ආදරණීය වෙයි යිං......
එදා වලාකුළු භවන ඉදිරිපිට....
නෙතට නෙතක් යා වුණ විගස....
වෙයි යිං නුඹේ දඟකාරකමට....
මගේ ආත්මය ම වසඟ වූ බව....
කෙසේ නම් මා පවසන්න ද....
නිහඬ නෙතු බැල්මෙන්...
මා පෑව පෙම් හසරැල්ල....
නුඹේ නෙත්කොනින් පිළිගත් බව....
දනිමි නුඹේ එක කෝඩු සිනාවකින් මම....
නිමක් නැති කටකාර බස් ළඟ...
මගේ දෙසවන අවිවේකී වෙන විට....
සිපගන්න සිතුණු වාර අපමණය ......
නුඹේ ළවන් තුරුළු කරගෙන....
ගුචින් නාදය හා මුසුව...
චංචිං නදත් රැව්දෙන විට....
ආත්මය මුසපත් කළ....
පෙම්කව දැනෙනවා නේද...
කිසිවෙකුට තහනම් වූ...
ගුසූ හිස් පළදනාව...
නුඹ ට කැප වූයේ
නුඹ නිසාමයි මා පැතුව...
සදාකාලික ආත්මීය සහකරු....
පතන හැම භවයක ම...
කිසිවෙක් නුඹ විශ්වාස නොකළ තැන...
නුඹ කදුලු වලට මගේ ළය ගිනිගත් බවත්...
මා දෑස් වසාගෙන ම නුඹ වෙනුවෙන් බවත්...
කියන්න ට ඇවැසි වූ නමුත් ......
කෙසේ මා දරම්ද නුඹට මා අසිපත එසවූ වඟ....
වෙයි යිං දහස්වාරයක් සමාවෙන්න මට....
කෙළිකවට කම්වලින් මිදී....
එදා නුඹ මා දමා ගිය දින...
යළිත් නුඹ එනතුරු...
බලාසිටියෙමි දෑස නොපියම මම....
විදිමින් නේක දුක්ගැහැට....
මගේ හුස්ම නුඹ ම වූ නිසා ම...
අප නම ට වෙන්කළ...
ගී හඬ යළිදු වැකෙන විට සවනත....
සත්තමයි වැටුණා කදුලු කැට...
මගේ පෙම්වත නුඹ නමට....
කෙසේ කෙලෙසක අප...
කොහේ වෙන් වී ගියද....
සදාකාලික පෙම...
නුඹයි මගේ මුළු සසරෙම....
මං සදාදරණීය
ලාන්ෂාන්
හරිම ලස්සනයි....මොකක් කියන්නද කියලා හිතාගන්න බෑ...Mo Du Zu Shi කියෙව්වට පස්සේ ඒ ගැන විස්තර තියෙනවාද කියලා හොය හොය බලනවා..අසුර ධ්යානවේදයේ නිර්මාතෲ..අනේ ඒ වගේ අසම්මත ආදරයක් ගැන මෙහෙම ලියන්න...ඔයාට හොද හයිය හිතක් තියෙනවා....එක එක කතා අහන්න වෙයි..ඒත් ලියන එක නවත්තන්න එපා...ආදරේට සීමා නෑ වගේම කවියෙක්ට ඕනෙම සීමවක් බිඳින්න පුළුවන්..ඔයා ඒක කරා...great job...congratulations ❤
ReplyDeleteGood luck for your great future
ReplyDeleteඒක හරිම ලස්සනයි...හැම මතකයක්ම කැටි කරලා....Untamed අස්සේ හිරවෙලා වගේ....මාරම ලස්සනයි.....
ReplyDeleteලාන්ෂාන්ගේ නිහඬ බව ඇතුලේ තියෙන හැම හැඟීමක්ම අකුරු කරලා ඒ විදිහට ම...Great dr...
ReplyDeleteමාරම ලස්සනයි.🥺❤
ReplyDeleteමාරම ලස්සනයි
ReplyDeleteලාන්ෂාන්ගේ ආදරේ ඒ කතාව බලනවා වගේ ඒ විදිහට ම හිතට් දැනෙන්න ලියලා....හරි ලස්සනයි.....ආයේ කතාව බලන්න හිතෙනවා ඒක කියෙව්වම...Great job darling ❤❤
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDeleteගුචිං...චංචිං....ගුසූ හෙඩ් බෑන්ඩ් එක...අනේ ඒවා හරිම ලස්සන මතක....වචන ලස්සනට ගලපලා....ලාන්ෂාන්ගේ ආඩමආඩම්බරකාර ආදරේ...ඒ විදියටම තියෙනවා...great one sithu...❤
ReplyDelete