" මොකක්ද යකෝ කරපු අසමජ්ජාති වැඩේ.... "
" පොඩ්ඩක් වගකීමෙන් වැඩ කරන්න බැරිද උ ඹ ට... "
" ලක්ෂ ගණන් වියදම් කරලා අම්මලා තාත්තලා උ ඹ ව ලොකු ලොකු ඉස්කෝලවල දාලා ඉගැන්වුවා... "
" ඒ වුනාට මේ වගේ පුංචි දෙයක්වත් උ ඹ ට ඉගැන්වුවේ නැද්ද..."
අනිත් එවුන් කන්න වගේ මගේ දිහා බලං ඉද්දි ටිරාන් විතරක් කටට ආපු සේරම නොසරුප් වදන් කියලා හිමංසට බැ න් නා...
" හරි හරි බං... මිනිස්සු අතින් තමයි වැරදි වෙන්නේ... "
වෙනදා වගේම හිමංසගේ පැත්තට කතා කලේ හසිත විතරයි...
" අතින් තමයි ය කෝ වැරැද්ද වුනේ... බ ල පං... "
" සල්ලි එකතු කරලා ගත්ත බෝතලේ... "
" මූඩිය ඇරලා සුවඳවත් බලන්න වුනේ නෑ.."
ටිරාන් හැඬුම්බරව කිව්වේ බිම වැටිලා සී සී කඩ ගිහිපු වි ස් කි බෝතලේ දිහා බලාගෙන...
" දැන් වුනත් ඉතින් අවුලක් නෑ... උ ඹ ට සුවඳ බලන්න පුළුවන්😂.. "
අසංග එහෙම කියාගෙනම වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිට්ටා....
" උ ඹ ට නම් විහිළු... "
" අඩෝ අ ඩි යක් ගහන්නැතුව ගෙදර ගියාම නින්ද යන්නෑ බං.. "
ටිරාන් කිව්වේ කල ගෙඩිය වගේ බඩ ගෙඩිය අතගාන ගමන්...
" අළුතෙන් නේද සපත්තුව ගත්තේ...ආයේ අඩි ගහන්නේ මොකටද... "
අසංග හිනාවක් දාලා ගණනකට නොගෙන කියද්දි...
" උ ඹ ත් එක්ක බෑ බං... "
ටිරාන්ටත් හිනා... හිමංසගේ ෆෝන් එක රින්ග් වෙන්නේ මෙි අල්ල පනල්ලේ...
" අදවත් සිහියෙන් ගෙදර එන්න අදහසක් නැද්ද මහත්තයෝ.. "
කෝල් එක අරන් තිබුනේ අභිමානි..හිමංසගේ වයිෆ්...
" අද නම් සිහියෙන් එන්න පුළුවන් වෙයි බබා... "
" ඇයි...බොන්න ගෙනාපු බෝතලේ බිඳුනා වත්ද... "
අභී අහද්දි හිමංසගේ ඇස් ඉබේටම ලොකු වුණා...
" දිවැස් තියෙනවද අභී... "
" දිවැස් නම් නෑ බබා... මං දන්නවනේ... මගෙ මහත්තයගේ බේ බ දු යාළුවො ටිකයි මගේ බේ බ දු හස් බණ්ඩයි නොබී ගෙදර එන්නේ එක්කො ගෙනාපු බෝතලේ බිඳුණම... "
" එහෙමත් නැත්තන් අපේ ගෙදර පාටියක් දාන්න එද්දි...එතකොට ගෙදරටනේ අරන් එන්නේ😂.. "
" ඒ නැතුව බෝතලේ තියෙන ඒවා කල් ඉකුත් වුණත් සේරම අන්තිමට ටොයිලට් වලට කියලා බොන බව මං දන්නවානේ සුදු මහත්තයො.."
එහෙම කියන අතරේ හිමංසගේ මුහුණේ ඇඳුණේ ලැජ්ජා සහගත හිනාවක්...
"ඇයි මොකද වුනේ... "
අසංග අහද්දි හිමංස ෆෝ්න් එක සාක්කුවට දාගත්තා..
" ලැජ්ජාව පුරවලා බාල්දියෙන් එකයි... "
හිමංස හිනාවකුත් දාගෙනම එහෙම කියලා අහක බලාගත්තා...වාහනේ පාරට දාලා හිමංස ගෙදර එන්න පිටත් වුනේ බර කල්පනාවක...
හුස්මේ සැමදා රැඳුනා - සඳනාරී උපමා මැවුනා..
වැස්සේ සිතුසේ තෙමුනා - කිඳුරාවී මනසේ ඇඳුනා..
නෙතු යාවී බැඳීලා සදා - හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා - පිනි සීතේ දැනේවී කතා..
සුසුම් අංශු පාසා - සුපෙම්වන්ත ආශා..
රෑක මදනල ගවසා..
හැඟුම් රංචු වීලා - රැයේ පින්න පීරා..
මීන ඇසිපිය සලලා..
සිතේ හැඟුම කොඳුරා - සදා මටම ලැබෙනා නාරී..
සදා මාගෙ වීලා..
නෙතු යාවී බැඳීලා සදා - හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා - පිනි සීතේ දැනේවී කතා..
රැඳී ඉන්න මාහා - සුපෙම් බැල්ම පාලා..
සේද රතඳර මුමුනා..
රැයේ නින්දෙ පායා - මවා දුන්නු සේයා..
දෑත සසරෙම අමුනා..
සිතේ හැඟුම කොඳුරා - සදා මටම ලැබෙනා නාරී..
සදා මාගෙ වීලා..
නෙතු යාවී බැඳීලා සදා - හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා - පිනි සීතේ දැනේවී කතා..
කාරයේ රේඩියෝවේ වාදනය වුනු ගීතයට සවන් යොමන ගමන් හිමංස අතීත මතක අතරේ තනිවුනා...
" ඇත්තටම මල්ලි ඔයාට තේරුම් ගන්න බැරිද.. "
"ඔව්වා ඔහොම තමයි කො ල් ලො... "
" දාලා ගිහිපු අය ගැන ඇයි හිතන්නේ... "
" ඔයාගේ වැඩ ටික කරගන්න කලබල නැතුව... "
අතරමග නතර වුණු කසාදේ ගැන හිත හිත හිමංස දුක්වෙද්දි අබිමානි ඇවිත් හිමංසගේ හිත හදන්න උත්සාහ කලා.
" ඒ වුණාට අක්කේ.. "
" මං ඕනිට මොනවද අඩු පාඩු කලේ... "
" වෙඩින් එකේ පුංචිම දේවල් පවා ඒ කි ආස විදිහටනේ හැමදේම කලේ... "
හිමංස ඉකිබිඳින ගමන් කියද්දි අබිමානි හිමංස ලඟින් වාඩිවෙලා හිමංසගේ ඔළුව අතගෑවා...
" දැන් නාඬා ඉඳපං... "
හිමංසත් බෑ නොකියා අක්කට ඔළුව අතගාන්න දීලා පාඩුවේ හිටියා....ඔහොම කල් ගෙවුනේ හිමංසත් අබිමානිත් පුදුමාකාර විදිහට ලං වෙද්දි...
" ඉතින් ඇයි ඔයා කසාද නොබැඳ ඉන්නේ... "
හිමංස අභිමානි ලඟින් වාඩිවුනේ ඈත අහස දිහා හිස් බැල්මකින් බලාගෙන...
" ම්ම්ම්ම්..ගැලපෙන කෙනෙක් හම්බුන්නෑ.... "
අභිමානිත් ඔහේ ඈත ක්ෂිතිජය දිහා බලාගෙන කිව්වේ ලොකු හුස්මකුත් පිට කරලා...
" ඇත්තටම හේතුව ඒකද... "
හිමංස අහද්දි අභිමානි බිම බලාගත්තා.......
" මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ හිමංස... "
" ගොඩක් ප්රපෝසල්ස් ආවත් කිසිම කෙනෙක් කැමති වුනේ නෑ ඔය සිද්ධිය දැනගත්තම.. "
අභිමානිගේ හිස ඉබේටම බිමට බරවෙලා ඇස් වලින් කඳුළු වැටෙද්දි හිමංස අභී ලඟින් දණ ගහගත්තේ ඒ ඇස් තමන්ගේ දිහාට හරවගෙනම...
" මේ අහන්නකෝ... "
" අඬන එක නවත්තන්නකෝ... "
" මෙහේ බලන්න... "
" මගේ ඇස් දිහා... "
කඳුළු පිරුණු ඒ ඇස් හිමංස දිහාට හැරුණා...හිමංස සාක්කුවේ තිබුණු රතු පාට පුංචි පෙට්ටියක් එලියට ගත්තේ මේ අතරෙ..
" මගේ වෙනවද... හැමදාකටම... "
" මට වෙන මොකුත් එපා... මට ඕනි එකම එක දෙයයි... "
" ඔයාගේ ආදරේ විතරයි .. "
හිමංස කියද්දි අභිමානිගේ ඇස් පුදුමයෙන් පිරුණා...
" ඒත් එක පාරටම... "
අභී අහද්දි හිමංසගේ මුහුණේ පුංචි හිනා රැල්ලක් මතුවුණා....
" ඒවා වැඩක් නැහැ... ඔයා කැමතියි නම් මේක අරගන්න....නැත්නම් මේක මෙතනම තියලා යන්න... "
හිමංස වාඩි වෙලා උන්නු ගල් පර ය උඩින් තියලා හිමංස නැගිටලා අභිගේ ලඟින් ඈත් වුනා..අභීට පෙනෙන නොපෙනෙන දුරින් හිමංස වැල්ලෙන් වාඩිවෙලා ඈත ක්ෂිතිජය දිහා බලන් හිටියා...
" හ්ම්ම්ම්ම්ම්ම්.... "
ලොකු හුස්මක් පිට කරලා හිමංස හිත සැහැල්ලු කරගත්තා...
" උ ඹ කිව්වද.. "
ඊලඟ විනාඩියේ ටිරාන්ගෙන් කෝල් එකක්...
" කිව්වා බං...පැය ගාණක් හිර කරන් හිටපු මූත්රා බරක් සැහැල්ලු වුණා වගේ නිදහසක් දැනෙන්නේ... "
" හැබැයි දැන්නම් සිප් එකට අහුවෙලා වගේ දැනෙන්නේ බං...මොකකින් මොකක් වෙයිද කියලා හිතාගන්න බෑ... "
හිමංස එහෙම කියද්දි ඇහැ කොනෙන් හිමංසට පෙනුනා අභී තමන් දිහාට එන බව... කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගන්න ගමන් හිමංස අභී දිහාට හැරුණා.....
" ඔයා මල්ලි කෙනෙක්නේ....ඒ නිසා කැමති වෙන්න බෑ වගේ ව ඳු රු කු ණු හ ර ප කියන්න එපා... "
හිමංස මූණත් ඇද කරගෙනම නැගිට්ටා...
" පොඩ්ඩක් ඉ ඳ පං කෝ කියනකල්...කියන්න කලින් වල්ගේ පාගගෙනනේ... "
" මෙන්න මේ වෙඩිම තියාගනිම් මං යනවා... "
හිමංස දුන්නු රතු පාට පෙට්ටිය හිමංසගේ අතට දෙන ගමන් රවාගෙනම අභී යන්න ගියා... අභීගේ දිහා බලාගෙන ඉද්දිම ඇස් බොඳවෙනවා හිමංසට තේරුණා... හැබැයි වැඩි වෙලාවකට නෙවෙයි...
" මේ... "
හිමංසගෙන් අඩි පහක් විතර ඈතට ගිහින් අභී හැරිලා අභීගේ අත පෙන්නද්දි හිමංසගේ ඇස් ලොකු වුණේ පුදුමයට...
" මං ඒක ගත්තා...ඒක ලස්සනයි.. "
හිමංස ලඟට ඇවිත් අභීව පපුවට තුරුල් කරගත්තේ අඬන ගමන්මයි...
" අප්පෝ.... හො ටු කො ල් ලෙ ක් නේ... "
අභී හිමංසගේ තුරුලෙන් ඈත් වුනේ හිනාවේගෙනම... එහෙම පටන් ගත්ත අභීගෙත් හිමංසගෙත් ආදර කතාව මේ දක්වා ආපු අවුරුදු හයක කාලය හරිම සුන්දරයි...
හිමංසගෙත් අභීගෙත් කසාදෙට මුලින් මුලින් දෙමව්පියෝ අකමැති වුනාට මාසයක් විතර යද්දි එයාලටම තේරුණා අභී නැතුව හිමංසටවත්...හිමංස නැතුව අභීටවත් ඉන්න බැරි බව..
හිමංසට වඩා අවුරුදු තුනක් අභී වැඩිමල් වුනත් ඒක හිමංසටවත් අභීටවත් කවදාවත් ප්රශ්ණයක් වුනේ
නෑ...කසාදෙන් පස්සේ ඉඳහිට අභීගේ නෑදෑයෝ එකතු වුන වෙලාවක....
" අභීට බබාලා නැත්තේ කො ල් ලා ගේ ප්රශ්ණයක් නිසාලු... "
" කො ල් ලා ව ඳ යි කියලා තමයි ආරංචිය.. "
වගේ කතා කනින් කොනින් ඇහුණත් හිමංස ඒවා ගණන් ගන්න ගියේ නැහැ....
එහෙම ගෙවුණු දෙන්නගේ ආදරේ අද වෙද්දි සෑහෙන්න ශක්තිමත්...හිමංස වාහනේ මිදුලෙන් නවත්තලා ගෙදර දොර ඇරගෙන කෙලින්ම ගියේ අභී ලඟට...
" මං ආාවාා.. "
අභීව තුරුල් කරගන්න ගමන් හිමංස කියද්දි අභී හිමංසට තුරුල් වුනේ පොඩි ලමයෙක් වගේ...
" එන්නකෝ ගමනක් යන්න.. "
අභී කර කර හිටපු වැඩෙත් නවත්තලා හිමංස අභීව ඇදගෙන ගියේ වාහනේ ලඟට...
" නගින්න... "
අභීව වාහනේට දාගෙන හිමංස ආවේ බීච් එකට...
" එන්නකෝ... "
වාහනේ දොරත් ඇරලා අභීගේ අතින් අල්ලන් හිමංස අභීව එක්කන් ගියේ දෙන්නටම සුපුරුදු මතක ගොඩක් එකතු කරපු ගල් ප ර ය දිහාට...
" ඇයි හදිස්සියේම මෙතනට එන්න හිතුනේ.. "
" ම්ම්ම්ම්ම්...විශේෂයක් නෑ... "
" එහෙනම්... "
" එක්කන් එන්න හිතුණා.. "
මුහුද දිහා බලාගෙන දෙන්නා කතා කර කර හිටියේ හිටගෙනම...
" ඇයි මේ... "
අභී හිමංසගේ පපුවට තුරුල් වෙද්දි අභීගේ ඇස්වල තිබුණු පුංචි කඳුළු බිංදු හිමංස දැක්කා...
" ඔයාට මං ණයයි හිමංස... අම්මෙක් වෙන්නවත් බැරි මට ඔයා මෙච්චර ආදරේ කරද්දි මට දරාගන්න බෑ... "
අභීගේ බිඳුණු හඬ ඇහෙද්දි හිමංසගේ ඇස් වලටත් කඳුළු පිරුණේ නැතුවාම නෙවෙයි...
" මං ඔයාට එදත් කිව්වා... අදත් කියනවා... "
" මට වෙන මොකුත් එපා... මං ලඟට වෙලා මේ තරම්ම ආදරේ දෙන්න මට වෙන මොකුත් එපා... "
හිමංස කිව්වේ තවමත් හිමංසගේ තුරුලේ ඉන්න අභීගේ හිස සිඹින ගමන්...
නිමි✨️
ප්රාර්ථනා බණ්ඩාර ❤
Good luck for your writing life !
ReplyDeleteIts amazing ❤
ReplyDeleteCongratulations
ReplyDeleteGood one
ReplyDelete