සිත්තම් සෙවීම

Tuesday, February 1, 2022

නම් නොකළ (සම්මතයෙන් ඔබ්බට 01)


 


  ආදරණීය  ලාන්ෂාන්.....   


නොදනිමි මා සිත නුඹ නමට වෙන් වූ දින...

නොසිතූ විලස මුනගැසුනේ ඔබව මට..

හදවත සිනාවෙන් පුරවයි හැමදාම ....

නුඹේ සංවරකම අභියස....

මගේ සදාකාලික පැතුම...

ලාන්ෂාන් නුඹමයි සඳහට ම....

මෙතුවක් කල් ලැබුනු  ජීවිතයේ ගැරහුම්..

තනියම විදදරා ගන්න.....

හිතට විඩාවක් දැනුණාම.....

 රහසින් උරහිසට බර වී හඬන්නට...

යීලිං කුලදෙටුවා සේ මට....

තැන තැන කරපු අපහස දරන්නට...

නුඹම විය මා හිත ළඟ...

මට සිටි යෝධ  ශක්තිය....

පෙරමෙන් ගැටලු මතුවන දිනක..

අවැසිය ඔබට පවසා හිත සන්සුන් කරගන්න..

නුඹේ පෙම් හසරැල්ලේ ගිලී කිමිදී යන්න...

කෝඩුකාර ප්‍රේමය ට නුඹ ටිකක් අවුසන්නට....

ජින්ශ්‍ය නිහඬ කුටියේ නිහඬ ව නුඹ සිපගන්න...

නුඹේ සංවර ලීලාව දෑස විනිවිද නරඹන්න....

කොතෙකුත් ප්‍රශ්න ආවත් මට....

දුටුවිට නුඹ වුවන සත්තකින් ......

 මගේ දුක කොහෙදැයි සොයමි මම.. 

ලාන්ෂාන් නුඹයි මගේ මුළු ජීවය....

සුසුමෙන් සුසුම යා වුණ....

සමුගෙන ගියත් ජීවිතෙන්...

යළිත් අවදිව එමි මම...

නුඹේ වූ නිසාවෙන් වෙයි යිං වූ මම...

හද ඇති රැයක මහවැස්සෙ තුරුළු වෙන්නට...

විහගුන් කෑගසන වනයක සරන්නට...

 දල්වා ඇති එලි අතුරින් ඇවිදින්න ..

අවැසිය කරන්නට ඔබ හා බොහෝ දේ..

අවැසිය ඔබත් සමගම මෙහි කෙලවර දකින්නට..

දල්වා ඇති එලි අතුරින් අත් අල්ලා..

සිපගෙන ළවන් ප්‍රේමයෙන් මුසපත් වෙලා...

දෛවය ඔබට ස්තූතියි සැබැවින්ම ......

ලබා දුන්නට  ඔබ මට...

දැන් ඉතින් නුඹ මගේ සදහටම ......

සසර  සරණා තුරාවට.....


සදාදරණීය වෙයි යිං....


8 comments:

  1. ඒ ආදරේ.....ආදරේ කරන්න කොහෙද ලිංග භේදයක්...ලංකාව වගේ රටක...ඒ වගේ දෙයක් ගැන possitive හිතන්න ගොඩක් open minded කෙනෙක් ඔයා...the untamed ඇත්තටම ලස්සන කතාවක්...සංසාර ආදරයක් හම්බෙන්න වගේම රැකගන්නත් පින් කරන්න ඕනී...ලස්සන වචන ටිකකට ඒ ආදරේ ගැලපුවාට ස්තූතියි ❤

    ReplyDelete
  2. Ammo...කියන්න වචන නෑ...වෙයි යිංගේ වේදනාව...දඟකාරකම...ලාන්ෂාන් ට තියෙන ආදරේ ...ඒ සේරම මේ වචන ටික ඇතුලෙර්...exalnt dr

    ReplyDelete
  3. මම කියවපු...untamed එහෙම පිටින් ම ගැබ් වුණ ලස්සන කවි ලියන කිවිඳියක් ඔයා....good job..cocongratulations

    ReplyDelete
  4. කියන්න වචන නෑ මාරම ලස්සනයි 🥺❤

    ReplyDelete
  5. වෙයි යිංගේ හැඟීම්....ඒවා ඒ විදිහටම අකුරු කරලා..ඒ ටැලන්ට් එක නම් සුපිරි...ආය කතාව බලන්න ඇබ්බැහි කරවනවා ඒ වචන...Great job darling ❤��

    ReplyDelete
  6. යීලිං කුලදෙටුවා වුණාත්...වෙන ඇඟක් අරගෙන ආවත්...ඒ ආත්මෙ අයිති ලාන්ෂාන්ට විතරයි...ඒක සංසාරගත බැඳීමක්...great job...

    ReplyDelete

Thankyou ❤ Magical words සමඟ එක්ව වටිනා අදහස් ලබා දීම පිළිබඳ ස්තූතියි ❤

පාරෝ❤🌼

සිරි ලංකන් වර්සන් විවාහේ...

  විවාහයක මුලික අරමුන මොකක්ද ඇහුවොත් ගොඩක් අය නම් කියන්නෙ වර්ගයා බෝ කිරීම කියලා, ඒ කියන්නෙ ලැජ්ජාවට. දකුනු ආසියානු කලාපයේ නම් විවාහයේ මූලික...