හීනියට පිනි වැටෙන මැදියම...
හීනයට ආ මගෙ සුපෙම්වත...
කාලයට ඉඩ දී කිමද ඔය...
ආලය ට තිත තබන අන්දම....
යන්න පෙර මට කියා දෙනවද....
දළදාවේ හේවිසි හඬත් එක්ක ම....
වැව රවුමේ පාලුවත් මැකුණා ම...
රොබරෝසියන් මල් එකින් එක...
කිටි කිටියේ ගුලිවෙලා එකතැන
නොකී පෙම ගෙත්තම් කළා දැක්කද .....
හන්තාන මුදු සිහිල් පවනින්...
එති එතී එන ප්‍රේම ගීතය...
මල්පාරේ බංකුවක ඉඳගෙන...
හෙමි හෙමින් පෙම් තනුව වැයු බව
කොහේ හෝ සිට නුඹත් ඇසුවද...
ඈත හිනැහෙන සිසිල් තරිඳුත්...
නොකී රහසක් දිග හරින විට...
අපෙ ම වූ අවිහිංසක ම පෙමකව...
වැහිළිහිණියෙක් සත්තකින් ගැයුවා
හීනියට ඔය සවණේ වැකුණද.....
හිමි හෙමින් මා ඔබ වෙත ම එන...
ස්වප්න මිරිගුව වෙත ම ඇදුණාම....
කාලයේ තාලය ට නොවැටී...
ඉරණමත් කණපිටට හරවා....
ඩිංගකටවත් ඇවිත් යනවද..
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
❤️❤️
ReplyDelete❤❤
DeleteGood luck for your great future. It is very interesting.
ReplyDelete❤❤
DeleteGreat work Sithu❤️🔥
ReplyDelete❤❤
DeleteGreat work Sithu❤️🔥
ReplyDelete❤❤
DeleteBeautiful ❤
ReplyDelete❤
Delete😍😍😍
ReplyDelete🥺❤
ReplyDelete🥺❤
ReplyDelete��❤
ReplyDelete❤
ReplyDelete❤❤❤
ReplyDelete