සඳ සාවි ළඟම ඉඳ සිසිල තව ඉල්ලනා....
නුරා ඉල්පුණ සිතින් පෙම තවත් අයැදුණා....
රාගිකම හෝරාව සඳ නමට වෙන් වුණා....
රක්ත සායමෙන් ලවන් අගේටම තෙත් වුණා....
කී කතා නොකී බව ඇස්වලින් තේරුණා...
සුන්දරම සුයාමය යහන් සළු විසිරුණා...
නුදුන් නුයුනින් රාග ගින්දරක් ඇවුලුණා....
කිරිකෝඩු සිනාවට ප්‍රේමයත් මුසුවුණා....
නිවී ගිය පහන් සිළු යළි යළිත් දැල්වුණා...
සුළං කෝඩය වගේ දෙසිත් යළි ඉඟිකළා....
සංසාර පුරුද්දට සිව් දෙනෙත් යාවුණා....
සියක් භව සරන්නට හදවතින් දිවුරුවා....
අනන්තෙට දුර ගනින සඳ සාවි හිනැහුණා....
සදේ මායමින් ගත තව තවත් ලං වුණා...
ඇස් පිල්ලමක් ගානේ රැඳුණු පෙම එක් වුණා....
සදාතන පැතුම හිත් පත්ලේම ලියවුණා.....
පාරෝ ❤

So beautiful
ReplyDeleteඅනේ හරිම ලස්සනයි....සඳ සාවිටම හිමිවේවා...හමුවේවා...අහිමි නොවේවා ❤
ReplyDeleteIt's fire 🔥❤
ReplyDelete