෙ... යමන්..."
දිලංක ඉස්සර වෙද්දි මං කෙල්ලත් එක්කම දිලංක පස්සෙන් වැටුනා... තවත් පැයකින් කෙල්ල සදහටම මගෙ වේවි.. උහුලගන්න බැරි තරම් සතුටක් හිතට දැනුනෙ...
බස් එකේදි කෙල්ලට නින්ද ගියපු තප්පරේම මම කලේ දිලංක ඇමතුව එක... විවාහයට හැමදේම සූදානම් කරන්න කියලයි මං දිලංකගෙන් ඉල්ලුවේ... වදුරු කුනුහරුප කෝටියක් ඒ කටින් පිටවෙන්න ඇති.. ඒත් කිව්ව විදියට පැය ගානකින් දිලංක හැමදේම ලෑස්ති කරලා..
දිලංකගෙ ගෙදර සරසන්න පුළුවන් විදියට සරසලා.. බැලුම් බෝල එල්ලලා... නෙළුම් මල් වලින් ඒ මුළු සාලෙම සරසලා.. හිතාගන්න බැරි උනා මට... පැය ගානකින් කොහොමද මේ හැමදේම ලෑස්ති කලේ කියලා..
කෙල්ලගෙ ඇස් දිලිසෙන හැටි දකිද්දි මට දැනුනෙ පුදුම තරම් ආදරයක්...
" යමන්... තව පැයකින් රෙජිස්ට්‍රාර් එනවා කිව්වා.. මධූ කෙල්ලව ලෑස්ති කරයි.. උඹ යමන් මගෙරූම් එකට..."
" මධූ.. කෙල්ලව ලෑස්ති කරලා ගන්න... යන්න නංගි අක්කා එක්ක..."
දිලංක කෙල්ලව දිලංකගෙ වයිෆ්ට බාර දෙද්දි මං දිලංක එක්ක උගෙ රූම්එකටගියා..
" ගෙදර යකා නටනවා ඇති සඳා... උඹලගෙ තාත්තා පිස්සු වැටිලා ඇති.. කෙල්ලගෙ අම්මා පරිස්සමට නේද..."
" මාලකයට කිව්වා.. අම්මව ගනින් කියලා.. ඌ දැනටමත් අම්මා අරන් එනවා ඇති..."
අවුරුදුගානක් රට උන්නට මොකද මට උන්නා හොද යාළුවො ටිකක්.. වැඩක් කියන තප්පරේට හැමදේම රෙඩි කරන්න පුළුවන්.. අන්න ඒ නිසාම කිසිම කලබලයක් නැතුවම හැමදේම රෙඩි කරගන්න මට පුළුවන් උනා..
" මේ මගෙවෙඩිමට ඇඳපු ෆුල් සූට් එක... කෙල්ලටත් මධූගෙ ඩ්‍රෙස් එක මැච් වෙයි.. ලෑස්ති වෙලා වරෙන්.. කොහොමත් කෙල්ලව බැන්දට පස්සෙ තාත්තට උනත් මුකුත් කරන්න බෑනේ..."
ඇඳ උඩ දාලා තිබුන ෆුල් සූට් එක පෙන්නලා දිලංක කිව්වා.. දිලංක රූම් එකෙන් එළියට යද්දි මං බාත්රූම් එකට රිංග ගත්තෙ හිත යටින් පිනුම් ගහන තරම් සතුටකින්..
………………………………………………………………………………………………………………………………
මගෙ ඇස් අහකට ගන්න හිතුනෙ නෑ මට... සුදු පාට සාරියට රෝස පාටින් බතික් කරලා හැඩ දාලා තිබුන ඒ චාම් වෙඩින්ග් සාරි එක කෙල්ලට හොදටම මැචිං... ඒ කෙල සරසලා තිබුනෙ මුතු ඇමුනුව පොඩි මාලෙකින්.. කෙල්ලගෙ දිගම දිග කොන්ඩෙ බෙල්ල මුලට වෙන්න ගුලියක් ගහලා.. ඒ පැත්තකින් රෝස පාට පිපුන නෙලුම් මලක් රදවල... කෙල්ලගෙ සවන්පෙති චූටි සුදු පාට මුතු කරාබු යුගලකින් සැරසිලා..
ඇස් අහකට ගන්න හිතුනෙ නෑ මට... අතේ තිබුන නෙළුම් මල්වලින්ම සැකසුව මල් කළඹත් අතේ තියන් ඔළුව බිමටම නවන් උන්නු කෙල්ල දකිද්දි මට හිතුනෙ පපුවට ඇදලා අරන් හිරකරගන්න... ඒ නළල මත්තෙ සිපුම් තබන්න... මං මාවම පාලනය කරගත්තෙ හරි අමාරුවෙන්..
" අනෙ අම්මො යකො.. ඔය කෙල්ලව පන පිටින් අනුභව කරන එක නවත්තපං.. මෙතනින් එහාට උඹේ තමයි කෙල්ල.."
දිලංක සද්දෙට කියද්දි මධූත් කෙල්ල අල්ලගෙනම හිනා උනා.. කෙල්ලව ලැජ්ජාවටම රතුවෙලා.. යන්තම් තවරලා තිබුන වත්සුනු අස්සෙන්ම ඒ මූන රතුපාට වෙන හැටි පෙනෙද්දි කොහොම ඉවසන්නද..
" යමන්.. රෙජිස්ට්‍රාර් ඇවිත්... "
මධූ කෙල්ලව රෙජිස්ට්‍රාර් ගාවට අරන් යද්දි දිලංක මාත් එක්කම ආවා... අපි දෙන්නම එක ලගින් හිටගද්දි රෙජිස්ට්‍රාර් හැමදේම පටන් ගත්තා..
මං උන්නෙ සිහිනෙක අතරමං වෙලා... හිතාගන්න බෑ... මගෙ කුළුදුල් ආදරේ... මගෙ දකුනුපසින් හිටගෙන... මගෙ තුන්හිතම පහුරු ගාපු අහිංසකී... වෙව්ලන තොල් අතරින් ඒ පිටවෙන වචන නෑසෙන තරම් මට...
විවාහ සහතිකයට අත්සන් තබන ඒ වෙව්ලන අතැගිලි... කෙල්ල උන්නේ මේ කිසි දෙයක් විස්වාස කරගන්න බැරි තරමට තිගැස්සිලා කියලා පේන්න මේ ටික ඇති... මට දැනුනෙ පුදුමාකාර සතුටක්..
" අදින් ඇරඹෙන ඔබ දෙපලගෙ විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා..."
විවාහ සහතිකය අපි දෙන්නා අතට පත් කරද්දි මට දැනුනෙ ලෝකෙම ලැබුනා හා සමාන සතුටක්... සේයාවක් විතරක් වෙයි හිතුව මගෙ ආදරේ මගෙම වෙද්දි මට දැනුනෙ දරාගන්න බැරි තරම් ලොකු සතුටක්..
හෙමින් හෙමින් මගෙ පපුව පහුරු ගාපු මගෙ සේයාවි.... අද මේමොහොතේ ඉදන් මගෙ නේද කියලා දැනෙද්දි කෙල්ලව මගෙපපුවට හිර කරගත්තේ ඒ හිස් මුදුන මත්තෙ දෙතොල තද කරනගමන්මයි..
අවසානයි..
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
" මොකක්ද යකෝ කරපු අසමජ්ජාති වැඩේ.... "
" පොඩ්ඩක් වගකීමෙන් වැඩ කරන්න බැරිද උ ඹ ට... "
" ලක්ෂ ගණන් වියදම් කරලා අම්මලා තාත්තලා උ ඹ ව ලොකු ලොකු ඉස්කෝලවල දාලා ඉගැන්වුවා... "
" ඒ වුනාට මේ වගේ පුංචි දෙයක්වත් උ ඹ ට ඉගැන්වුවේ නැද්ද..."
අනිත් එවුන් කන්න වගේ මගේ දිහා බලං ඉද්දි ටිරාන් විතරක් කටට ආපු සේරම නොසරුප් වදන් කියලා හිමංසට බැ න් නා...
" හරි හරි බං... මිනිස්සු අතින් තමයි වැරදි වෙන්නේ... "
වෙනදා වගේම හිමංසගේ පැත්තට කතා කලේ හසිත විතරයි...
" අතින් තමයි ය කෝ වැරැද්ද වුනේ... බ ල පං... "
" සල්ලි එකතු කරලා ගත්ත බෝතලේ... "
" මූඩිය ඇරලා සුවඳවත් බලන්න වුනේ නෑ.."
ටිරාන් හැඬුම්බරව කිව්වේ බිම වැටිලා සී සී කඩ ගිහිපු වි ස් කි බෝතලේ දිහා බලාගෙන...
" දැන් වුනත් ඉතින් අවුලක් නෑ... උ ඹ ට සුවඳ බලන්න පුළුවන්😂.. "
අසංග එහෙම කියාගෙනම වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිට්ටා....
" උ ඹ ට නම් විහිළු... "
" අඩෝ අ ඩි යක් ගහන්නැතුව ගෙදර ගියාම නින්ද යන්නෑ බං.. "
ටිරාන් කිව්වේ කල ගෙඩිය වගේ බඩ ගෙඩිය අතගාන ගමන්...
" අළුතෙන් නේද සපත්තුව ගත්තේ...ආයේ අඩි ගහන්නේ මොකටද... "
අසංග හිනාවක් දාලා ගණනකට නොගෙන කියද්දි...
" උ ඹ ත් එක්ක බෑ බං... "
ටිරාන්ටත් හිනා... හිමංසගේ ෆෝන් එක රින්ග් වෙන්නේ මෙි අල්ල පනල්ලේ...
" අදවත් සිහියෙන් ගෙදර එන්න අදහසක් නැද්ද මහත්තයෝ.. "
කෝල් එක අරන් තිබුනේ අභිමානි..හිමංසගේ වයිෆ්...
" අද නම් සිහියෙන් එන්න පුළුවන් වෙයි බබා... "
" ඇයි...බොන්න ගෙනාපු බෝතලේ බිඳුනා වත්ද... "
අභී අහද්දි හිමංසගේ ඇස් ඉබේටම ලොකු වුණා...
" දිවැස් තියෙනවද අභී... "
" දිවැස් නම් නෑ බබා... මං දන්නවනේ... මගෙ මහත්තයගේ බේ බ දු යාළුවො ටිකයි මගේ බේ බ දු හස් බණ්ඩයි නොබී ගෙදර එන්නේ එක්කො ගෙනාපු බෝතලේ බිඳුණම... "
" එහෙමත් නැත්තන් අපේ ගෙදර පාටියක් දාන්න එද්දි...එතකොට ගෙදරටනේ අරන් එන්නේ😂.. "
" ඒ නැතුව බෝතලේ තියෙන ඒවා කල් ඉකුත් වුණත් සේරම අන්තිමට ටොයිලට් වලට කියලා බොන බව මං දන්නවානේ සුදු මහත්තයො.."
එහෙම කියන අතරේ හිමංසගේ මුහුණේ ඇඳුණේ ලැජ්ජා සහගත හිනාවක්...
"ඇයි මොකද වුනේ... "
අසංග අහද්දි හිමංස ෆෝ්න් එක සාක්කුවට දාගත්තා..
" ලැජ්ජාව පුරවලා බාල්දියෙන් එකයි... "
හිමංස හිනාවකුත් දාගෙනම එහෙම කියලා අහක බලාගත්තා...වාහනේ පාරට දාලා හිමංස ගෙදර එන්න පිටත් වුනේ බර කල්පනාවක...
හුස්මේ සැමදා රැඳුනා - සඳනාරී උපමා මැවුනා..
වැස්සේ සිතුසේ තෙමුනා - කිඳුරාවී මනසේ ඇඳුනා..
නෙතු යාවී බැඳීලා සදා - හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා - පිනි සීතේ දැනේවී කතා..
සුසුම් අංශු පාසා - සුපෙම්වන්ත ආශා..
රෑක මදනල ගවසා..
හැඟුම් රංචු වීලා - රැයේ පින්න පීරා..
මීන ඇසිපිය සලලා..
සිතේ හැඟුම කොඳුරා - සදා මටම ලැබෙනා නාරී..
සදා මාගෙ වීලා..
නෙතු යාවී බැඳීලා සදා - හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා - පිනි සීතේ දැනේවී කතා..
රැඳී ඉන්න මාහා - සුපෙම් බැල්ම පාලා..
සේද රතඳර මුමුනා..
රැයේ නින්දෙ පායා - මවා දුන්නු සේයා..
දෑත සසරෙම අමුනා..
සිතේ හැඟුම කොඳුරා - සදා මටම ලැබෙනා නාරී..
සදා මාගෙ වීලා..
නෙතු යාවී බැඳීලා සදා - හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා - පිනි සීතේ දැනේවී කතා..
කාරයේ රේඩියෝවේ වාදනය වුනු ගීතයට සවන් යොමන ගමන් හිමංස අතීත මතක අතරේ තනිවුනා...
" ඇත්තටම මල්ලි ඔයාට තේරුම් ගන්න බැරිද.. "
"ඔව්වා ඔහොම තමයි කො ල් ලො... "
" දාලා ගිහිපු අය ගැන ඇයි හිතන්නේ... "
" ඔයාගේ වැඩ ටික කරගන්න කලබල නැතුව... "
අතරමග නතර වුණු කසාදේ ගැන හිත හිත හිමංස දුක්වෙද්දි අබිමානි ඇවිත් හිමංසගේ හිත හදන්න උත්සාහ කලා.
" ඒ වුණාට අක්කේ.. "
" මං ඕනිට මොනවද අඩු පාඩු කලේ... "
" වෙඩින් එකේ පුංචිම දේවල් පවා ඒ කි ආස විදිහටනේ හැමදේම කලේ... "
හිමංස ඉකිබිඳින ගමන් කියද්දි අබිමානි හිමංස ලඟින් වාඩිවෙලා හිමංසගේ ඔළුව අතගෑවා...
" දැන් නාඬා ඉඳපං... "
හිමංසත් බෑ නොකියා අක්කට ඔළුව අතගාන්න දීලා පාඩුවේ හිටියා....ඔහොම කල් ගෙවුනේ හිමංසත් අබිමානිත් පුදුමාකාර විදිහට ලං වෙද්දි...
" ඉතින් ඇයි ඔයා කසාද නොබැඳ ඉන්නේ... "
හිමංස අභිමානි ලඟින් වාඩිවුනේ ඈත අහස දිහා හිස් බැල්මකින් බලාගෙන...
" ම්ම්ම්ම්..ගැලපෙන කෙනෙක් හම්බුන්නෑ.... "
අභිමානිත් ඔහේ ඈත ක්ෂිතිජය දිහා බලාගෙන කිව්වේ ලොකු හුස්මකුත් පිට කරලා...
" ඇත්තටම හේතුව ඒකද... "
හිමංස අහද්දි අභිමානි බිම බලාගත්තා.......
" මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ හිමංස... "
" ගොඩක් ප්‍රපෝසල්ස් ආවත් කිසිම කෙනෙක් කැමති වුනේ නෑ ඔය සිද්ධිය දැනගත්තම.. "
අභිමානිගේ හිස ඉබේටම බිමට බරවෙලා ඇස් වලින් කඳුළු වැටෙද්දි හිමංස අභී ලඟින් දණ ගහගත්තේ ඒ ඇස් තමන්ගේ දිහාට හරවගෙනම...
" මේ අහන්නකෝ... "
" අඬන එක නවත්තන්නකෝ... "
" මෙහේ බලන්න... "
" මගේ ඇස් දිහා... "
කඳුළු පිරුණු ඒ ඇස් හිමංස දිහාට හැරුණා...හිමංස සාක්කුවේ තිබුණු රතු පාට පුංචි පෙට්ටියක් එලියට ගත්තේ මේ අතරෙ..
" මගේ වෙනවද... හැමදාකටම... "
" මට වෙන මොකුත් එපා... මට ඕනි එකම එක දෙයයි... "
" ඔයාගේ ආදරේ විතරයි .. "
හිමංස කියද්දි අභිමානිගේ ඇස් පුදුමයෙන් පිරුණා...
" ඒත් එක පාරටම... "
අභී අහද්දි හිමංසගේ මුහුණේ පුංචි හිනා රැල්ලක් මතුවුණා....
" ඒවා වැඩක් නැහැ... ඔයා කැමතියි නම් මේක අරගන්න....නැත්නම් මේක මෙතනම තියලා යන්න... "
හිමංස වාඩි වෙලා උන්නු ගල් පර ය උඩින් තියලා හිමංස නැගිටලා අභිගේ ලඟින් ඈත් වුනා..අභීට පෙනෙන නොපෙනෙන දුරින් හිමංස වැල්ලෙන් වාඩිවෙලා ඈත ක්ෂිතිජය දිහා බලන් හිටියා...
" හ්ම්ම්ම්ම්ම්ම්.... "
ලොකු හුස්මක් පිට කරලා හිමංස හිත සැහැල්ලු කරගත්තා...
" උ ඹ කිව්වද.. "
ඊලඟ විනාඩියේ ටිරාන්ගෙන් කෝල් එකක්...
" කිව්වා බං...පැය ගාණක් හිර කරන් හිටපු මූත්‍රා බරක් සැහැල්ලු වුණා වගේ නිදහසක් දැනෙන්නේ... "
" හැබැයි දැන්නම් සිප් එකට අහුවෙලා වගේ දැනෙන්නේ බං...මොකකින් මොකක් වෙයිද කියලා හිතාගන්න බෑ... "
හිමංස එහෙම කියද්දි ඇහැ කොනෙන් හිමංසට පෙනුනා අභී තමන් දිහාට එන බව... කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගන්න ගමන් හිමංස අභී දිහාට හැරුණා.....
" ඔයා මල්ලි කෙනෙක්නේ....ඒ නිසා කැමති වෙන්න බෑ වගේ ව ඳු රු කු ණු හ ර ප කියන්න එපා... "
හිමංස මූණත් ඇද කරගෙනම නැගිට්ටා...
" පොඩ්ඩක් ඉ ඳ පං කෝ කියනකල්...කියන්න කලින් වල්ගේ පාගගෙනනේ... "
" මෙන්න මේ වෙඩිම තියාගනිම් මං යනවා... "
හිමංස දුන්නු රතු පාට පෙට්ටිය හිමංසගේ අතට දෙන ගමන් රවාගෙනම අභී යන්න ගියා... අභීගේ දිහා බලාගෙන ඉද්දිම ඇස් බොඳවෙනවා හිමංසට තේරුණා... හැබැයි වැඩි වෙලාවකට නෙවෙයි...
" මේ... "
හිමංසගෙන් අඩි පහක් විතර ඈතට ගිහින් අභී හැරිලා අභීගේ අත පෙන්නද්දි හිමංසගේ ඇස් ලොකු වුණේ පුදුමයට...
" මං ඒක ගත්තා...ඒක ලස්සනයි.. "
හිමංස ලඟට ඇවිත් අභීව පපුවට තුරුල් කරගත්තේ අඬන ගමන්මයි...
" අප්පෝ.... හො ටු කො ල් ලෙ ක් නේ... "
අභී හිමංසගේ තුරුලෙන් ඈත් වුනේ හිනාවේගෙනම... එහෙම පටන් ගත්ත අභීගෙත් හිමංසගෙත් ආදර කතාව මේ දක්වා ආපු අවුරුදු හයක කාලය හරිම සුන්දරයි...
හිමංසගෙත් අභීගෙත් කසාදෙට මුලින් මුලින් දෙමව්පියෝ අකමැති වුනාට මාසයක් විතර යද්දි එයාලටම තේරුණා අභී නැතුව හිමංසටවත්...හිමංස නැතුව අභීටවත් ඉන්න බැරි බව..
හිමංසට වඩා අවුරුදු තුනක් අභී වැඩිමල් වුනත් ඒක හිමංසටවත් අභීටවත් කවදාවත් ප්‍රශ්‍ණයක් වුනේ
නෑ...කසාදෙන් පස්සේ ඉඳහිට අභීගේ නෑදෑයෝ එකතු වුන වෙලාවක....
" අභීට බබාලා නැත්තේ කො ල් ලා ගේ ප්‍රශ්ණයක් නිසාලු... "
" කො ල් ලා ව ඳ යි කියලා තමයි ආරංචිය.. "
වගේ කතා කනින් කොනින් ඇහුණත් හිමංස ඒවා ගණන් ගන්න ගියේ නැහැ....
එහෙම ගෙවුණු දෙන්නගේ ආදරේ අද වෙද්දි සෑහෙන්න ශක්තිමත්...හිමංස වාහනේ මිදුලෙන් නවත්තලා ගෙදර දොර ඇරගෙන කෙලින්ම ගියේ අභී ලඟට...
" මං ආාවාා.. "
අභීව තුරුල් කරගන්න ගමන් හිමංස කියද්දි අභී හිමංසට තුරුල් වුනේ පොඩි ලමයෙක් වගේ...
" එන්නකෝ ගමනක් යන්න.. "
අභී කර කර හිටපු වැඩෙත් නවත්තලා හිමංස අභීව ඇදගෙන ගියේ වාහනේ ලඟට...
" නගින්න... "
අභීව වාහනේට දාගෙන හිමංස ආවේ බීච් එකට...
" එන්නකෝ... "
වාහනේ දොරත් ඇරලා අභීගේ අතින් අල්ලන් හිමංස අභීව එක්කන් ගියේ දෙන්නටම සුපුරුදු මතක ගොඩක් එකතු කරපු ගල් ප ර ය දිහාට...
" ඇයි හදිස්සියේම මෙතනට එන්න හිතුනේ.. "
" ම්ම්ම්ම්ම්...විශේෂයක් නෑ... "
" එහෙනම්... "
" එක්කන් එන්න හිතුණා.. "
මුහුද දිහා බලාගෙන දෙන්නා කතා කර කර හිටියේ හිටගෙනම...
" ඇයි මේ... "
අභී හිමංසගේ පපුවට තුරුල් වෙද්දි අභීගේ ඇස්වල තිබුණු පුංචි කඳුළු බිංදු හිමංස දැක්කා...
" ඔයාට මං ණයයි හිමංස... අම්මෙක් වෙන්නවත් බැරි මට ඔයා මෙච්චර ආදරේ කරද්දි මට දරාගන්න බෑ... "
අභීගේ බිඳුණු හඬ ඇහෙද්දි හිමංසගේ ඇස් වලටත් කඳුළු පිරුණේ නැතුවාම නෙවෙයි...
" මං ඔයාට එදත් කිව්වා... අදත් කියනවා... "
" මට වෙන මොකුත් එපා... මං ලඟට වෙලා මේ තරම්ම ආදරේ දෙන්න මට වෙන මොකුත් එපා... "
හිමංස කිව්වේ තවමත් හිමංසගේ තුරුලේ ඉන්න අභීගේ හිස සිඹින ගමන්...
නිමි✨️
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
හුස්මක් සේම දැනෙනා
හිත් පත්ලෙම විත් රැඳෙනා...
ස්වප්න අතරින් හෙමි හෙමින් විත්
ආල බස් නුඹ දොඩනා...
සංසාරයේ දිගු ගමනක ට...
හෙමි හෙමින් මඟ හදනා...
කඳුලකින් රූරා වැටෙන
කාලයක් නෑ සත්තකින් හෙට...
නුඹ සිනා ළඟ අවතැන්ව මම
හෙමි හෙමින් නුපුරුදු හැඟුමක
දැවටෙනා හැටි පුදුමයි සීරුවෙන් ළය තුළ....
හැඟීම් දිග හැරෙනා නොලද ඒ පහසින් සනසා.....
නොකී දෑ නම් බෝමා කියා ගන්න ට නොහැකිව
කෝලකම් මැද ආල ගීතය දැනෙන්නට ඉඩ හරිනා
සසර දුර ගෙවනා සෙවනැල්ල මා නමිනා
එකම රූ ඔබ බැව් කෙසේ කියමිද
ඔබේ ඇස් යට ගිලිලා.....
සසර සරණා පුරාවට දැන් ඉතින් මා පතනා.....
ගිලිහෙන්නට නම් නොදෙම් සදා සිහිපත් කරම්
ඔබෙන් ලද ජීවිතේ ව්ඳින්නට අයදිම් .....
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
කවි සිතක් ලඟ නිවී සැනහී ගෙවුණු කාලය සිහිනයක්...
සවි අරන් හදවතින් ගෙත්තම් වුණා ලස්සන පද වැලක්....
ආල බස් ළඟ නොබී මත් වුණ නුඹත් මට මත්ද්‍රව්‍යක්....
දිවි තුරා ඔබ ළඟ ම ඉන්නම් තුරුළු වී උණුසුම මැදින්...
ජීවිතේ එක් කටුක ඉමක දි සවිය විලස ට හමුවුනා....
මටත් නොදැනි ම නුඹ ඇවිත් මහ පෙමක ගං ඉම පසුකලා....
දෙඩිලි කෙඳිරිලි ආල බස් ළඟ හෝරාව දෙක ගතවුණා.....
අපට නොදැනි ම ආල පන්හිඳ කවියකින් සිත්තම් කලා....
ලියා කවි පද විනිවිදින විට කුමට ලජ්ජාවෙන් බලා...
නීල දෙනයන වසඟ වූ රුව නුරා ප්‍රේමය ගවසලා....
හීන් සීරුවේ දෑස කියනා රාග ගින්දර තේරිලා...
නොතේරුම් සේ ඉන්නේ කොහොමද අපි අපේ වඟ දිව්රලා.....
ආලයෙන් සිපගත්ත තැන්වල ගතින් ගත බැඳ ලංවෙලා...
හදේ රිද්මෙට තබා පියවර අපේ ලොව අප හැඩ කලා...
හීන ගෙත්තම් කරන පෙම්කව හෙමින් ලෝකෙ ට හෙළි කලා....
ජීවිතේ කව ලියාගෙන යන ගමන නුඹ වෙත පේ වුණා ....
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
මිලින පරඬැල් විසිරුවාලන
සිහින් සිසිලස් පවන් සර මැඳ
අහේතුක සිහිනයක් මැද්දේ
හීනියට සිත පුරා විසිරුණු
රක්ත පැහැ නුබ ගැබක රටාව
මැවෙන සවසක නුඹව සිහිවුණි
හිතම සනසන මගේ සුපෙම්වත....
කෝල ආලවන්තකමක අබියස
වසා දොරගුලු දොඩමළුය හිත
දෝශ කිමදෝ නොදන්නෙමි මම
හැකිද මුණිවත බිඳ දමන්නට
ප්‍රේම සත්සර ගීය මැද්දෙන්
මට මාද නොදැනෙන නියාව ට
හෙමින් තවර සෙනෙහෙ මල්....
බලාගෙන හිඳ මලානික නෙත
කෙමෙන් වියැකෙන අතීතය දෙස
මියෙන අතීතෙට තිතක් තිබ්බා
නවමු ලෝකෙට තියා පියමන්
ගෙත්තමින් නව සිත්තමක්
ගින්දරින් දැවී හදෙහි පිපෙමින්
සෙනෙහෙ මල් යළි නුඹ නමින්....
ඉකිබින්ද සිහිනයම වියැකි
ආල පන්හිඳ හැඩ කරන කළ
පිරුණු බව ඇත ළය තුරෙහි අද
වචන නොමැතිව, ඒ වුවත්,
රැකවරණ මැද සැනසුමක් හිමි
ගින්දරක් නැති ආලයක්
දුටුවෙ මා නුඹ දුටු සැණින්....
සිත්තරෙක් නැගි සිතියමක් මෙනි
හදිසියේ නුඹ පැමිණීයේ…...
මතක නුඹ ආ ලෙසින් ඒ දින
තැම්පත් ව ඇත ළය කොනේ…
නොමැකෙනා සිත්තම් කළ මෙන්
සදාකාලෙට හදකොනේ...
ආයේ ආයේ මගෙම වෙනවද
සින්නකර හදවත ඔබේ........!!!
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
හිතට ආසයි......
සුවඳ විහිදෙන පිච්ච මල් වල
සුවඳ දිවියට තවර ගන්නට...
සිනිඳු සළුපට දුහුල මගහැර
මිහිදුමෙන් නෙත් වසාගන්නට...
කප්පරක් පෙම හිමි සිතක් ළඟ....
ලැගුම් හල වී නතර වන්නට...
ලමැද හූරන විරහා ගිනි පිස
ආදරේ අම ඔසු පොවන්නට....
දෝරේ ගලනා සිනා මැද්දේ...
වරක් දෙවරක් නපුරු වන්නට....
වේදනා මැද හඬක් නොනගා
සතුට දුක සැම බෙදා ගන්නට...
සෙනෙහසින් සින්නක්කරව ලියැවෙන
ක්ෂිතිජ ඉම ළඟ හති අරින්නට......
සදාකාලෙන් සදාකාලෙට....
එක හිතක් මත්තෙම මැරෙන්නට....
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
හීනියට පිනි වැටෙන මැදියම...
හීනයට ආ මගෙ සුපෙම්වත...
කාලයට ඉඩ දී කිමද ඔය...
ආලය ට තිත තබන අන්දම....
යන්න පෙර මට කියා දෙනවද....
දළදාවේ හේවිසි හඬත් එක්ක ම....
වැව රවුමේ පාලුවත් මැකුණා ම...
රොබරෝසියන් මල් එකින් එක...
කිටි කිටියේ ගුලිවෙලා එකතැන
නොකී පෙම ගෙත්තම් කළා දැක්කද .....
හන්තාන මුදු සිහිල් පවනින්...
එති එතී එන ප්‍රේම ගීතය...
මල්පාරේ බංකුවක ඉඳගෙන...
හෙමි හෙමින් පෙම් තනුව වැයු බව
කොහේ හෝ සිට නුඹත් ඇසුවද...
ඈත හිනැහෙන සිසිල් තරිඳුත්...
නොකී රහසක් දිග හරින විට...
අපෙ ම වූ අවිහිංසක ම පෙමකව...
වැහිළිහිණියෙක් සත්තකින් ගැයුවා
හීනියට ඔය සවණේ වැකුණද.....
හිමි හෙමින් මා ඔබ වෙත ම එන...
ස්වප්න මිරිගුව වෙත ම ඇදුණාම....
කාලයේ තාලය ට නොවැටී...
ඉරණමත් කණපිටට හරවා....
ඩිංගකටවත් ඇවිත් යනවද..
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
Time has gone....
We can't stop that...
We always think & think....
About new world....
All our thoughts are....
Controlled by the brain...
Because of that...
WE ARE PRISONERS OF OUR OWN MINDS
Prarthana Bandara ❤
ජනකවි ආභාසයෙන් සිංහල ගීතය පෝෂණය වූ අපූරුව...
ගීතයක ස්වරූපය පිළිබඳ විමසා බැලීමේදී ගී පද රචකයාගේ ප්‍රතිභාව,පද සංයෝජනය,ආකෘතිය, පරිකල්පන ශක්තිය ආදී සියල්ලක් ම එක සේ බලපානු ලබයි. ගී පද රචකයෝ බොහෝ විට සිය පද යෝජනයේ දී අනෙකුත් සාහිත්‍යවල පිහිට පැතුවේ නැත.දේශීය සම්ප්‍රදාය ඉස්මතු වන ලෙස ගීත රචනා කර දේශීයත්වය නව මානයකට ගෙන යාමට උත්සාහ කළ අපූර්ව ගී පද රචකයෝ අතීතයේ මෙන් ම වර්තමානයේ ද වේ .
ජනකවි යනුවෙන් හඳුන්වන්නේ අපේ අතීත අනන්‍යතාවය බව අමුතුවෙන් කිව යුතු නැත.ජනකවිය ට අනන්‍ය වූ භාෂා රටාවක් ඇත.පොදු ජන වහර ට නෑකම් කියන භාෂා රටාවකින් සකස් ව ඇති ජන කවිය තුළ ස්වාධීන ප්‍රකාශන ශක්තියක් ඇත .සරල සුගම නම් නම්‍යශීලී බවක් ඇත.එය ජන කවියෙහි සුවිශේෂීත්වය යි. එදිනෙදා ස්වකීය වෘත්තිය තුළ වූ පාළුව,තනිකම,විඩාව, කාන්සිය දුරුකර ගැනීමට එදා ගැමියන් තමාට රිසි ලෙස නිර්මාණය කරගත් සතර පද කවි කලාව ජන කවිය ලෙස හැඳින්විය හැක.මේ ජනකවි කලාව කට වහරින් පෝෂණය වූවා විනා ලේඛනගත වීමක් දක්නට නැත. සෑම ජන කවියක ම කර්තෘ අඥාත ය .මේ ජන කවියේ සන්දර්භය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වන කරුණ නම් ගැමි ජනතාව බොහෝ විට ස්වකීය වෘත්තීය ජීවිතය පාදක කොට ගෙන ජන කවි රචනා කර ඇති බවයි.පැල් කවි,පතල් කවි,සංවාද කවි, බඹර කවි, උපහාස කවි, සී පද, ගොයම් කවි, නෙළුම් කවි මෙන්ම ප්‍රේමය, විරහව ආදිය ගැන ද ජන කවි නිර්මාණය විය .
ජන සංගීත නිර්මාණයේදී ජනකවියට සුවිශේෂී වූ භාෂා රටාව පිළිබඳ අවබෝධයක් ලබාගෙන නිර්මාණය කරන යෙදිය යුතුය.එසේ නොවන්නේ නම් සාම්ප්‍රදායිකත්වය ට හානි මතු වන බැවිනි.සිංහල ගීතය පිළිබඳ විමසා බලන කළ ජන ගිය අතිශය සුවිශේෂී ය. කොළඹ යුගයේ සාර්ථක කවීන් බොහෝ දෙනෙක් මේ ජන ගී ආරයෙන් ගීත රචනා කළහ.ඒ අතර පී.බී.අල්විස් පෙරේරා ,මඩවල එස්. රත්නායක, ගුණදාස අමරසේකර,චන්ද්‍රරත්න මානවසිංහ ආදීන් වූහ.මේ ජන සාහිත්‍ය ඇසුර ලබමින් ගේය කාව්‍ය රචනයෙහි යෙදුණු මෑතකාලීන ශිල්පීන් ලෙස ධර්මසිරි ගමගේ, සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ, රෝහණ බැද්දගේ ආදී ගී පද රචකයන් දැක්විය හැකිය.
ධ්වනි පූර්ණ ජන කවි බස යොදා ගෙන සිය හැඟීම් ආභාෂයෙන් ගී රචනා කිරීමට මෙකී කවීහු මහත් සමත්කම් පෑහ.
මේ ජන කවිය තුළ වෙන කරත්ත කවි, නෙළුම් කවි පාරු කවි, ආදී කවිවලින් මඳක් බැහැර ට ගොස් අපූර්ව තේමාවක් ගැන විස්තරයක් සපයන්නට මම වෑයම් කරමි .සම්භාව්‍ය කාව්‍ය තුළ මෙන්ම ජන ක ම ජන කවිය තුළ ද විකාර රූපී කවි වේ .හිතුමනාපයට හිතන දේවල් කවියට පදින්නන් අතීත ගැමියා අතර වූහ.ඔවුන් එයට මහත් දස්කම් දැක්වූහ.මේ එවැනි කවියකි.
හාවෙක් මම දුටිමි සයුරේ පීනනවා
ඌරෙක් මම දුටිමි අතු අග දළු කනවා
ගෝනෙක් මම දුටිමි වත්තක අල කනවා
හීනෙන් මම දුටිමි පිරිමින් කිලි වෙනවා
අභව්‍ය සිදුවීම් එසේත් නැත්නම් සිදු නොවන දේවල් සිදුවන ලෙස දැක්වීම මෙහි දී සිදු වී ඇත .මෙලෙස දැක්වීම හේතුකොටගෙන "විකාර රූපී කවියක් "ලෙස මෙය දැක්විය හැකිය.මෙලෙස කවි නිර්මාණය කිරීම තුළින් හුදෙක් අපේක්ෂා කළේ රසයම පමණි.හාවුන් සාගරයේ පිහිනීම, ඌරෙක් අතු අග දළු කෑම, ගොනෙක් වත්තක අල කෑම, පිරිමින් කිලි වීම මේ කාරණා එකාතකින් හාස්‍යයකි."පිරිමියෙක් කවද්ද කිලි වෙන්නේ ?"අහන තැනට කවිය පත් වන්නේ ඒ නිසාය.නමුත් හුදෙක් හාස්‍ය ම අපේක්ෂා කර විකාර රූපී වුවද සංකල්පය අවබෝධ වන ලෙසට රසයේ උච්චතම අවස්ථාවට රස විඳින්නා ලඟා කරවීමට මෙකී කවි සමත්කම් පා ඇත.
ආදී ජන කවියේ වූ මේ විකාර රූපී බව ජන කවියෙන් ගේය පද රචනයට ආභාෂය ලබා ගත් ගී පද රචකයන් ද හරි අපූරුවට යොදාගෙන ඇත.ඉහත කවි සංකල්පනා ව ම තේමා කොට ගනිමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචිත "සකුරා මල් පිපිලා" ගීතය ද පරිකල්පනය අර්ථයෙන් ම රසය ජනිත කරවන සාර්ථක නිර්මාණයකි.
සකුරා මල් පිපිලා හරි පුදුමයි
ගේ දොරකඩ නිල් වන පියසේ
නිදිමත නැති වී හිරු පායා ඇත
උමතු ලෙසින් මහා රෑ යාමේ
මින් රැළ වෙරළේ සක්මන් කළ සඳ
පා සටහන් ඇත වැලි තලයේ
නාග පිඹුරු මුදු සිංහ වලස් රැළ
ඉගිලෙති නටමින් උඩු ගුවනේ
යන එන සෙල්ලම් රිය පෙළ අතරේ
පාසල් යන විට බෝනික්කෝ
අකුරු උගන්වති කූඹි සිසුන් හට
වයසක ගුරුවර කූනිත්තෝ
සුදම් සභාවේ අරගලයක් වී
අහසින් කොටසක් කඩා වැටී
වියපත් සඳ වත ගෙදර නැති වී
හැරමිටි සරණිත් බලා සිඳී
ගේය පද- මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය විශාරද නන්දා මාලිනී
ගායනය- විශාරද නන්දා මාලිනි
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද නිර්මාණයකට විශාරද නන්දා මාලිනිය ගේ සංගීතයෙන් හා ගායනයෙන් හැඩ වන මෙම ගීතය තුළ තුල සිදුවන කිසි දෙයක් අප සමාජය සිදු නොවන දේවල් ය.අපේ රට ලංකාවයි.ලංකාව තුළ මිදුලේ සකුරා මල් පිපෙන පිපෙන්නට හේතුවක් නැත. සකුරා මල් පිපෙන ජපානයේ ය.හඳ වෙනුවට ගීතයේ මහරෑයාමේ පායන්නෙ ඉරයි නමුත් එයත් සාමාන්‍ය ලෝකයට වඩා වෙනස් ය.මාළුන්ට ඇවිදින්නට පාද නැත.පොළොඟුන් ට ඉගිළෙන්නට තටු නැත .සිංහයෝ වලස්සු ඉගිළෙමින් නටන්නෙ උඩු ගුවනේ ය. එය ද සිදු වන්නට බැරි දෙයකි.මේ ආකාරයට හරි අපූරුවට පද ගැලපීම තුළ රසයක් ජනනය කොට ඇත.බෝනික්කන් පාසල් යාම, කූඹි සිසුන්ට වයසක කූනිත්තෝ අකුරු ඉගැන්වීම,අහසින් කොටසක් කඩා ගෙන වැටීම, හඳේ ගෙදර නැති වෙලා හැරමිටිය ක වාරුවෙන් බලා සිටීම එක් ආකාරයකට අපූර්ව ලෙස සංකල්ප රූප නා ජනනය කරමින් රචනා කර ඇති අයුරු විශිෂ්ටය.මෙකී සංකල්ප සියල්ල ඉහත කී ජන කාව්‍යයන්ගෙන් නිර්මාණ කරුවා ලත් අත්දැකීම් බව ඉඳුරා ම පැහැදිලිය .ගීතයේ නව මාන සොයා ගෙන නව ඉසව් වලට සම්ප්‍රාප්ත වන සුනිල් ආරියරත්නයන් ජන කවියේ ආභාසය ගෙන රචිත රසවත් ම නිර්මාණයක් ලෙස මෙම" සකුරා මල් පිපිලා" ගීතය දැක්විය හැකිය .හුදෙක් අර්ථ රසයට වඩා ශබ්ද රසය ගීතයකින් අපේක්ෂා කරන්නේ යන කරුණ ද, එදිනෙදා කාන්සිය, අවිවේකී ජීවිතයට විවේකී බවක් අපේක්ෂා කිරීම යන කරුණු ද මෙවැනි ගී පද තුළින් සඵල වන බව නොකිවමනාය
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
හද නිම්නයේ නොපෙනෙන කොන්වල...
සෝබන මූණක් මෝරනවා හෙමීට...
නිරුවත් පපුවේ බේරෙන දාඩිය....
කියනවා මහන්සිය හෙමීට රෑ නිමාකළ පාඩමක...
කොනේ ඇද රෙද්දක රතුපැල්ලමක් ගෙත්තම් වුණ....
මඟුලට ඇදි සාරියත් සී සීකඩය...
ප්‍රීති ගීයක සැනහෙන අලුත ආ මනාල හිනාවට...
නෑ ටිකක්වත් සැනහුණේ මනාලිගේ සෝබර වුවනත....
නොපැසුණු ඉරක් බැස දොර අරින නගරෙක...
දේදුණු කැබැල්ලක් නැත්තෙ කිම වැස්සට....
පොහොට්ටු පමණක්ය හිත තුළ පෙම නාදුනන...
සකලයෝවත් දකීවිද මනාලිගේ දුක...
නොසපිරි පෙමකි දසවසක් සපිරුණ...
ඇරඹුම එයයි තහනම් වූ රජයක...
නුරාව කයෙහි ඉල්පී නිවෙන අතරෙක....
මධුකම්කටොලු හමුවේ ඒ දුක කෙසේ නසනුද....
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
දැකී හීන විදි නිදහසක් නෙතු මානෙක නැතී...
කවදා පැමිණ කවදා යයිදෝ කවුරුත් නොදනිතී...
හීනයට ආවඩන දිවිගමන අරුමැසී....
සරසවිය කඩයිමකි ජීවිතේ ගොරහැඩී....
උනුන් එක බත් පතට එක හිතින් ලොබ බැදී....
හීනයක් වේ යළි මුළු හිතම පෙම් බැදී....
ඔන්ලයින් කාමරේ කුලියට ම සින්න වී...
අහෝ කරුමෙක හැටී මෙහෙම දුක් බරවැඩී....
පත්ඉරුව ඉරාගෙන විනිවිදින සිතුවිලී...
කියයි හනිකට හිතක විදින දුක් කදුලැලී....
කවදාක මකන්නද මේ පාළු බව යළී....
යන්තමට හුස්මවත් රැකී තිබුණොත් ඇතී....
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
පොඩි මැණිකෙගේ හැඩ බලලා
බදුලු බණ්ඩාවෙල දිහාවේ
පෙම්වතියක් නියත විවරණ ඉල්ලනවා
බදාගෙන සිල්පර කොටේ
පණ ගැහෙන කළලයක් හෙමිහිට
යදිනවා ඈ ළඟ ජීවිතේ
ලෝකේ ලස්සන දකින්නට
හුස්ම බිඳක් උරන්නට
වැඩක් නෑ...
පෙම්වතා යන්නට ගිහින්
අසම්මතේ කොට සම්මතේ
පෙම්වතිය ට පොඩි මැණිකේ
නියත විවරණ දීලා
පහුවදා පත්තරේ
බෝල අකුරින්
විස්තරේ....
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
විවාහයක මුලික අරමුන මොකක්ද ඇහුවොත් ගොඩක් අය නම් කියන්නෙ වර්ගයා බෝ කිරීම කියලා, ඒ කියන්නෙ ලැජ්ජාවට. දකුනු ආසියානු කලාපයේ නම් විවාහයේ මූලික...