ජනකවි ආභාසයෙන් සිංහල ගීතය පෝෂණය වූ අපූරුව...
ගීතයක ස්වරූපය පිළිබඳ විමසා බැලීමේදී ගී පද රචකයාගේ ප්‍රතිභාව,පද සංයෝජනය,ආකෘතිය, පරිකල්පන ශක්තිය ආදී සියල්ලක් ම එක සේ බලපානු ලබයි. ගී පද රචකයෝ බොහෝ විට සිය පද යෝජනයේ දී අනෙකුත් සාහිත්‍යවල පිහිට පැතුවේ නැත.දේශීය සම්ප්රදාය ඉස්මතු වන ලෙස ගීත රචනා කර දේශීයත්වය නව මානයකට ගෙන යාමට උත්සාහ කළ අපූර්ව ගී පද රචකයෝ අතීතයේ මෙන් ම වර්තමානයේ ද වේ .
ජනකවි යනුවෙන් හඳුන්වන්නේ අපේ අතීත අනන්‍යතාවය බව අමුතුවෙන් කිව යුතු නැත.ජනකවිය ට අනන්‍ය වූ භාෂා රටාවක් ඇත.පොදු ජන වහර ට නෑකම් කියන භාෂා රටාවකින් සකස් ව ඇති ජන කවිය තුළ ස්වාධීන ප්‍රකාශන ශක්තියක් ඇත .සරල සුගම නම් නම්‍යශීලී බවක් ඇත.එය ජන කවියෙහි සුවිශේෂීත්වය යි. එදිනෙදා ස්වකීය වෘත්තිය තුළ වූ පාළුව,තනිකම,විඩාව, කාන්සිය දුරුකර ගැනීමට එදා ගැමියන් තමාට රිසි ලෙස නිර්මාණය කරගත් සතර පද කවි කලාව ජන කවිය ලෙස හැඳින්විය හැක.මේ ජනකවි කලාව කට වහරින් පෝෂණය වූවා විනා ලේඛනගත වීමක් දක්නට නැත. සෑම ජන කවියක ම කර්තෘ අඥාත ය .මේ ජන කවියේ සන්දර්භය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වන කරුණ නම් ගැමි ජනතාව බොහෝ විට ස්වකීය වෘත්තීය ජීවිතය පාදක කොට ගෙන ජන කවි රචනා කර ඇති බවයි.පැල් කවි,පතල් කවි,සංවාද කවි, බඹර කවි, උපහාස කවි, සී පද, ගොයම් කවි, නෙළුම් කවි මෙන්ම ප්‍රේමය, විරහව ආදිය ගැන ද ජන කවි නිර්මාණය විය .
ජන සංගීත නිර්මාණයේදී ජනකවියට සුවිශේෂී වූ භාෂා රටාව පිළිබඳ අවබෝධයක් ලබාගෙන නිර්මාණය කරන යෙදිය යුතුය.එසේ නොවන්නේ නම් සාම්ප්‍රදායිකත්වය ට හානි මතු වන බැවිනි.සිංහල ගීතය පිළිබඳ විමසා බලන කළ ජන ගිය අතිශය සුවිශේෂී ය. කොළඹ යුගයේ සාර්ථක කවීන් බොහෝ දෙනෙක් මේ ජන ගී ආරයෙන් ගීත රචනා කළහ.ඒ අතර පී.බී.අල්විස් පෙරේරා ,මඩවල එස්. රත්නායක, ගුණදාස අමරසේකර,චන්ද්‍රරත්න මානවසිංහ ආදීන් වූහ.මේ ජන සාහිත්‍ය ඇසුර ලබමින් ගේය කාව්‍ය රචනයෙහි යෙදුණු මෑතකාලීන ශිල්පීන් ලෙස ධර්මසිරි ගමගේ, සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ, රෝහණ බැද්දගේ ආදී ගී පද රචකයන් දැක්විය හැකිය.
ධ්වනි පූර්ණ ජන කවි බස යොදා ගෙන සිය හැඟීම් ආභාෂයෙන් ගී රචනා කිරීමට මෙකී කවීහු මහත් සමත්කම් පෑහ.
මේ ජන කවිය තුළ වෙන කරත්ත කවි, නෙළුම් කවි පාරු කවි, ආදී කවිවලින් මඳක් බැහැර ට ගොස් අපූර්ව තේමාවක් ගැන විස්තරයක් සපයන්නට මම වෑයම් කරමි .සම්භාව්‍ය කාව්‍ය තුළ මෙන්ම ජන ක ම ජන කවිය තුළ ද විකාර රූපී කවි වේ .හිතුමනාපයට හිතන දේවල් කවියට පදින්නන් අතීත ගැමියා අතර වූහ.ඔවුන් එයට මහත් දස්කම් දැක්වූහ.මේ එවැනි කවියකි.
හාවෙක් මම දුටිමි සයුරේ පීනනවා
ඌරෙක් මම දුටිමි අතු අග දළු කනවා
ගෝනෙක් මම දුටිමි වත්තක අල කනවා
හීනෙන් මම දුටිමි පිරිමින් කිලි වෙනවා
අභව්‍ය සිදුවීම් එසේත් නැත්නම් සිදු නොවන දේවල් සිදුවන ලෙස දැක්වීම මෙහි දී සිදු වී ඇත .මෙලෙස දැක්වීම හේතුකොටගෙන "විකාර රූපී කවියක් "ලෙස මෙය දැක්විය හැකිය.මෙලෙස කවි නිර්මාණය කිරීම තුළින් හුදෙක් අපේක්ෂා කළේ රසයම පමණි.හාවුන් සාගරයේ පිහිනීම, ඌරෙක් අතු අග දළු කෑම, ගොනෙක් වත්තක අල කෑම, පිරිමින් කිලි වීම මේ කාරණා එකාතකින් හාස්‍යයකි."පිරිමියෙක් කවද්ද කිලි වෙන්නේ ?"අහන තැනට කවිය පත් වන්නේ ඒ නිසාය.නමුත් හුදෙක් හාස්‍ය ම අපේක්ෂා කර විකාර රූපී වුවද සංකල්පය අවබෝධ වන ලෙසට රසයේ උච්චතම අවස්ථාවට රස විඳින්නා ලඟා කරවීමට මෙකී කවි සමත්කම් පා ඇත.
ආදී ජන කවියේ වූ මේ විකාර රූපී බව ජන කවියෙන් ගේය පද රචනයට ආභාෂය ලබා ගත් ගී පද රචකයන් ද හරි අපූරුවට යොදාගෙන ඇත.ඉහත කවි සංකල්පනා ව ම තේමා කොට ගනිමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචිත "සකුරා මල් පිපිලා" ගීතය ද පරිකල්පනය අර්ථයෙන් ම රසය ජනිත කරවන සාර්ථක නිර්මාණයකි.
සකුරා මල් පිපිලා හරි පුදුමයි
ගේ දොරකඩ නිල් වන පියසේ
නිදිමත නැති වී හිරු පායා ඇත
උමතු ලෙසින් මහා රෑ යාමේ
මින් රැළ වෙරළේ සක්මන් කළ සඳ
පා සටහන් ඇත වැලි තලයේ
නාග පිඹුරු මුදු සිංහ වලස් රැළ
ඉගිලෙති නටමින් උඩු ගුවනේ
යන එන සෙල්ලම් රිය පෙළ අතරේ
පාසල් යන විට බෝනික්කෝ
අකුරු උගන්වති කූඹි සිසුන් හට
වයසක ගුරුවර කූනිත්තෝ
සුදම් සභාවේ අරගලයක් වී
අහසින් කොටසක් කඩා වැටී
වියපත් සඳ වත ගෙදර නැති වී
හැරමිටි සරණිත් බලා සිඳී
ගේය පද- මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය විශාරද නන්දා මාලිනී
ගායනය- විශාරද නන්දා මාලිනි
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද නිර්මාණයකට විශාරද නන්දා මාලිනිය ගේ සංගීතයෙන් හා ගායනයෙන් හැඩ වන මෙම ගීතය තුළ තුල සිදුවන කිසි දෙයක් අප සමාජය සිදු නොවන දේවල් ය.අපේ රට ලංකාවයි.ලංකාව තුළ මිදුලේ සකුරා මල් පිපෙන පිපෙන්නට හේතුවක් නැත. සකුරා මල් පිපෙන ජපානයේ ය.හඳ වෙනුවට ගීතයේ මහරෑයාමේ පායන්නෙ ඉරයි නමුත් එයත් සාමාන්‍ය ලෝකයට වඩා වෙනස් ය.මාළුන්ට ඇවිදින්නට පාද නැත.පොළොඟුන් ට ඉගිළෙන්නට තටු නැත .සිංහයෝ වලස්සු ඉගිළෙමින් නටන්නෙ උඩු ගුවනේ ය. එය ද සිදු වන්නට බැරි දෙයකි.මේ ආකාරයට හරි අපූරුවට පද ගැලපීම තුළ රසයක් ජනනය කොට ඇත.බෝනික්කන් පාසල් යාම, කූඹි සිසුන්ට වයසක කූනිත්තෝ අකුරු ඉගැන්වීම,අහසින් කොටසක් කඩා ගෙන වැටීම, හඳේ ගෙදර නැති වෙලා හැරමිටිය ක වාරුවෙන් බලා සිටීම එක් ආකාරයකට අපූර්ව ලෙස සංකල්ප රූප නා ජනනය කරමින් රචනා කර ඇති අයුරු විශිෂ්ටය.මෙකී සංකල්ප සියල්ල ඉහත කී ජන කාව්‍යයන්ගෙන් නිර්මාණ කරුවා ලත් අත්දැකීම් බව ඉඳුරා ම පැහැදිලිය .ගීතයේ නව මාන සොයා ගෙන නව ඉසව් වලට සම්ප්‍රාප්ත වන සුනිල් ආරියරත්නයන් ජන කවියේ ආභාසය ගෙන රචිත රසවත් ම නිර්මාණයක් ලෙස මෙම" සකුරා මල් පිපිලා" ගීතය දැක්විය හැකිය .හුදෙක් අර්ථ රසයට වඩා ශබ්ද රසය ගීතයකින් අපේක්ෂා කරන්නේ යන කරුණ ද, එදිනෙදා කාන්සිය, අවිවේකී ජීවිතයට විවේකී බවක් අපේක්ෂා කිරීම යන කරුණු ද මෙවැනි ගී පද තුළින් සඵල වන බව නොකිවමනාය
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
❤❤
ReplyDelete❤❤
DeleteGreat one ❤
ReplyDelete❤❤
Deleteහොද අදහසක්....ස්තූතියි තොරතුරු ලබා දීම ගැන
ReplyDeleteස්තූතියි ඔබ වහන්සේට
DeleteGood luck nangi. Plz continue your talent very affectionately very well.
ReplyDelete❤❤
Delete❤❤
ReplyDeleteGood job Dinu..keep it up❤
ReplyDeleteGood job Dinu..keep it up❤
ReplyDeleteGood job Dinu..keep it up❤
ReplyDeleteNice informations❤.Good luck for your future 💫
ReplyDelete