සිත්තම් සෙවීම

Monday, January 17, 2022

 කවි සිතක් ලඟ නිවී සැනහී ගෙවුණු කාලය සිහිනයක්...

සවි අරන්  හදවතින් ගෙත්තම් වුණා ලස්සන පද වැලක්....

ආල බස් ළඟ නොබී මත් වුණ නුඹත් මට මත්ද්‍රව්‍යක්....

දිවි තුරා ඔබ ළඟ ම ඉන්නම් තුරුළු වී උණුසුම මැදින්...


ජීවිතේ එක් කටුක ඉමක දි  සවිය විලස ට හමුවුනා....

මටත් නොදැනි ම නුඹ ඇවිත් මහ පෙමක ගං ඉම පසුකලා....

දෙඩිලි කෙඳිරිලි ආල බස් ළඟ හෝරාව දෙක ගතවුණා.....

අපට නොදැනි ම ආල පන්හිඳ  කවියකින් සිත්තම් කලා....


ලියා කවි පද විනිවිදින විට කුමට  ලජ්ජාවෙන් බලා...

නීල දෙනයන වසඟ වූ රුව  නුරා ප්‍රේමය ගවසලා....

හීන් සීරුවේ දෑස කියනා රාග ගින්දර තේරිලා...

නොතේරුම් සේ ඉන්නේ කොහොමද අපි අපේ වඟ දිව්රලා.....


ආලයෙන් සිපගත්ත තැන්වල  ගතින්  ගත බැඳ  ලංවෙලා...

හදේ රිද්මෙට තබා පියවර අපේ ලොව අප හැඩ  කලා...

හීන ගෙත්තම් කරන පෙම්කව හෙමින්  ලෝකෙ ට හෙළි කලා....

 ජීවිතේ කව ලියාගෙන යන ගමන නුඹ වෙත පේ වුණා ....


ප්‍රාර්ථනා බණ්ඩාර  ❤

4 comments:

Thankyou ❤ Magical words සමඟ එක්ව වටිනා අදහස් ලබා දීම පිළිබඳ ස්තූතියි ❤

පාරෝ❤🌼

සිරි ලංකන් වර්සන් විවාහේ...

  විවාහයක මුලික අරමුන මොකක්ද ඇහුවොත් ගොඩක් අය නම් කියන්නෙ වර්ගයා බෝ කිරීම කියලා, ඒ කියන්නෙ ලැජ්ජාවට. දකුනු ආසියානු කලාපයේ නම් විවාහයේ මූලික...