තම පුරුදු පරිදි මේ උදෑසනත් අසංක හනි හනිකට අවදි වූයේ ඉක්මනින් දවසේ රාජකාරි ආරම්භ කිරීමට ඇති නිසා ය.
වෙනදා සේම ඔහු අවදිවන විටත් ඔහුගේ බිරිඳ වූයේ සැප නින්දක ය.
දැන් අවුරුදු දෙකක් තිස්සේ එය එසේ ය…
පවුලේ කීම නොසලකා ආදරේ නාමෙන් විවාහ කරගත් ඈ සුලෝචනා නම් විය…
ඇය පෙන්වූ අප්‍රමාණ ආදරේට නතු වූ අසංක අද නම් සිතනුයේ තමා කළ ලොකුම මෝඩකම මෙය බවයි…
ඈ හා ආ මුල් දිනයේ පටන්ම කිසිවක් ඉවීමටවත් නොදත් ඈ කළේ සැප පහසුවට සිටීම පමණි...කොපමණ කීවත් ඈ තේරුම් ගත්තේ නැත….
“සුලෝ…. කී පාරක් කියනවද ඔයාට ඔහොම කකා බිබී ස්ටයිල් කර කර නොයිද මේ ගෙදර දොරේ වැඩ ටිකක් ඉගෙනගන්න කියලා…”
“අනේ නිකන් ඉන්න අසංක...ඔයා මාව එක්කන් ආවනම් ඔයාම ඒවා කරගන්න….ගෙදරදී මගේ රෙදි ටික හේදුවෙත් සර්වන්ට්ලා...නිදාගත්ත ඇදවත් මම අස් කරේ නෑ….”
මේ දැනට වසරකට පෙර ඈට කී දෙයකට අසංකට ලැබුණ ප්‍රති පිළිතුරුය…
එදා පටන් කියා පළක් නොමැති නිසා අසංක කරබාගෙන සියල්ල ඉටු කළේ ඇය වැනි මාලිගාවක ජීවත් වූ අයෙකුට පෙම් කළ තමා ගැන ම අනේක වාරයක් දුක් විදිමිනි….
නමින් ඔහු අසංක සේනාධීර….කලකට පෙර මුළු නුවර සාමාන්‍ය පවුලක දරුවෙකු වූ ඔහු සිය පවුලේ තුන්වැනියා ය...අයියා සහ මල්ලී සමග අම්මාත් අප්පච්චීගේත් සෙනෙහස විදිමින් ජීවත් වීය…හේනත් සමග කරට කර මට්ටු වූ අප්පච්චීගේත් අම්මාගෙත් එක ම සිහිනය වූයේ සහෝදරයන් තිදෙනා ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා හොද රැකියාවක් කරනු දැකීමය...අයියාට ඒ ආශාව ඉටු කරන්නට නොහැකි වුවත් අද ඔහු රටක් හදුනන ව්‍යවසායකයෙකි…රට පුරා එකසේ ලාභ ලබන “සෙනාෂා ෆැෂන්ස් “ ඔහුගේ ය….
මවගේත් පියාගේත් හීන සපුරමින් මුලින්ම විශ්ව විද්‍යාල වරම් ලද අසංක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳව විශේෂ උපාධියක් ලැබුවේ ය…
ඔහුට සුලෝචනා හමු වූයේ ඒ කාලයේදීය…
මුළු නුවරම හෙල්ලූ ප්‍රභල වලව්වක් වූ අලුත්ගම වලව්වේ එක ම දරුවා ඈ විය…
අසංකට වඩා වසරක් වැඩිමහල් වුවත් ඈ අසංක හා සමගම උපාධිය හදෑරීය…
ඕනෙම කෙල්ලෙක්ට දෙපාරක් හැරිලා බලන්න තරම් කඩවසම් වුණ අසංකට ඈ ප්‍රේම කරන්නේ දුටු දා පටන්මය.
අවුරුදු එකහාමාරක් පමණ අසංකගේ පස්සෙන් ගොස් කෙසේ හෝ ඈ ඔහු තම පෙම්වතා කරගන්නා ලදී…
“උඹට පිස්සුද බං...ඒකිගේ අප්පච්චී උඹව හමගහලා මරයි...උඹ හීනයක් පස්සේ දුවන්නේ බං …..”
සුදීර අසංකගේ මිතුරා කරට අත දමාගෙන කීවේ ඒ සම්බන්ධය ගැන දැනගත් දාමය.
“නෑ බං ...එහෙම වෙන එකක් නෑ සුලෝ කැමති කරගනී...ඒකි ආදරෙයි බං….”
එදා අසංක කීවේ එසේ ය…
“පිස්සුද පුතා අපිට පෑහෙන තැනකින් කටයුත්තක් කරගන්න...ඔය ඉහළ අතුවල පය ගහන්න ගිහින් වෙන්නේ නැහෙන්න…”
සුලෝචනා ගැන ගෙදර ප්‍රතිචාර එසේ විය….
“අම්මා...එයා එහෙම නෑ...ගෙදර කැමති කරගනී…
අසංක තම සිතම රවටා ගනිමින් සිය මවට කීය…”
“පුතා ආය කියන්නේ නෑ….ඔය සම්බන්ධකම තියෙනවා නම් මේ ගෙදර පස් පාගන්න එපා…”
ඒ අප්පච්චීගේ අවසන් තීරණයයි…
“සුලෝ...මේ අෆෙයා එකට ගෙදර අය කැමති නෑ...ඔයාලාගෙත් එහෙම නේද…හොඳම දේ මේක නවත්තන එක…”
“නෑ… ඔයාට එහෙම කරන්න බෑ අසංක...ඔයා නැතිව මම ඉන්නෙ නෑ….මට බෑ එහෙම…”
සුලෝචනා වැලහින්නක සේ ඇඩීය.
දැඩි සිතක් ඇති ඕ එසේ කරතැයි අසංක බිය වීය…
අවසානයේ ඔහු තීරණයක් ගත්තේ එබැවිනි…
“සුලෝ මං එක්ක යන්න එනවද..අපේ ගෙවල් වලින් කැමති වෙන්නේ නෑ අපිට...මේ හැමදේම දාලා යන් එහෙනම්...මම පුළුවන් විදිහට ඔයා බලාගන්නම්….”
“හා මම එනවා….”
ඉතින් අසංක සුලෝචනා හා ආවේ සිය පවුලේ අයගේ විශ්වාසය බිදිමින්…
එසේ ඇවිත් දැනට අවුරුදු එකහමාරක් පමණ ය…
ඒ ආදා පටන් දුක් වින්දේ අසංකය…
නාහෙට නාහන සුන්දර බිරිඳක් හිමි ඔහු තමා කළ මෝඩකමට තවමත් සිතින් විදවන්නේ ය….
සියල්ල විද ගත්තේ ඈ තමාට බොහෝ පෙම් කළ නිසා ය…
ඉතින් හැම උදේක ම හා පැටියකු සේ ගුලි ව නිදන සුලෝචනා දකින විට ඔහුගේ සිතම ඉරිතළා යයි…
එකම එක වරක් අම්මා අප්පච්චී බලන්න ඇත්නම් කියා සිතෙන වාරද අපමණ ය…
යා හැකි නමුත් ඈ රැගෙන යා නොහැක…ඈ දමා යාම ද කළ නොහැක...කොළඹ වැනි කාෂ්ටක නගරක කිසිවක් තනිවම කරගැනීමට ඈට නොහැකි යැයි සිතෙන වාරයක් පාසා ඔහු එම තීරණය අමතක කරලයි…
“සුලෝ….දැන් නැගිටින්න….අද වැඩට යන්නේ නැද්ද….”
ඔහු ඈට කතා කළේ උදෑසන ආහාරය පවා පිළියෙළ කර අවසානයේ ය….
“ මොන මළ වදයක් ද අනේ මේ….නිවාඩු දවසකවත් නිදාගන්න දෙන්නෙ නෑනේ මට….”
සුලෝචනා මැසිවිලි නගමින් අනිත් පසට හැරී නිදා ගත්තී ය…
“අද මොන නිවාඩුද සුලෝ….අද සෙනසුරාදානේ….”
“ඉතින් මට මොකද….මම අද නිවාඩු දාලා ආවේ...කාංචනා එක්ක ෂොපින් යන්න….”
“හ්ම්….ඒකත් එහෙමද….අනේ මන්ද ඔයාගේ වැඩ වලින් ඉක්මනට ජොබ් එක නම් නැති කරගන්නවා…”
“අනේ අසංක...යනවනම් වද නොදී යනවද…මට නිදාගන්න දීලා…”
සුලෝචනා එසේ කියා රෙද්ද ඔලුවේ සිට පොරවා ගත්තීය..
අසංක කොළඹ විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ අතර සුලෝචනා හොටෙල් සදලිය හී කළමනාකරණ සහකාරිය ලෙස කටයුතු කළා ය…
ඈ වැඩ කළ යුතු කාලයෙන් භාගෙකට වඩා කළේ නිවාඩු දැමීම හෝ වැඩ කරන කාලයේදී මිතුරිය හා එක්ව කාලය කා දැමීම ය…
“ ඕනි එකක් කරන්න එහෙනම් මම යනවා...ඔයා හැමදාම ඔහොමයිනෙ….”
අසංක එසේ කියා නිදන කාමරයෙන් පිටවීය…
වෙනදට නම් නිවසේ රාජකාරි කිරීමට යසෝ නම් කාන්තාවක වීය….
ඊයේ ඈට අසනීප ගතියක් පෙන් වූ නිසා කෙටි නිවාඩුවක්
ලබා දුන්නේ අසංකමය…..
ඈ නොමැති නිසා අසංක කඩිමුඩියේ මුළු නිවසම අතුගා අස් කර දැම්මේ නැතිනම් දවසම නිවස මෙසේ තිබේ යැයි දන්නා නිසා ය….
දවසේ කටයුතු නිම කර අසංක නිවසට එන විටත් සුලෝචනා පැමිණ සිටියේ නැත….
ඈ නිවසට එන විට පස්වරු හයත් පසු වීය…
“ඇයි සුලෝ ඔයා ඔහොම කරන්නේ….හැමදාම උදේ ඉදන් මේ ගෙදර වෙනුවෙන් මැරෙන්න ඕනි ද මම...මට ආදරෙයි කියලා නේද ඔයා මම අෆෙයා එන නවත්තමු කියද්දීත් මාත් එක්ක ආවේ….එක දැන්වත් මේ වැඩ ඉගෙනගන්නවත් බැරිද….යසෝ ආවේ නැත්තම් මම ම මැරෙන්න ඕනි සේරටම….”
අසංක කියාගෙන ගියේ සිතේ ආවේගය නිසා ය…
“මොකක්ද අසංක...මට එපා වෙලා තියෙන්නේ උදේ ඉදන් කෑ ගහනවා..මම ආස නෑ එහෙම ….”
“එපා වෙලා…”
එය කියා සමච්චලයට අසංක හිනාවීය….
“එපා වෙලා තියෙන්නේ මට….යන්න හිතෙන්නේ මට මේ දේවල් දාලා…මැරි කරලා අවුරුදු දෙකක් වෙන්න යනවා….මාත් ආසයි මගේ ගෑනි අතින් කෑම ටිකක් කන්න….මගේම දරුවෙක්ගේ හුරතල් බලන්න….”
“අනේ පව්….”
සුලෝචනා ගස්සගෙන කාමරයට ගියා ය…
ඈ සැමදාම කළේ එසේ ය…
ලොකු සුසුමක් හෙළා අසංක ගියේ රෑ කෑම සෑදීමට ය…
“මම රයිස් ගෙනාවා….”
සුලෝචනා කෑම දෙකක් ගෙන එකක් අසංකට දිගු කළේ පුංචි කෙල්ලෙක් මෙනි….
කොපමණ වැරදි තිබුණද අසංකට ඈ දමා යන්නට බැරි මේ නිසා ය….
“සුලෝ… “
දිනක් සුලෝචනා හා සැදැල්ලේ සිටින විට අසංක ඈ ඇමතුවේ දින ගාණක් තමාගේ උත්සාහයේ ප්‍රතිඵල සාර්ථක වේ යැයි ඔහුට හැගෙන නිසා ය…
ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලය මාරුවක් ලබා ගැනීම ය…
“ම්…”
“මේ සතියේ කියන්න ඔයාලගෙ සර් ට ට්‍රාන්සර් එකක් ඕනි කියලා ගම්පොළ බ්‍රාන්ච් එකට….”
“මොකක්...ඒ මොකද….”
සුලෝචනා ඇසුවේ ඇස් ලොකු කරගෙන ය…
“මට පේරාදෙණියේ ලෙක්චර් ගන්න පුළුවන් වෙයි ඉක්මනට...මේ මාසේ ඇතුළත…”
“මොකටද ඉතින්….එහෙ යන්නෙ ඇයි….”
“මේ කොළඹට වඩා එහෙ හොදයි සුලෝ...අනික අපේ කැම්පස් එකනේ….”
“මට බෑ…..”
“එහෙනම් ඔයා ඉන්න...මම යනවා…”
ඈ කෙසේවත් තනිව නොඉන්නා බව දත් අසංක කීය…
“අනේ එකපාරටම කොහොමද...මගේ යාළුවෝ සේරම මෙහෙ…”
“එකපාරටම නෙවෙයිනේ….කලින් කීවේ ඒකනෙ…”
අසංක එසේ කියා එතනින් ගියේය …
ඔහු මේ තීරණය ගත්තේ හොඳට සිතා බලා ය….ඒ සුලෝචනාව හදා ගැනීමට ය….යහපත් බිරිදක් කර ගැනීමට ය…
එහි මුල් පියවර වූයේ මෙසේ කොළඹ දමා ගොස් ඇගේ සංකර මිතුරියන්ගෙන් ඈ වෙන් කිරීම ය….
අසංක කීවොත් දෙයක් කරන නිසා කෙසේ හෝ එය කළ යුතුයැයි සුලෝචනා සිතා ගත්තී ය…
“වට් නොන්සන්ස්…..ඔයා යනවද ඩාලිං ඇත්තටම….එත්කොට කවුද මං එක්ක පාලර් එකට යන්නේ….මගේ ටැබ්ලට්ස් අරන් දෙන්නේ….”
සුලෝ යන වග කී විට මිතුරියන්ගේ ප්‍රතිචාර එසෙ විය….
තමාගේ මිතුරියන් ගැන අසංක කී දේවල් කෙතරම් ඇත්තදැයි සුලෝචනාට මොහොතකට සිතුණි….
ඉතින් අසංක කී පරිදිම මාරුවක් හදා ගැනීමට ඈට හැකිවිය…
“අසංක….දැන් අපි හෙට යනවමද……”
රැගෙන යා යුතු බඩු සකස් කරන අසංක අසලට ආ සුලෝ විමසී ය…
“ඔව්.. මම යනවා...එනවනම් එන්න ….”
අසංක දැඩිව කීවේ ඇය නැවතත් හිත වෙනස් කරගනීවි යැයි සැක නිසා…..
“ මහත්තයා…”
“කියන්න යසෝ….”
“අනෙ මහත්තයා මාත් එන්නම්….”
“මොකක්ද….”
“එතකොට යසෝ ගෙදර යන්න වෙන්නේ නම් නෑ හැම සති අන්තෙම….”
“කමක් නෑ මහත්තයා…
මගේ දුවලා රට ගියා….
දැන් මට ගෙදර ගියා කියලා කිසිකෙනෙක් නෑ….මම මහත්තයා ලග ඉන්නම්….”
“කමක් නෑ යසෝ එහෙනම් යමු…..
ගම්පොළ පැත්තෙ නෑදෑයන් එහෙම ඉන්නව නේද….”
“අනේ ඔව් මහත්තයා…
ගොඩාක් ඉන්නවා...ඒත් අවුරුදු ගාණකට දැකලා නම් නෑ….”
“කමක් නෑ යන්කෝ….”
“මහත්තයාට පින්…..”
ඈ කවදත් අසංකට ලෙංගතුය….තම පුතෙකු මෙන් ඔහු ගැන සිතුවා ය...ඒ නිසාම කාත් කවුරුත් නැති මේ දීපංකරේ ඉන්නවාට වඩා ඔහු සමගම යාමට සිතා ගත්තී ය….
ඉතින් කතාකරගත් පරිදි ඔවුන් එහි පදිංචිය ගිය හ….
“වාව් අසංක…...මෙහෙ ක්ලයිමේට් එක….මට නුවර මතක්වෙනවා…..”
“ඔව් නුවර වගේ තමා...ලගයිනේ….”
ඉතින් ගම්පොළ අටබාගේ තේ වතු කුඹුරු මැද ඒ අලංකාර නිවස විය….
එහි සෞන්දර්ය නිසාම අසංක ඒ නිවස තෝරාගත්තේය….
එදා විශ්ව විද්‍යාල නිවාඩු දිනයක් වූ නිසා අසංක උන්නේ නිවසේ ය…
සුලෝ වැඩට ගොසිනි…
පුරුදු පරිදි අසංක ගියේ ළිදෙන් නා ගැනීමට ය….
නිස්කලංක වටපිටාව දෙස බලමින් ඔහු ටික වෙලාවක් සිටියේය…
“අනේ මහත්තයා ඩිංගක් එන්න….”
යසෝ සිය වයස ගැනවත් නොසිතා දුවගෙන ආවා ය…
“මොකද යසෝ…”
“අනේ මහත්තයා මගේ දරුවා…”
කාන්තාවක් දුවගෙන ආවේ මහ හඩ නගමිනි…
“මගේ මහත්තයා වැඩට ගිහින් අනේ පුතාට ෆිට් එක හැදිලා…හොස්පිට්ල් එකට යන්න වාහනයක් එනකම් හිටියොත් වෙලා යනවා මගේ ළමයට අමාරුයි…
යමු මම එක්ක යන්නම්….”
අසංකගේ මැදිහත් වීම නිසා වෙලාවට ඒ දරුවා බේරාගැනීමට හැකිවිය..
“අනේ ඒ වගේ හුරතල් ළමයෙක්ට එහෙම ලෙඩ වුණ එක පව්….”
“ඒක තමා මහත්තයා...මහත්තයා ළමයින්ට ආදරෙයි නේද…”
“ඔව් යසෝ….මගේ කියලා ළමයෙක් කවදනම් දකින්න පුළුවන් වෙයිද….”
“ඉතින් මහත්තයා නෝනෙට කියන්න...හිතේ තියන් ඉන්නෙ නැතිව….”
මෑණියන්ට මෙන් අසංක සිය සිතේ වේදනාව එදා සිට කීවේ යසෝටයි...ඉතින් යසෝ හැකි ලෙස ඔවදන් දුන්නා ය….
“කීවට එයාට ගාණක් නෑ….”
අසංක සුසුමක් හෙලා පෝටිකෝවේ පුටුවකට බර විය….
“ඉන්න මම තේ එකක් ගේන්නම්….”
දවස් මාස හෙමින් ගෙවී ගියේ හිතාගන්නවත් බැරි වෙන්න….
“මහත්තයා …”
“කියන්න යසෝ….”
“මහත්තයා දෙවියො විශ්වාස කරනවද….”
“ඇයි යසෝ…”
දිනක් හදිසියේම අසංක වෙන ආ යසෝ එහෙම ඇහුවා
“ඔව්...ගොඩාක් අය විශ්වාස කරන්නේ නෑ...ඒත් මම විශ්වාස කරනවා…”
“මහත්තයා මේ ළග දෙකේ ඇළ දිහා ලොකු නුග ගහක් තියෙනවා...එතනට ගොඩාක් අය යනවලු අයියනායක දෙවියෝ වදින්න….”
“ම්…..බොහොම බලගතු දෙවි කෙනෙක්…
ඉස්සර මම නුවර ඉද්දි අපේ අප්පච්චීලත් හැම කෙම්මුර දවසකම යනවා මහ මූකලානට දෙවියෝ වදින්න….”
“ මහත්තයා ගිහින් බලන්න….
අනේ අපේ නෝනෙගෙ හිත වෙනස් කරන්න පුළුවන් නම්…”
“ඒක නම් මටත් අනන්තවත් හිතෙනවා යසෝ…”
“ මොනාද අසංක ඔච්චර ලොකු කතාව….”
සුලෝචනා එතනට ආවේ එහෙම අහගෙන..
කොළඹ අතෑරලා ආවට පස්සේ සුලෝචනාගේ පැහැදිලි වෙනසක් දක්නට ලැබුණා….වෙනදා වගේ හැම දේටම කටගහගෙන ආවේ නෑඅ වගේම ඉදලා හිටලා පුළුවන් විදිහට ගේ අස් කරන්න,තේ හදන්න වගේ ඒවටත් හුරු වුණා…
“ආ මේ...අයියනායක දෙවියෝ ඉන්න තැනක් ගැන…”
“එහෙමද එහෙනම් යන්නකෝ අසංක..
මම අහලා තියෙනවා ඉල්ලන ඒවා ඉෂ්ට වෙනවා කියලා.”
“සුලෝ…”
“ම්..”
“ඇත්තටමද කීවේ….”
“ඔව් අසංක…”
අනිද්දා කෙම්මුර දවසක්නේ එදාට යන්න…
“ම්…”
ඉතින් අසංකගේ බලාපොරොත්තු ඉටු කරගන්න අසංක හැම කෙම්මුර දවසකම ඒ මහ නුග ගසට පූජා පැවැත්වීමට ගියා….
“අනේ දෙවියනේ මගේ බලාපොරොත්තු ඉටු කරලා දෙන්න….මගේම කියලා ලේ උරුමකරුවෙක් දෙන්න….මගේ නෝනා වෙනස් කර දෙන්න….”
හැමදාම අසංකගේ පැතුම වූයේ එයයි….
සාමකාමී අයෙක් වූ ඔහුගේ මේ හැසිරීම ඔහුගේ ලගම මිතුරෙකු වූ මහේෂ්ටත් ගැටලුවක් වුණා….
“මට හරි පුදුමයි අසංක...අසංක වගෙ කෙනෙක් ඇයි මෙහෙම ගස් වලට වැද වැද ඉන්නේ…”
“අනේ මහේෂ්..උගත් නූගත් කියලා පිලිගත්තත් නැතත් හිතේ බලාපොරොත්තු ඉටු කරගන්න ඕනී දෙයක් කරන්න ඕනි කෙනෙක් පෙළඹෙනවා…”
“ඉතින් මොකක්ද හිතේ තියෙන ප්‍රශ්න...මට කියන්න…”
තමාගේ අරමුණු කියාගත නොහැකි නිසා අසංක බිම බලාගත්තා….
“හරි හරි කියන්න බැරිවුණාට කමක් නෑ...හිතන්නේ මොනාද ඉෂ්ට වෙන්න කියලා විෂ් කරනවා…”
“ තෑන්ක්ස් බං….මං යන්නම් වෙලා ගියා….”
“ඇයි අසංක වෙලා ගියේ…”
“ආ අද එක්ස්ට්‍රා ලෙක්චර් එකක් කරා මම…”
“හ්ම්….වොෂ් එකක් දාගෙන එන්න...මම තෙල් මල් එහෙම ලෑස්ති කරා…”
“ආ හරි…”
ඈ පේවී සියල්ල සූදානම් කරත් ඔහු එසේ අයියනායක දෙවියන්ගෙන් ඉල්ලූ දේවල් දැන සිටියේ නැත…
නමුත් ඈ මෙය කළේ ආසාවෙනි..
“ මම යනවා සුලෝ…”
“හා පරිස්සමින්…”
හැමදාම මෙසේ සිය බිරිද දකින්නට අසංක ආසා කළේය…
අසංක ගිය පසු යසෝත් වත්ත සුද්ධකරමින් සිටි නිසා කොස්සත් ගෙන ගේ අස්කරන්න ගත්තේ කම්මැලිකම නිසාය…
ඈ අසංකගේ රාජකාරි කාමරයට ගියෙ නිකමට මෙනි…
මේසය මත වූ පොත් අස්කරන්නට වූ ඈට අසංකගේ දිනපොත හමුවිය…
“අසංක දින පොතක් ලියනවද….මං දන්නෙ නෑනෙ…”
ඈ කොස්ස පසෙක තබා එය කියවන්නට විය….
පිටුවෙන් පිටුව කියවන ඈට ඈ ගැනම කළකිරීමක් ඇති විය..
අසංකගේ බෝල අකුරුවලින් පිටු පුරා ලියා තිබුණේ එක ම දෙයකි….
ඒ දින දින සුලෝචනාගේ ක්‍රියා කලාපය යි…
ඔහු අයියනායක දෙවියන් යැදීමට හේතුවද පැහැදිලි විය….
“ මේ තරම් මාව ඉවසපු එක පුදුමයි…
අද ඉදන්වත් ඒ හිත රිදවන්නේ නැතිව ඉන්න ඕනි…”
ඈ නෙතු පුරා රූරා ගිය කදුළු වැල් අතරින් ඈටම පොරොන්දු විය…
වෙනදා මෙන් නොව අසංක එන පෙරමග බලා සිටි ඈ ඔහුට තමා අතින්ම යසෝගෙන් අහගෙන හැදූ ආහාර බෙදා දුන්නා ය…
“අද ඔන්න මහත්තයා මම නම් නෙවේ ඉව්වේ….”
“එහෙනම්…”
“අපේ නෝනේ…”
“ඇත්තමද සුලෝ…”
“හ්ම්…”
අසංක උන්නෙ ඇත්තටම සතුටිනි….
සිය බිරිඳගේ මේ වෙනස ඔහුට ඇති කළේ පුදුමයකි…
“අසංක...මට දෙයක් අහන්න තියෙනවා…”
“මොකක්ද…”
රාත්‍රි නිදන ඇදේදී සුලෝචනා කතා කළා ය..
“ඔයා ආස නැද්ද අසංක පුංචි දරුවෙක්ගේ හුරතල් බලන්න…”
ටික වෙලාවක් සුලෝගේ මුහුණ දෙස බලා සිටි අසංක ලොකු සුසුමක් හෙළා කීවේ මෙසේය
“ මොකද නැත්තේ සුලෝ….
මං කොච්චර ආසද….
හැමදාම දෙවියන්ගෙන් ඉල්ලුවේ ඒක…”
“මටත් ඕනී දරුවෙක් අසංක….”
“අනේ සුලෝ…..”
අසංක ඈ බදාගෙන වැරෙන් සිප ගත්තේ ය…
ඉතින් ගෙවුණේ අනුරාගි රැයකි….
නිමක් නැති දිගු රෑක අවසානයේ පටන් සුලෝචනා වෙනස්ම අයෙක් වීය…
හැකි තරම් සතුටින් ඔවුහු ජීවත් වූහ…
මසක් ගෙවෙන්නටත් ප්‍රථම සුලෝචනා ගැබ් ගත්තේ ජීවිතයේ උතුම්ම පදවිය ය සුදුසුකම් ලබමිනි….
දින සති ගෙවී ගියේ ය…
එදා බදාදා දිනකි….
අසංක උන්නේ කාර්යය බහුලවය..එත් හිත තිබුණේ නිවසේ ය…
සුලෝ දරු ප්‍රසූතියට ආසන්නව සිටියා ය…
දහවල් එකට පමණ ඔහුට කෝල් එකක් ආවේ ලෙක්චර් එකෙ ඉන්න විට ය…
“ මහත්තයා මම යසෝ…
සුව සෙවණ ට එන්න ඉක්මනට …”
“මොකද යසෝ…”
“අනේ නෝනාට අමාරු වුණා…
කෝල් ගත්තා මහත්තයා ට ආන්ස්වර් කරේ නැති නිසා අපි එක්කගෙන ආවා..”
“කෝ දැන් සුලෝ…”
“තියෙටර් එකේ….”
“හරි මම එන්නම් යසෝ…”
ලෙක්චර් එක කල් දැමූ ඔහු වහාම සුව සෙවණ ට ගියේ ය..
ඒ යනකොටත් සුලෝචනා වාට්ටුවට ගෙනැවිත් තිබුණි…
“එක්ස්කියුමී මිස්…..මට දැනගන්න පුළුවන්ද රූම් නම්බර් තර්ටි කොහෙද කියලා…”
“ආ අර දැන් එක්ක ගිය පේෂ්න්ට්ගේ රූම් එක…
මෙහෙන් යන්න…ඒක නෙවේ මේ එයාගෙ කවුද …”
“මං එයාගේ හස්බන්ඩ්….”
“ඕ….ඔයා ලකී මිස්ටර්….”
“ගිහින් බලන්න…”
“තෑන්ක්ස් මිස්…..”
අසංක යනවිටම දුටුවේ රෝසමල් කැකුළු දෙකක්ම දෙතනට ගුලි කරගෙන සිටි සුලෝය….
“අසංක...මේ...අපිට ප්‍රින්සස්ලා දෙන්නයි…”
ඈ කදුලු පුරවගෙන අසංකට කීය….
“මගේ මැණික...ඔයා හොදින් නේද…”
“ඔව් මහත්තයෝ….”
අසංක ඈවත් කුඩා මල් කැකුළු දෙකක් බදාගත්තේ අප්‍රමාණ සෙනෙහසිනි…
“මගේ දෝණිටයි පුතාටයි මල් කැකුළු දෙකටයි බුදුසරණයි...නේද මල්ලියේ….”
එක්වරම ඇසුන කටහඩ නිසා අසංක හැරී බැලුවෙය…
ලග උන්නේ අසංකගේ පියාත් සුලෝචනාගේ පියාත් මහේෂුත් ය…
“මචං මෙන්න මගෙන් ඔයාලගෙ බබාලට තෑග්ගක් …”
මහේෂ් අසංකගේ උරහිසට තට්ටුවක් දමා කීවේය….
“ අනේ අයියනායක දෙවියනේ ඔබ වහන්සේට පින්…”
අසංක තම පියාවරුන් දෙසත් සිගිත්තියන් දෙසත් බලා කදුළු වැටෙන දෙනෙතින් පැවසීය…..
-නිමි-
ප්‍රාර්ථනා බණ්ඩාර
Good job and I wish your writing life very affectionately.
ReplyDelete❤❤
ReplyDeleteNice work ❤🔥
ReplyDeleteGood job Dinuwo🔥❤
ReplyDeleteneed more
ReplyDeleteSure...thnq ❤🌼
DeleteNice 👍❤
ReplyDelete❤🌼
Deleteඅගෙයි එය 💗💗
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete🌼❤
Delete❤🔥
ReplyDelete❤️❤️
ReplyDelete❤🌼
ReplyDeleteGood luck Sithumi
ReplyDelete❤
Delete