සිත්තම් සෙවීම

Thursday, January 13, 2022

 මිලින පරඬැල් විසිරුවාලන

සිහින් සිසිලස් පවන් සර මැඳ

අහේතුක සිහිනයක් මැද්දේ

හීනියට සිත පුරා විසිරුණු 

රක්ත පැහැ නුබ ගැබක රටාව

මැවෙන සවසක නුඹව සිහිවුණි 

හිතම සනසන මගේ සුපෙම්වත....


කෝල ආලවන්තකමක අබියස

වසා දොරගුලු දොඩමළුය හිත 

දෝශ කිමදෝ නොදන්නෙමි මම

හැකිද මුණිවත බිඳ දමන්නට

ප්‍රේම සත්සර ගීය මැද්දෙන්

මට මාද නොදැනෙන නියාව ට

හෙමින් තවර සෙනෙහෙ මල්....


බලාගෙන හිඳ මලානික නෙත

කෙමෙන් වියැකෙන අතීතය දෙස

මියෙන අතීතෙට තිතක් තිබ්බා 

නවමු ලෝකෙට තියා පියමන්

ගෙත්තමින් නව සිත්තමක්

ගින්දරින් දැවී  හදෙහි පිපෙමින්

සෙනෙහෙ මල් යළි නුඹ නමින්....


ඉකිබින්ද සිහිනයම වියැකි

ආල පන්හිඳ හැඩ කරන කළ

පිරුණු බව ඇත  ළය තුරෙහි අද

වචන නොමැතිව, ඒ වුවත්,

රැකවරණ මැද සැනසුමක් හිමි

ගින්දරක් නැති ආලයක්

 දුටුවෙ මා නුඹ දුටු සැණින්....


සිත්තරෙක් නැගි සිතියමක් මෙනි

හදිසියේ නුඹ පැමිණීයේ…...

මතක නුඹ ආ ලෙසින් ඒ දින

තැම්පත් ව ඇත ළය කොනේ…

නොමැකෙනා සිත්තම් කළ මෙන්

 සදාකාලෙට හදකොනේ...

ආයේ ආයේ මගෙම වෙනවද

සින්නකර හදවත ඔබේ........!!!


ප්‍රාර්ථනා බණ්ඩාර  ❤

3 comments:

  1. හොද ආදරවතියක් බව පේනවා ❤��

    ReplyDelete
  2. ඒක මරු ��

    ReplyDelete

Thankyou ❤ Magical words සමඟ එක්ව වටිනා අදහස් ලබා දීම පිළිබඳ ස්තූතියි ❤

පාරෝ❤🌼

සිරි ලංකන් වර්සන් විවාහේ...

  විවාහයක මුලික අරමුන මොකක්ද ඇහුවොත් ගොඩක් අය නම් කියන්නෙ වර්ගයා බෝ කිරීම කියලා, ඒ කියන්නෙ ලැජ්ජාවට. දකුනු ආසියානු කලාපයේ නම් විවාහයේ මූලික...