මිලින පරඬැල් විසිරුවාලන
සිහින් සිසිලස් පවන් සර මැඳ
අහේතුක සිහිනයක් මැද්දේ
හීනියට සිත පුරා විසිරුණු
රක්ත පැහැ නුබ ගැබක රටාව
මැවෙන සවසක නුඹව සිහිවුණි
හිතම සනසන මගේ සුපෙම්වත....
කෝල ආලවන්තකමක අබියස
වසා දොරගුලු දොඩමළුය හිත
දෝශ කිමදෝ නොදන්නෙමි මම
හැකිද මුණිවත බිඳ දමන්නට
ප්‍රේම සත්සර ගීය මැද්දෙන්
මට මාද නොදැනෙන නියාව ට
හෙමින් තවර සෙනෙහෙ මල්....
බලාගෙන හිඳ මලානික නෙත
කෙමෙන් වියැකෙන අතීතය දෙස
මියෙන අතීතෙට තිතක් තිබ්බා
නවමු ලෝකෙට තියා පියමන්
ගෙත්තමින් නව සිත්තමක්
ගින්දරින් දැවී හදෙහි පිපෙමින්
සෙනෙහෙ මල් යළි නුඹ නමින්....
ඉකිබින්ද සිහිනයම වියැකි
ආල පන්හිඳ හැඩ කරන කළ
පිරුණු බව ඇත ළය තුරෙහි අද
වචන නොමැතිව, ඒ වුවත්,
රැකවරණ මැද සැනසුමක් හිමි
ගින්දරක් නැති ආලයක්
දුටුවෙ මා නුඹ දුටු සැණින්....
සිත්තරෙක් නැගි සිතියමක් මෙනි
හදිසියේ නුඹ පැමිණීයේ…...
මතක නුඹ ආ ලෙසින් ඒ දින
තැම්පත් ව ඇත ළය කොනේ…
නොමැකෙනා සිත්තම් කළ මෙන්
සදාකාලෙට හදකොනේ...
ආයේ ආයේ මගෙම වෙනවද
සින්නකර හදවත ඔබේ........!!!
ප්‍රාර්ථනා බණ්ඩාර ❤
Excellent one❤
ReplyDeleteහොද ආදරවතියක් බව පේනවා ❤��
ReplyDeleteඒක මරු ��
ReplyDelete