සිත්තම් සෙවීම

Wednesday, January 19, 2022

 හුස්මක් සේම දැනෙනා

හිත් පත්ලෙම විත් රැඳෙනා...

ස්වප්න අතරින් හෙමි හෙමින් විත්

ආල බස් නුඹ දොඩනා...

සංසාරයේ දිගු ගමනක ට...

හෙමි හෙමින් මඟ හදනා...


කඳුලකින් රූරා වැටෙන

කාලයක් නෑ සත්තකින් හෙට...

නුඹ සිනා ළඟ අවතැන්ව මම

හෙමි හෙමින් නුපුරුදු හැඟුමක

දැවටෙනා හැටි පුදුමයි සීරුවෙන් ළය තුළ....

හැඟීම්  දිග  හැරෙනා නොලද ඒ  පහසින් සනසා.....


නොකී දෑ නම් බෝමා කියා ගන්න ට නොහැකිව

කෝලකම් මැද ආල ගීතය දැනෙන්නට ඉඩ හරිනා 

සසර දුර ගෙවනා සෙවනැල්ල මා නමිනා

එකම රූ  ඔබ බැව් කෙසේ කියමිද

ඔබේ ඇස් යට ගිලිලා.....

සසර සරණා පුරාවට දැන් ඉතින් මා පතනා.....


ගිලිහෙන්නට නම් නොදෙම් සදා සිහිපත් කරම්

  ඔබෙන් ලද ජීවිතේ ව්ඳින්නට අයදිම් .....


ප්‍රාර්ථනා බණ්ඩාර  ❤

3 comments:

Thankyou ❤ Magical words සමඟ එක්ව වටිනා අදහස් ලබා දීම පිළිබඳ ස්තූතියි ❤

පාරෝ❤🌼

සිරි ලංකන් වර්සන් විවාහේ...

  විවාහයක මුලික අරමුන මොකක්ද ඇහුවොත් ගොඩක් අය නම් කියන්නෙ වර්ගයා බෝ කිරීම කියලා, ඒ කියන්නෙ ලැජ්ජාවට. දකුනු ආසියානු කලාපයේ නම් විවාහයේ මූලික...