හිතට ආසයි......
සුවඳ විහිදෙන පිච්ච මල් වල
සුවඳ දිවියට තවර ගන්නට...
සිනිඳු සළුපට දුහුල මගහැර
මිහිදුමෙන් නෙත් වසාගන්නට...
කප්පරක් පෙම හිමි සිතක් ළඟ....
ලැගුම් හල වී නතර වන්නට...
ලමැද හූරන විරහා ගිනි පිස
ආදරේ අම ඔසු පොවන්නට....
දෝරේ ගලනා සිනා මැද්දේ...
වරක් දෙවරක් නපුරු වන්නට....
වේදනා මැද හඬක් නොනගා
සතුට දුක සැම බෙදා ගන්නට...
සෙනෙහසින් සින්නක්කරව ලියැවෙන
ක්ෂිතිජ ඉම ළඟ හති අරින්නට......
සදාකාලෙන් සදාකාලෙට....
එක හිතක් මත්තෙම මැරෙන්නට....
ප්රාර්ථනා බණ්ඩාර ❤
❤💜️
ReplyDelete❤🌼
Delete💗💗
ReplyDelete❤🌼
DeleteIt's Marvellous sithu 😍
ReplyDelete🌼❤
Delete